WelCome to DilScoop....!!

www.dilscoop.info the best srilankan online cricket forum....!!!

INQUIRY

ඩිල්-ස්කූප් බ්ලොග් වාර්තාකරණය ගැන ඔබේ අදහස් අපට ලියා එවන්න..dil_scoop@live.com
Showing posts with label srilanka. Show all posts
Showing posts with label srilanka. Show all posts

8/14/2014

පාකිස්ථානු වේගපන්දු බල ඇණියේ පිබිදීම.


අද ඇරඹි පාකිස්තාන - ශ්‍රීලංකා දෙවන සහ අවසාන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ පළමු දිනය නිමාවට පත්වන විට පළමුව පන්දුවට පහර දෙන ශ්‍රීලංකා කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුනු 261ක් ලබා ඉතා අසීරු අඩියක පත්වෙයි.  
කොළඹ එස් එස් සී පිටියේ කාසිය වාසිය දිනා මුලින් පන්දුවට පහරදීමට නායක ඇන්ජෙලෝ මැතිව්ස් තීරණය කලේ වෙනදාටත් වඩා දැඩි තණ තීරුවක් සකස්කර තිබූ නිසා වුවද අංශ කිහිපයකින් සුවිශේශී තරඟයක් වන මෙහි වැඩි වාසි අත්කරගැනීමට අද දින නිදහස් දිනය සමරණ පාකිස්තානය සමත් විය. 
ඒ අන් කිසිවක් නිසා නොව ශ්‍රීලංකා පිලේ පිතිකරුවන් 8 දෙනෙකු දැනටමත් ක්‍රීඩාගාරයට යවා ඇති නිසාවෙනි. මෙහිලා සුවිශේශී කාර්ය භාරයක් ඉටු කළේ පකිස්තානු වේග පන්දුකරණයයි. පිතිකරුවන්ට උචිත තණතීරුවක වුවද මනා සැළස්මකින් යුතුව පන්දුයැවූ පාකිස්තානු වේගපන්දුයවන්නන් සංගක්කාර, මහේල, මැතිව්ස් වැනි සුපිරි පිතිකරුවන් සමගින් ශ්‍රීලංකා පිල දමනය කරනු ලැබුවේ අතීතය සිහිගන්වමිනි. වාහබ් රියාස් සන ජුනයිඩ් කාන් වරෙක සිහිගැන්වූවේ වසිම් අක්‍රම් සහ වකාර් යුනිස් ගේ පන්දු යැවීමයි.. වාහාබ් රියාස්ගේ අධිවේග සහිත කෙටිපන්දු පිතිකරුවන් සම්පූර්ණයෙන්ම පරාජය කලේ එදවස වකාර් යුනිස් පන්දු යැවූ විලසිනි.... 
එදා වකාර් පීඩනය ගෙනෙද්දී වසිම් විකට්ටුව තුලට පන්දු යවා කඩුලු දවාගත්ත මෙන් අද වහාබ් පීඩනය ගෙනෙද්දී ජුනයි පන්දු යැවුවේ වසිම්ගේ අඩිපාර අනුගමනයකරමිනි.. ඒ අනුව දැවීගිය කඩුලු 8න් 7ක්ම ජුනයිඩ් සහ වහාබ් අතර බෙදී යද්දී මේ ව්‍යායාමය පසුපස සිටින්නේ අන් කවරෙක් නොව එදා පිටියේ සිටි වකාර් යුනිස් ය. පාකිස්තාන කණ්ඩායමේ නව පුහුණුකරු දූරයේ නැවත ක්‍රියාක්‍රන වකාර් ඉතාමත් මැනවින් තම අත්දැකීම් බෙදා දෙමින් සාර්ථක ප්‍රතිපල පකිස්තානයට දිනා දෙන්නට සමත් විය.



1/23/2011

ඒකාන්ත ජයග්‍රහණය !

ලෝක කුසලාන තරඟාවලියට කණ්ඩායම් නම් කර හමාරය. දැන් ඇත්තේ කණ්ඩායම් හොඳින් සූදානම් කිරීමයි. කණ්ඩායමට නම් නොකළේ කවුද ඔවුන්ට එසේ වූයේ ඇයි ආදී වශයෙන් වූ කතා දැන් ප්‍රයෝජනයක් නැත. ප්‍රයෝජනයක් ඇති එකම මාර්ගය නම් මෙම කණ්ඩායම යොදා ගෙන ලෝක කුසලාන තරඟාවලියක් ජය ගැනීමට සැලසුම් සකස් කිරීමයි.

මෙවර ක්‍රීඩා කරන කණ්ඩායමේ ක්‍රීඩකයින් ගෙන් ක්‍රීඩකයින් 8 දෙනෙකුම පසුගිය වතාවේ ලෝක කුසලාන අවසන් තරඟයට ක්‍රීඩා කළ ක්‍රීඩකයින්ය. මෙවැනි තත්වයන් මීට පෙර උදාවූයේ 1999 දී නම් වූ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේය. එහිදීද ක්‍රීඩකයින් 8 දෙනෙකු ඊට පෙර අවස්ථාවේ අවසන් තරඟයට ක්‍රීඩා කර තිබිණි. චාමර සිල්වා හැරෙන්නට පසුගිය ලෝක කුසලාන අවසන් තරඟය ක්‍රීඩා කළ මෙවර කණ්ඩායමට න වූ අනෙක් සෑම ක්‍රීඩකයෙකුම නිරන්තරයෙන් එක්දින තරඟවලට එක් වී තිබේ. මේ නිසා කණ්ඩායමේ අත්දැකීම් ගැන අමුතුවෙන් කියන්නට අවශ්‍ය නොවේ

දැන් බොහෝ දෙනා අසන ප්‍රශ්නය අපට ජයග්‍රහණය කරන්නට හැකිද යන්නයි. වර්තමානයේ පවතින තත්වය අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරි පෙළ තරඟකරුවෙකි. එහෙත් අප අමතක නොකළ යුත්තේ මෙය 1996 වනි තරඟාවලියක් නොවන බවයි. ලෝක කුසලානයේදී තණතිලි සැකසෙන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයට අවශ්‍ය පරිදිය. ඒ නිසා අනවශ්‍ය ලෙස දඟ පන්දු යවන්නන් ගැන සිතීමට අවශ්‍ය නැත. එහෙත් ප්‍රශ්නය වන්නේ ඉන්දීය කණ්ඩායම නම් කිරීමේ දී දඟ පන්දු යවන්නන්ට මූලිකත්වය දීමයි. ඉන්දියාව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ බලය අල්ලා ගෙන සිටින නිසා මෙවර තණතිලි දඟ පන්දු යවන්නන්ට වාසිදායක වන ආකාරයෙන් සකස් වීමට බොහෝ දුරට ඉඩ තිබෙන බවට මෙය හොඳම ඉඟියකි. ඒ අනුව අපේ කණ්ඩායමට අවශ්‍ය තරම් අවස්ථාවන් නිර්මාණය වී තිබේ.

කෙසේ වෙතත් අප හොඳින් විමසා බැලිය යුත්තේ ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නන් කොතරම් හොඳ ස්ථානයක සිටිනවාද යන්නයි. පසුගිය අවුරුදු දෙක දෙස බලන විට සුවිශේෂ යමක් දැක ගත නොහැක. කණ්ඩායමේ ප්‍රහාරක දඟ පන්දු යවන්නා වන අජන්ත මෙන්ඩිස් අවසන් වසර දෙකේ දී තරඟ 23 කදී කඬුළු 23 ක් දවා ගෙන ඇතත් පන්දු ඕවරයකට ලකුණු 5 ඉක්මවා ලබා දී ඇති අතර කඬුල්ලක සාමාන්‍යය 40 ඉක්මවයි. ඒ අනුව ඔහු වර්තමානය වනවිට ප්‍රහාරක තත්වයේ නැත. මුරලිද එසේමය. එහෙත් මුරලිගේ වාසියක් වන්නේ ඔහු පසුගිය වසර දෙක ඇතුළත පාකිස්ථානයට සහ ඕස්ට්‍රේලියාවට එරෙහිව ඉතා හොඳින් පන්දු යවා තිබීමයි. මේ නිසා පළමු වටයේ දී මුරලි අතිශය වැදගත් වෙයි. මාලිංග ඉන්දියාව හැරෙන්නට අනෙකුත් කණ්ඩායම් වලට එරෙහිව හොඳ දස්කම් දක්වා තිබේ. නුවන් කුලසේකර සමස්ථයක් ලෙස සෑම කණ්ඩායමකටම එරෙහිව ඉතා හොඳ දස්කම් දක්වා තිබේ. එහෙත් ඉන්දියාව හමුවේ ඔහුගේ දස්කම් පසුපසිනි. එහෙත් තිසර පෙරේරා හොඳින්ම දස්කම් දක්වා ඇත්තේ ඉන්දියාව හමුවේය.

මේ සියල්ලම බලද්දී ශ්‍රී ලංකා පන්දු යවන්නන් තමන් උපරිමයෙන් කරන්නට නියමිත තරඟ ගැන දැනගෙන කටයුතු කළ යුතුය. සාමාන්‍යයෙන් තමන්ගේ පන්දු යැවීමට බියක් දක්වන කණ්ඩායමක් සමඟ ක්‍රීඩා කරන්නට පිටියට බසිද්දීම බොහෝ පන්දු යවන්නන් තරඟයෙන් භාගයක් දිනා හමාරය. මේ නිසා පළමු වටයේ දී මුරලි සහ නුවන් ගේ දස්කම් ඉතා වදගත් වෙයි. ඒ අනුව ඒ කාණ්ඩයේ පළමු ස්ථානය දිනා ගත හැකි නම් වටියි. එවිට වාසියක් සැලසෙයි. එහෙත් මට සිතෙන්නේ 1996 දී මෙන්ම අවසන් පූර්ව තරඟයේ දී ඉන්දියාව හමුවෙන්නට හැකි නම් වැදගත් බවයි. හේතුව වන්නේ වර්තමාන පන්දු යවන්නන් අතර ඉන්දියාව මට්ටු කරන්නට හැක්කේ තිසරට පමණක් වීමයි. යම් හෙයකින් අදාල දිනයේ දී තිසර ද අසාර්ථක වුවහොත් තරඟය ගිලිහෙන්නට ඇති ඉඩ වැඩිය. මේ නිසා අර්ධ අවසන් පූර්ව වටයේ දී කොදෙව් පිළ හෝ දකුණු අප්‍රිකාව මුණ ගැසෙන්නට අප උත්සාහ කළ යුතුය. දකුණු අප්‍රිකාව මුණ ගැසෙන්නේ නම් අවසන් පූර්ව තරඟ දක්වා යන්නට අපට හැකිය. එසේ නොවුනහොත් තත්ත්වය තරමක් අසීරුය. විශේෂයෙන් එංගලන්තය හෝ ඉන්දියාව වනි කණ්ඩායමක් හමුවුවහොත් ඔවුන් සිටින මානසික මට්ටම අනුව අපට දඩි තරඟයකට මුහුණ දීමට සිදුවනු ඇත.

මේ හේතුව නිසා ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඉතා ඉක්මනින් උපරිමයකට පැමිණීම අවශ්‍යය. විශේෂයෙන් මුරලි සහ මෙන්ඩිස්ය. ලසිත් තමන්ගේ රිද්මය රැක ගත යුතුය. මෙය ඉතාම අසීරු කාර්යයකි. ඔහු පසුගිය කාලයේ පන්දු යැවූ ආකාරය අනුව ඔහුගෙන් කිසියම් හෝ මොහොතක රිද්මය ගිලිහෙන්නට ඉඩ තිබේ. එසේ වුවහොත් අනෙකුත් ක්‍රීඩකයන්ට දැඩි වගකීමක් තිබේ. එහෙත් අපේ ප්‍රාර්ථනය නම් ලසිත් උපරිම රිද්මයේ තවත් මාස දෙකක් සිටිනු දැකීමයි. එවිට අනෙක් කණ්ඩායම් වල පිතිකරුවන් ගේ සිත් තුළ චකිතයක් ඇති කිරීම පහසුය.

බැලූ බැලිමට තත්ත්වය එතරම් යහපත් නැත. අවශ්‍ය වන්නේ තමන්ට උපරිමය දිය හැකි අවස්ථාවේ එය ලබා දීමයි. එහෙත් අනෙක් කණ්ඩායම් කිසිවක් සුළුවෙන් තකන්නට නම් නොහැක.

-කාංචන දසනායක-

උපුටා ගැනීම :- 2011/01/23 ඉරිදා ලංකාදීප

1/22/2011

මාලිංග ටෙස්ට් පිටියෙන් සමුගනී

ඊයේ දිනයේදී මුත්තයියා මුරලිදරන්, ලෝක කුසලාන තරඟාවලියෙන් අනතුරුව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමේ නිවේදනය පළකල අතර, ශ්‍රී ලාංකේය ක්‍රිකට ලෝලීන් වෙතින් ඒ ශෝකය තුරන් වීමටත් මත්තෙන් තවත් එවැනිම දුක්බර පුවතක් අසන්නට ලැබේ. ඒ ලසිත් මාලිංග ටෙස්ට් පිටියෙන් සමුගැනීමට තීරණය කිරීමයි.

සිය දණ හිසේ කලක පටන් පවතින ආබාධ තත්වය මේ තීරණය ගැනීමට හේතු වූ බවයි 27 හැවිරිදි මාලිංග පවසන්නේ. ඔහුගේ අසම්මත පන්දු යැවීමේ ඉරියව්ව නිසා බොහෝ විට මේ ආබාධ තත්වය ඇතිවූයේ යැයි නිගමනයකට එළඹිය හැක. කෙසේ වුවත් තමන් තවදුරටත් පන්දුවාර 50 හා T20 ජාත්‍යන්තර තරඟ සඳහා සහභාගී වනබව හෙතෙම ප්‍රකාශ කළේය.

2004 වසරේ ජූලි 1 වනදා ඕස්ට්‍රේලියාව සමඟ, ඩ'ර්වින් හිදී පැවති තරඟයේදී ටෙස්ට් වරම් දිනූ මාලිංග, මේ වනවිට ශ්‍රී ලංකාව වෙනුවෙන් තෙවැනියට වැඩිම කඩුළු ගණනක් දවාගෙන ඇති ක්‍රීඩකයාය. ඒ තරඟ 30 කදී කඩුළු 101 ක් දවා ගනිමින්. එහිදී, ඔහුගේ හොඳම පන්දු යැවීම ලෙස වාර්තාවනුයේ පසුගිය ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ දී ලකුණු 50 කට කඩුළු 5 ක් දවා ගැනීමයි.

වර්තමානයේ ශ්‍රී ලංකාවේ සිටින වේගවත්ම පන්දු යවන්නා වන මාලිංගගේ සමුගැනීමත් සමඟ ශ්‍රී ලංකා ටෙස්ට් පන්දු යැවීමේ බළෑණිය තව දුරටත් දුර්වල වෙයි. ශ්‍රී ලංකාව ඉතා හොඳ දඟ පන්දු යවන්නන්ගෙන් සමන්විත වුවද, හොඳ වේග පන්දු යවන්නන්ගේ අඩුවක් පවතී. ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව වැනි රටවලදී ටෙස්ට් තරඟාවලි ජය ගැනීම සඳහා තීරණාත්මක සාධකය වනුයේ වේග පන්දු යවන්නන්ය.

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ තරඟ කාලසටහන අනුව මේ වසරේ අග ශ්‍රී ලංකාව දකුණු අප්‍රිකාවේ සංචාරයක් යෙදීමට නියමිතය. එහිදී වේග පන්දුයවන්නට විශාල කාරයයභාරයක් පැවරෙනු ඇත. එහිදී මාලිංගගේ අඩුව පුරවන්නේ දිල්හාර ප්‍රනාන්දු, තිලාන් තුෂාර හා වෙළගෙදර වැනි අත්දැකීම් බහුල නමුත් දවසේ රිද්මය අනුව දක්ෂතා පෙන්වන ක්‍රීඩකයෙක් ද සුරංග ලක්මාල්, දම්මික ප්‍රසාද්, නුවන් ප්‍රදීප් හා ශමින්ද එරංග වැනි අත්දකීම් අඩු, මතු බලාපොරොත්තු තැබිය හැකි ක්‍රීඩකයෙක්ද යන්න සිතා බැලීමට මේ වනවිටත් ප්‍රමාද වැඩිය.


1/20/2011

yfm ක්‍රිකට් තේමා ගීතය.

දැන් ලෝක කුසලාන උණුසුමත් සමඟම හෝ ගාල ක්‍රිකට් සිංදු එනවනේ.. මොරාල් ටික නම් නැගල යනව. ඒත් කොතෙකුත් සිංදු අතර ඇඟට දැනෙන සිංදුවක් තිබුණද කියල බැලුවොත් ඒක ටිකක් හිතන්න ඕන නේ ආව ඔක්කොම වගේ වාණිජ පදනමෙන් වෙලෙඳපොලට ආපුව කිව්වොත් කීප දෙනෙක් හරි මා එක්ක එකඟ වෙයි.. මේ සියල්ල අතරට තරමක් හිතට සහ ඇඟට දැනෙන ගීතයක් මෙන්න ඇවිල්ල තියනව ගීතය කරල තියෙන්නෙ වයි.එෆ්.එම්. ආයතනයෙන්.. අහලම බලල ගුණ දොස් වර්ණනා කරමු බලන්න.

1/14/2011

වයඹ පරදා ඌවට කඩුලු 8ක ජයක්..!


අන්තර් පලාත් සීමිත ඕවර තරඟාවලියේ ඊයේ පැවති තරඟයෙන් කඩුලු 8ක විෂිෂ්ට ජයක් ඌව කණ්ඩායමට හිමි විය. ඒ අනුව ප්‍රසාද ලකුනු සටහනේ පෙරමුණේ පසු වූ වයඹ කණ්ඩායම 3වන ස්ථානය දක්වා පහත වැටුණි.
            කාසියේ වාසිය දිනූ ඌව නායක තිලිණ කණ්ඩම්බිගේ ආරාධනයෙන් පන්දුවට පහරදීමට පැමිණි වයඹ ක්‍රීඩකයින් පන්දුවාර 44.5 කදී සියල්ලන් දැවී රැස්කරගැනීමට හැකි වූයේ ලකුණු 199ක් පමණි.
   පිළිතුරු ඉණිම ක්‍රීඩාකළ ඌව ආරම්භක පිතිකරු යුගලය ඉතා මැනවින් තරඟය තමන් නතු කරගනිමින් පන්දුවට පහර දුන් අතර ඌව සිය ඉලක්කය කඩුලු 2ක් පමණක් දැවී තිබියදී සපුරා ගන්න ලදී.
                විශිෂ්ට පිතිහරඹයක නිරතවූ මහේල උඩවත්ත පන්දු 125 කින් ලකුණු 90ක් ද තරන්ග පරණවිතාන පන්දු 105කින් නොදැවී ලකුනු 88ක් ද රැස්කරමින් දස්කම් පෑහ.


----වයඹ 199/10 (ඕවර 44.5)---
දිමුත් කරුණාරත්න 52(82) |මහේල ජයවර්ධන 28(41)
ශමින්ද එරංග 31/3 | ජනක ගුනරත්න 24/2
----ඌව 200/2 (ඕවර 42.3)---
මහේල උඩවත්ත 90(125) |තරංග පරණවිතාන 88*(105)
රංගන හේරත් 37/2
***කඳුරට සහ බස්නාහිර අතර තරඟය අද කොලඹ එස් එස් සී පිටියේදී පැවැත්වීමට නියමිතයි..

1/11/2011

අන්තර් පලාත් ක්‍රිකට් වසන්තය ඇරඹෙයි....!


ශ්‍රී ලංකා අන්තර් පලාත් ක්‍රිකට් තරඟාවලිය අද කොළඹ SSC පිටියේදී ඇරඹිණි.
  මෙවට පලාත් තරඟාවලියට ගියවර තරඟ නොකල ඌව කණ්ඩායම නැවතත් එක්වීම විශේෂත්වයකි. එමෙන්ම ගියවර බස්නාහිර උතුර සහ දකුණ ලෙස කාණ්ඩ 2කින් තරඟ කල බස්නාහිර මෙවර එක් කණ්ඩායමකට සීමාවී ඇත. තරඟාවලියට සහභාගි වන සෙසු කණ්ඩායම් අතර රුහුණ සහ කඳුරට වෙයි. මෙවර කණ්ඩායම් වලට තරඟවදින ක්‍රීඩකයන්ගේ ද වෙනසක් සිදුවී ඇති අතර නවතම සංයුතියකින් කණ්ඩායම් 5 නිර්මාණය වී තිබේ.....
     තරඟාවලියේ ආරම්භක තරඟයේදී ඩක්වත් ලුවිස් න්‍යාය අනුව බස්නාහිර පැරදවමින් වයඹ පලාත් කණ්ඩායම ලකුනු 47ක ජයක් හිමිකරගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සමත් විය.
  මෙවර බස්නාහිරට නායකත්වය තිලකරත්න ඩිල්ෂාන් දක්වන අතර වයඹ කණ්ඩායම මෙහයවන්නේ මහේල ජයවර්ධන විසිනි. වර්ෂාව හේතුවෙන් තරඟය පන්දුවාර 43කට සීමා විණි.
කාසියේ වාසිය දිනාගත් වයඹ නායක ජයවර්ධනගේ ඇරඹුමෙන් ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි බස්නාහිර කණ්ඩායම සිය පන්දුවාර 43 නිමාවෙද්දී කඩුලු 9කට ලකුනු 217ක් රැස්කිරීමට සමත් විය.
තිලකරත්න ඩිල්ෂාන් 58 , රොශේන් සිල්වා 40* , චමින්ද වාස් 29
වෙලගෙදර 54/3 , සේනානායක 37/3 , හේරත් 38/2 

පිළිතුරු ඉණිම ඇරඹූ වයඹ කණ්ඩායමට මුහුණදීමට හැකිවූයේ පන්දුවාර 29.1 කට පමණි. අයහපත් කාලගුනය නිසා තරඟය නතර කරන විට වයඹ  ලකුනු 166ක් කඩුලු 2ක් පමණක් දැවී රැස්කරගැනීමට සමත් විය
දිනේෂ් චන්දිමාල් 92* , මහේල ජයවර්ධන 55*
චමින්ද වාස් 31/1
කඳුරට සහ රුහුණ අතර තරඟය හෙට එස් එස් සී පිටියේදී පැවැත්වෙයි..

1/07/2011

ලෝක කුසලාන සංචිතය කරලියට | සනා-වාස්-රන්දි ඉවතට


1. කුමාර් සංගක්කර ( නායක )
2. මහේල ජයවර්ධන ( උප නායකා
3. උපුල් තරංග
4. තිලකරත්න ඩිල්ෂාන්
5. තිලාන් සමරවීර
6. චාමර සිල්වා
7. චාමර කපුගෙදර

8. ඇන්ජෙලො මැතිව්ස්
9. තිසර පෙරේරා
10. නුවන් කුලසේකර
11. ලසිත් මාලිංග
12. දිල්හාර ප්‍රනාන්දු
13. මුත්තයියා මුරලිදරන්
14. අජන්ත මෙන්ඩිස්
15. රංගන හේරත්


තේරීම් කමිටු සභාපති අරවින්ද ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවති මාධ්‍ය හමුවකදී මෙම සංචිතය එළි දක්වන ලදී..
ලෝක කුසලාන බලාපොරොත්තුවෙන් පසු වූ සනත් ජයසූරිය සහ චමින්ද වාස් මෙන්ම මෑත කාලීනව දස්කම් දැක්වූ නවක ක්‍රීඩක සුරාජ් රන්දිව් ද සංචිතයෙන් ඉවත් කර ඇති අතර වමත් දඟ පන්දු යවන රංගන හේරත් කැඳවා ඇත.

කෙසේ වෙතත් දැන් සංචිතය නම්කර හමාරය. ලෝක කුසලානයට ඇත්තේ තව දින 42ක් වැනි ඉතා කෙටි කාලයකි.. සියලු ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු ඉටුවන ලෝක කුසලානය හඹා යන මෙම කණ්ඩායමට අපගේ උණුසුම් සුභපැතුම් එක්කරමු..!!
සිංහයන්ට ජය...!!!!

1/01/2011

අතිරේක එක්‌දින ක්‍රිකට්‌ තරගාවලිය ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ප්‍රතික්‍ෂේප කරති

ලෝක කුසලාන ක්‍රිකට්‌ තරගාවලියට පෙර ශ්‍රී ලංකා කණ්‌ඩායමට අතිරේක එක්‌දින තරගාවලියක්‌ ලබා ගැනීම සම්බන්ධව කටයුතු කිරීමට යෝජිත වුවද ඒ සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කණ්‌ඩායමේ ක්‍රීඩකයන් අකමැත්ත ප්‍රකාශ කර ඇත.

මේ දිනවල පැවැත්වෙන අන්තර් ක්‍රීඩා සමාජ පළමු පෙළ ක්‍රිකට්‌ තරගාවලිය සහ එළැඹෙන අන්තර් පළාත් තරගාවලිය හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් යෝජිත වූ අතිරේක එක්‌දින තරගාවලිය අනවශ්‍ය බව ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයට දැන්වූ බව එහි ලේකම් නිශාන්ත රණතුංග පැවසීය.



වැඩිදුර කියවන්න
උපුටා ගැනීම - දිවයින


12/26/2010

අලුත් වසරට අලුත් පැතුමක් !

ලෝක කුසලාන තරඟාවලිය ගැන බලාපොරොත්තු ඇතිකරමින් 2010 ගෙවී යයි. මේ ගෙවීයන වසර තුළදී ශ්‍රී ලංකාව පැත්තෙන් කතාකරන්නට ඇති එකම සිදුවීම නම් ඕස්ට්‍රේලියාව පරදා එක්දින තරඟාවලියක් ජයග්‍රහනය කිරීමයි. ඒ හැරෙන්නට ගෙවීයන වසරට ශ්‍රී ලංකාවට ලැබුනේ ටෙස්ට් තරඟාවලි 2ක් පමණි. එහිදී ඉන්දියාවට එරෙහිව පැවති තරඟාවලිය ජයගැනීමට අවශ්‍යය තරම් අවස්ථාව තිබියදී අපි එය නැතිකර ගත්තෙමු. එයින් පසුව මෙම තරඟාවලිය ජය ගත්තේනම් ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල ඉහළට පැමිණ අපට වසර නිමා කරන්නට අවස්ථාව තිබිණි.

ටෙස්ට් තරඟවල සාර්ථකම පිතිකරුවා කුමාර් සංගක්කාරයි. තරඟ 6 කදී ලකුණු 695 ක් ලබා ඔහු වසර අවසන් කළේය. ලැබුණු ටෙස්ට් තරඟ ප්‍රමාණයට සාපේක්ෂව එය හොඳ ලකුණු ප්‍රමාණයකි. වඩාත් වටිනා කාරණය වන්නේ තරංග පරණවිතාන ආරම්භක පිතිකරුවෙකු ලෙස සිය සාර්ථකත්වය පවත්වා ගෙන යාමයි. මුරලි තමන්ගේ ටෙස්ට් ජීවිතය අවසන් කළේ මෙම වසරේදීය. එහෙත් වසර නිමවනතුරු ඔහුගේ අනුප්‍රාප්තිකයන් වන මෙන්ඩිස් හෝ රන්දීව් දැනෙන යමක් නොකළහ. රන්දීව් ඉතා හොඳ ආරම්භයක් ගත්තද ස්ථාවර වී නැත.

එක්දින තරඟාවලි 2ක් ජයගැනීමට ශ්‍රී ලංකාවට හැකි වුවද, වඩාත් වටින්නේ ඕස්ට්‍රේලියාවේදී ලද ජයග්‍රහණයයි. මේ වසරේදී ලකුණු දහස පසු කරන්නට තිලකරත්න ඩිල්ෂාන්ට හොඳ අවස්ථාවක් තිබුණද වැස්ස හරස්වී එම අවස්ථාව ඔහුගෙන් උදුරා ගත්තේය. ලකුණු දහස සම්පූර්ණ කරන්නට හැකිවූයේ නම්, ලෝක කුසලානයට යද්දී අනෙක් කණ්ඩායම් ඩිල්ෂාන් සම්බන්ධයෙන් ඇති බිය තවත් වැඩිවනබව පැහැදිලිය. කෙසේ වෙතත් පසුගිය වසරේ පැවති තරඟ වලදී කැපී පෙනෙන දායකත්වය ලැබෙන්නේ ඇන්ජලෝ මැතිව්ස් ගෙනි. තරුණයකු ලෙස ඔහු දැක්වූ දායකත්වය සුවිශේෂය. 48.50 ක් ලෙස තමන්ගේ ඉනිමක සාමාන්‍යය පවත්වාගෙන යෑමට ඇන්ජලෝ සමත්විය. මේ හැකියාව පෙන්වීම නිසාම ලෝකයේ හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස පිළිගැනීමට ලක්වීමට ඇන්ජලෝට හැකිවී තිබේ. ඔහු ඕස්ට්‍රේලියාවේදී දැක්වූ දස්කම් පරිණත ක්‍රීඩකයෙකු ඉතා ඉක්මනින් බිහිවන බවට සාක්ෂි සපයයි.

ඇන්ජලෝ මැතිව්ස් සමඟ තවත් තුන් ඉරියව් ක්‍රීඩකයෙකුගේ බිහිවීම අපට ගෙවීයන වසරේ දකින්නට ලැබුණි. ඒ තිසර පෙරේරා ජාත්‍යන්තර පිටියට පිවිසීමයි. බොහෝ දෙනෙකු විශ්වාස නොකළද ගෙවීයන වසරේ පන්දු යවන්නෙකු ලෙස වැඩිම කඩුලු දවාගෙන ඇත්තේ තිසරය. ඔහු දවාගෙන ඇති කඩුලු ගණන 22 කි. මාලිංග හා කුලසේකර කඩුලු 18 බැගින් දවාගෙන තිබේ. ශ්‍රී ලංකා කණ්ඩායමේ සාර්ථකත්වයට පන්දු යවන්නන්ගෙන් ලබුණු සහයෝගය වැදගත්ය. රන්දීව් හොඳම දඟ පන්දු යවන්නා ලෙස කඩුලු 17ක් දවාගෙන ඇතත්, ඔහු ඒ වෙනුවෙන් ප්‍රතිවාදීන්ට ලබාදී ඇති ලකුණු ප්‍රමාණය වැඩිය. මේ නිසා ඔහු වඩාත් කල්පනාකාරී විය යුතුය.

සමස්ථයක් ලෙස ගෙවීයන්නේ එක් සුන්දර මතකයක් පමණක් ඉතිරිකළ වසරකි. මෙහිදී ඩිල්ෂාන් දඹුල්ලේදී ඉන්දියාවට එරෙහිව ලැබූ ශතකය මතකයට නැගෙයි. එසේම මැතිව්ස් හා මාලිංග බ්‍රිස්බේන්හිදී දියත්කළ සම්බන්ධතාවය සිහියට නැගෙයි. ඉන්දියාවට එරෙහිව එස්. එස්. සී. ටෙස්ට් තරඟයේ පළමු ඉනිමේ ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ පහරදීම තවත් සුවිශේෂී මතකයකි.



මේ සියල්ලටම වඩා අමතක නොවන සිදුවීම 800 වනි ටෙස්ට් කඩුල්ල සම්පූර්ණ කිරීම වෙනුවෙන් මුරලි ගාල්ලේදී ඕජා දවාගත් අවස්ථාවයි. අවසන් කඩුල්ල මුරලිට ලබා දීමට ශ්‍රී ලංකාවේ පන්දු යවන්නන් , පන්දු රකින්නන් දැරූ උත්සාහය අපූරුය. මුරලිගේ සංයමය බිඳෙද්දී ඔහුව කණ්ඩායමේ සඟයන් දිරිමත් කළ ආකාරය සුන්දරය. අවසානයේ මුරලිගේ මුහුනේ ඇඳුණු සිනහව සදාකාලික මතකයකි. 2010 ගෙවෙන්නේ එසේය. එහෙත් ක්‍රීඩකයන් කොතරම් දස්කම් දැක්වූවත් ක්‍රිකට් පාලකයන් නම් අර්බුද රැසකට මුහුණදුන් වසරක් ලෙස මේ වසර ගෙවීයයි. ඔවුන් යමක් කළා යැයි අපට සලකන්නට හැකි වෙන්නේ ජනවාරි දෙවැනි සතිය නිම වෙද්දී ලෝක කුසලානය වෙනුවෙන් සකස්වන පිටි සකසා නිමා වුවහොත් පමණි. නැතහොත් ලබන වසර ඇරඹෙද්දීම ශ්‍රී ලංකාව පරාජයට පත්වනු ඇත.

උපුටා ගැනීම - ඉරිදා ලංකාදීපය 2010 - 12 - 26

11/03/2010

අපි සිංහ වංශයේ.. ඔබ..?

ශ්‍රී ලංකා - ඕස්ට්‍රේලියා ප්‍රථම එක්දින තරඟය මෙල්බෝර්න් හිදී මීට සුලු වේලාවකට පෙර අවසන් වූයේ ශ්‍රී ලංකාවට අරුම පුදුම තියුනු ජයක් අත්කර දෙමිනි....


කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් කැන්ගරු ඉනිම සුනු විසුනු කරන්නට තිසර පෙරේරා ප්‍රමුඛ සිංහ පන්දු බල ඇණිය සමත් විණි....
කෙසේ හෝ මයික් හසී ගේ දක්ෂ පිතිකරණය (71* ) නිසා කැන්ගරු ඉනිම පන්දුවාර 50 අවසනදී දිස් වූයේ කඩුලු 8කට ලකුණු 239ක් ලෙසිනි..

240ක පහසු ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ඩිල්ෂාන් - තරන්ග ආරම්භක යුගලයම වේලාසනම ක්‍රීඩාගාරයට යැවීමට කැන්ගරුවන් සමත් විය. කෙසේ නමුත් 3 වන කඩුල්ලට තරමක සබඳතාවක් ගොඩනැගීමට සංගා(49)- මහේල(19) සමත් වූවත්, මහේලහේ දැවීයාමෙන් ඇද වටුනු ශ්‍රීලංකා ඉනිම නැවතුනේ ලකුනු 107 කට කඩුලු 8ක් වශයෙනි.
9 වෙනි කඩුල්ලට එක්වූ ඇන්ජෙලෝ මැතිව්ස්(77*) සහ ලසිත් මාලිංග(56) ශ්‍රී ලංකා ඉණිමට සවියක් වූයේ දුටු ගැමුණු රජතුමාගේ යෝධයින් දෙදෙනෙකු ලෙසිනි... වාර්තාගත ලකුනු 133ක්  9 වන කඩුල්ලට රැස් කිරීමට මේ දෙදෙනා සමත් විය... අවසන් මොහොතේ ලසිත් දුවද්දී දැවී ගිය හෙයින්, පිටියට වන් මුරලි කැන්ගරු නායක ක්ලාක්ගේ පන්දුවකට  4 පහරක් එල්ල කොට 44 වන පන්දුවාරයේදී ලංකාවට ජය ගෙනදීමට සමත් විය.

කාලාන්තරයකට මතකයෙන් තුරන් නොවන තරඟයක් වූ මෙයට මෙල්බෝන් හි වෙසෙන දහස් ගනන් ලාංකිකයන් දැක්වූ සහයෝගය ද අගය කොට සළකමු....!

සිංහයෝ 1-0ක් ලෙසතරඟාවලියේ පෙරමුණ ගෙන සිටී.....
ජය ජය ශ්‍රී ලංකා....!!!!!

10/31/2010

ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්..!


කැන්ගරුවන් පරදා කඩුළු 7කින් සිංහයන් ජය ගනී.....!!
තුන් ඉරියව් දස්කම් පෑ සිංහයන්ට අපෙන් සුභ පැතුම්..!
ජය ජය ශ්‍රීලංකා...!!

9/23/2010

උදානගෙන් පශ්චාත් විස්කම්..!!

දකුනු අප්‍රිකාවේ පැවැත්වෙන චැම්පියන්ස් ලීග් විස්සයි විස්ස තරඟාවලියේ දිගින් දිගටම අසාර්ථකත්වයට පත්වූ වයඹ කණ්ඩායම ඊයේ(22) තමන් සහභාගී වූ අවසාන තරඟයේදී සුවිශේෂී දස්කම් පාන්නට සමත් කම් දැක්වූවා.

නවසීලන්ත සෙන්ට්‍රල් දිස්ත්‍රික් කණ්ඩායම සමඟ පැවති තරඟයේදී කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් වයඹ නියමිත පන්දුවාර 20 අවසනදී කඩුළු 6කට ලකුනු 144ක් ලබා ගත්තා. පිත්තෙන් කැපීපෙනෙන දස්කම් වාර්තා නොවූ වත්, පන්දුව අතට ගත් වයඹ පන්දුයවන්නන් සහ පන්දු රකින්නන් ප්‍රතිවාදීන් අන්ත අසරණ පරාජයක ගිල්වීමට සමත් විය.


මුල්ම බිඳලීම අජන්ත මෙන්ඩිස් විසින් තරඟයේ 2වන පන්දුවාරයේදී සිදුකරද්දී අනතුරුව කැපී පෙනෙන පන්දුවාරයක් දියත් කල ඉසුරු උදාන කඩුළු ත්‍රිත්වයක් ලබාගැනීමට සමත් විය. මුල් කඩුළු 2 කඩුළු රකින්නගේ ආධාරයෙන් බිඳලූ උදාන, හැට්‍රික් කඩුල්ල ලෙස ජෝර්ජ් වෝකර් කෙලින්ම කඩුල්ලේ පන්දුව දවටා පිටියෙන් ඉවත් කිරීමට සමත් විය.

එමන්ම අජන්ත මෙන්ඩිස් සහ රංගන හේරත් ඉතාමත් මැනවින් පන්දු යවමින් සෙන්ට්‍රල් දිස්ත්‍රික් කණ්ඩායම ලකුණු 75කට සීමා කරමින් තරඟයේ ජයග්‍රහණය තමන් නතු කරගැනීමට සමත් විය. මෙහිදී පන්දු රැකීමද ඉතාමත් විශිෂ්ට මට්ටමක පැවතිණි. විශේෂයෙන්ම මුබාරක් රැකගත් උඩපන්දුව අති විශිෂ්ට අග්‍රගණ්‍ය උඩපන්දුවක් ලෙස ජාත්‍යන්තර විචාරකයන්ගේ පැසසුමට පාත්‍ර විය.


වයඹ එකදිගට ලැබූ පරජයන්ගෙන් හෙම්බත්ව සිටි ක්‍රීඩා ලෝලීන්ට නම් මෙය අතිශය ප්‍රබෝධයක් එක් කළ තරඟයක් වුවද බොහෝ දෙනා පැවසූයේ.. "වයඹ ඔබ මෙවරත් පරක්කුයි.." යන්නයි..!

මීලඟ චැම්පියන්ස් තරඟයේදී ශ්‍රීලංකාව නියෝජනය කරන කණ්ඩායමක ජයග්‍රහණය අපේක්ෂාවෙන් අපි ඔවුන්ට සුබ පතමු...
සිංහයන්ට ජය..!!

8/27/2010

ගහෙන් වැටුණ මිනිහට ගොනා ඇනීමේ ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ක්‍රමවේදය



රූඩි කර්ස්‌ටන් විසින් සංගක්‌කාරගේ දැවී ගිය ක්‍රීඩකයකු යෑයි දැනුම් දුන් තරගයේදී තරගයෙන් අනතුරුව තම කණගාටුව පළ කිරීමට කර්ස්‌ටන් විනිසුරුවරයා සංගක්‌කාර මුණ ගැසුණු අවස්‌ථාව.

---------------------------------------------------------------
ඉදිරි වසරේ පැවැත්වීමට නියමිත ලෝක කුසලාන ක්‍රිකට්‌ තරගාවලියට පෙර සූදානමක්‌ වශයෙන් සංවිධානය කෙරුණු ශ්‍රී ලංකා - නවසීලන්ත - ඉන්දියා තුන්කොන් තරගාවලියේ අවසානය සනිටුහන් කරනු ලබන අවසන් මහ තරගය හෙවත් මයික්‍රොමැක්‌ස්‌ කුසලානයේ හිමිකරුවන් තේරීම හෙට (28 වැනිදා) රංගිරි දඹුලු අන්තර්ජාතික ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා තරග වැදීමට සත්කාරක ශ්‍රී ලංකා කණ්‌ඩායමත් අසල්වැසි ඉන්දීය කණ්‌ඩායමත් සුදුසුකම් ලබා සිටියි.

මෙවර තරගාවලිය යටතේ නවසීලන්තයට සහ ඉන්දියාවට ජයග්‍රහණ වාර්තා කරමින් ශ්‍රී ලංකාව අදාළ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගත් අතර ශ්‍රී ලංකාවට සහ නවසීලන්තයට එරෙහිව තරග ජයග්‍රහණ වාර්තා කරමින් ඉන්දීය කණ්‌ඩායම අදාළ අවසන් මහ තරග අවස්‌ථාව උදා කර ගත්තේය.

පසුගිය මස 10 වැනිදායින් ඇරඹි අදාළ තුන්කොන් තරගාවලියේදී ශ්‍රී ලංකාවේ මීට පෙර පැවැති තරගාවලිවලට වඩා තරමක්‌ වෙනස්‌ අන්දමින් ක්‍රියාත්මක වීම සුවිශේෂී විය. එහිදී තරගයක්‌ පැවැත්වීමෙන් අනතුරුව දිනයක්‌ අතිරේක දිනයක්‌ වශයෙනුත් අනෙක්‌ දිනය විවේක දිනය වශයෙන් සෑම තරගයක්‌ අවසනදීම ලබාදීම අදාළ සුවිශේෂීතාව වේ.

එයත් සමගම එක්‌ ක්‍රීඩාංගණයක්‌ සියලුම තරග පැවැත්වීම ඇතුලු තවත් විශේෂ සිදුවීම් රැසක්‌ වාර්තා වූ අදාළ තරගාවලියේදී සුරාඡ් රන්දීව් විසින් නිපන්දුවක්‌ යෑව්වේ යෑයි කියන සිදුවීමද මෙම තරගාවලියේදී සුවිශේෂී ගොන්නට එකතු වන තවත් කරුණක්‌ විය.

ඉන්දීය කණ්‌ඩායමේ ජයග්‍රහණයට මෙන්ම ඉන්දීය පිතිකරු විරේන්ද්‍ර සෙවැග්ගේ ශතකයට එක්‌ ලකුණක්‌ තිබියදී සෙවැග්ට ශතකය අහිමි කිරීම වෙනුවෙන් රන්දීව් හිතාමතාම නිපන්දුවක්‌ යවන ලද්දේ යෑයි රන්දීව්ට සහ ශ්‍රී ලංකා කණ්‌ඩායමට චෝදනා ගොනු විය.

ලෝකයේ ක්‍රිකට්‌ ක්‍රZSඩා කරනු ලබන කණ්‌ඩායම් අතුරින් විනීතම කණ්‌ඩායමට හිමි සම්මානය දෙවරක්‌ දිනා සිටින ශ්‍රී ලංකා කණ්‌ඩායමට මෙම සිදුවීම විශාල අතුල් පහරක්‌ වී යෑයි ශ්‍රී ලංකා ක්‍රිකට්‌ පාලනාධිකාරියේ මතය විය.

එහිදී ප්‍රථමයෙන්ම රන්දීව්ට සහ ශ්‍රී ලංකා කණ්‌ඩායමට එරෙහිව කඳවුරු බැඳීමට ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය පෙළැඹීම කැපී පෙනෙන සිදුවීමක්‌ විය. තම පාලනය යටතේ ක්‍රීඩා කරනු ලබන ශ්‍රී ලංකා කණ්‌ඩායමේ ක්‍රීඩකයන් විසින් කරන ලදැයි කියන අදාළ අකටයුත්ත සම්බන්ධයෙන් හදිසි රැස්‌වීමක්‌ කැඳවමින් රැස්‌වූ අතුරු කමිටු සාමාජිකයන් අදාළ වරදට වරදකරු වූ සහ එයට උල් පන්දුම් දුන් අයට දඬුවම් මෙන්ම කණ්‌ඩායමේ නායකයාටද තරයේ අවවාද කිරීමට පෙළැඹිණ.

එහෙත් මෙහිදී සැලකිල්ලට ගත යුතු ප්‍රධානම කරුණ වන්නේ රන්දීව් විසින් එය හිතාමතාම කළේද නැතහොත් අත්වැරදීමකින් සිදුවූයේද යන්න වැඩිදුරටත් සලකා බැලීම වෙයි. රන්දීව් එසේ කළේ නම් එය වැරදි ක්‍රියාවක්‌ වන නමුත් ඔහු කර ඇත්තේ ක්‍රිකට්‌ ක්‍රීඩාවට අදාළ නීති කැඩීමක්‌ හෝ වෙනයම් අකටයුත්තක්‌ නොවන බව තරයේ මතක තබා ගත යුතු කරුණක්‌ වේ.

එහිදී රන්දීව් කර ඇත්තේ නිපන්දුවක්‌ යෑවීම පමණි. එවැනි දෙයක්‌ ක්‍රිකට්‌ නීති පොතට අනුව දඩ ගැසීමක්‌ හෝ තරග තහනමකට කිසි සේතම ඔබින සිදුවීමක්‌ නොවිණ. එසේ සිදුවූයේ නම් එය තරග තීරක ලෙස කටයුතු කරන පුද්ගලයා වන ඇලන් හර්ස්‌ට්‌ගේ වගකීමක්‌ වේ. එහෙත් රන්දීව් විසින් කළ එම සිදුවීම පිළිබඳව තරග තීරකවරයා කිසිවක්‌ නොකීවේය. මන්ද යත් රන්දීව් විසින් කර ඇත්තේ සාමාන්‍ය පරිදි නිපන්දුවක්‌ යෑවීම නිසාවෙනි.

කරුණු කාරණා එසේ වුවද සුරාඡ් රන්දීව්ට එක්‌ තරගයක තහනමක්‌ද සමගින් එම තරගයේ සම්පූර්ණ තරග ගාස්‌තුවද, අදාළ නිපන්දුව යෑවීම සම්බන්ධයෙන් උල් පන්දම් දුන්නේ යෑයි කියන ටී. එම්. ඩිල්ෂාන්ට එම තරගයේ සම්පූර්ණ තරග ගාස්‌තුවද සහ මින් ඉදිරියට එවැනි කටයුත්තක්‌ තම නායකත්වය යටතේ සිදුනොවිය යුතු යෑයි ශ්‍රී ලංකා නායක කුමාර් සංගක්‌කාරටත් අවවාද කිරීමක්‌ද සිදුවිය.

මෙම ලිපිය සටහන් තැබීමේ අරමුණ වනුයේ රන්දීව් සුදනකු කරවීමවත්, එම සිදුවීම නැවතත් උකහා දැක්‌වවීමවත්, නොව මෙම සිදුවීම හරහාම එම තරගාවලිය යටතේ සිදුවූ තවත් අපූරු සිදුවීමක්‌ පිළිබඳවය.

මෙම සිදුවීමේ කතා නායකයා මෙන්ම එම අකරතැබ්බට මුහුණ දීමට සිදුවූයේද ශ්‍රී ලංකා කණ්‌ඩායමේ නායක කුමාර් සංගක්‌කාරටය.

රන්දීව්ගේ සිදුවීමෙන් අවවාද ලැබීමෙන් දින කිහිපයක්‌ ගෙවී යැමටත් පෙර මෙම හෙණ ගෙඩිය ශ්‍රී ලංකා නායකයාගේ හිස මතට කඩාගෙන වැටුණේ නවසීලන්තය සමග ඉකුත් 20 වැනිදා පැවැති තරගය ක්‍රීඩා කිරීමෙන් අනතුරුවය.

රන්දීව්ගේ සිදුවීමේදී ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයට හරහට හිටියා සේම මෙම සිදුවීමේදී සංගක්‌කාරගේ හරහට සිටියේ මෙම තරගාවලිය විනිශ්චය කිරීමට ශ්‍රී ලංකාවෙන් යොදවා ඇති විනිසුරුවන් තිදෙනාය.

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර වර්ෂාව හේතුවෙන් පසුගියදා අත්හැර දැමුණු තරගයේදී පන්දු යවමින් සිටි නේදන් මැකලම්ට අවහිර වන අයුරින්(ඇඟේ හැප්පීමෙන්) සංගක්‌කාර තණතීරුවේදී ලකුණු කරා දිව යැම මත ඔහු(මැකලම්) විසින් විනිසුරුවන්ට පැමිණිලි කර තිබුණි.

මැකලම්ගේ පැමිණිලි කිරීම මත තරගයෙන් අනතුරුව තරග තීරකවරයාට හට වාර්තාවක්‌ ලබාදීමට එම තරගයේ විනිසුරුවන් ලෙස කටයුතු කළ විනිසුරුවන් කටයුතු කළහ. එම විනිසුරුවන් අතර ශ්‍රී ලංකාවේ තිදෙනකු පසුවූ අතර, රැන්මෝ මාටිනස්‌, ටී. එච්. කේ. විඡේවර්ධන, සහ කුමාර් ධර්මසේන එම තිදෙනා විය.

රන්දීව්ගේ සිදුවීමෙන් පසු අවවාද ලැබ සිටින සංගක්‌කාරට මෙම හෙණ ගෙඩිය පාත් වූයේ ගහෙන් වැටුණ මිනිහට ගොනා ඇන්නා වගේ යන පිරුළ මොනවට විදහා දක්‌වමින්. රන්දීව්ගේ සිදුවීමෙන් පසු තරමක පහත් මානසික මට්‌ටමක පසුවූ ශ්‍රී ලංකා නායකයාට එල්ල වී තිබෙන මෙම චෝදනාවද තරගයක ලැබෙන මුදලින් කොටසක්‌ දඩ වශයෙන් වීමට තරමට ප්‍රමාණවත් සිදුවීමක්‌ වීම සහ පිට පිටම වූ එක හා සමාන සිදුවීම් මගින් තමාගේ නමටද කැළලක්‌ එක්‌වනු ලබන බව සංගක්‌කාරට වැටෙහෙන්නට ඇත.

එහෙත් ඒ පිළිබඳ පරීක්‍ෂණ පැවැත්වූ තරග තීරක ඇලන් හර්ස්‌ට්‌ මහතා එම සිදුවීම පිළිබඳව රූපවාහිනී පුනරූපණ නැරඹීමෙන් පසු නිගමනයකට එළැඹුණේය. එහිදී ඔහුගේ තීරණය වූයේ මෙම සිදුවීම තුළ සංගක්‌කාරගේ කිසිදු වැරැද්දක්‌ නොමැති බවයි.

හර්ස්‌ට්‌ගේ නිගමනය අනුව සංගක්‌කාර නිවැරැදි කරු විය. ඉන් පැය කිහිපයකින් අනතුරුව පවත්වන ලද පුවත්පත් සාකච්ඡාවකදී මාධ්‍යවේදියකුගේ පැනයකට සංගක්‌කාර ඒ පිළිබඳව පිළිතුරක්‌ ලබා දුණි. තරගයකට පෙර මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වීම සාමාන්‍ය සිරිතක්‌ වන අතර, එහිදී මාධ්‍යවේදීන් අසනු ලබන සෑම ප්‍රශ්නයකටම කණ්‌ඩායම් නායකයා පිළිතුරු දිය යුතු වෙයි.

එම මාධ්‍ය හමුවේදීද නවසීලන්ත සමග තරගයේදී තමාට මුහුණදීමට සිදුවූ සිදුවීම පිළිබඳ පැනයක්‌ නැගෙන්නට ඇත. එයට පිළිතුරු අනිවාර්යයෙන්ම සංගක්‌කාර දිය යුතුද විය.

එහිදී සංගක්‌කාර පවසා ඇත්තේ මේ සිදුවීම පිළිබඳව විනිසුරුවන් කටයුතු කර ඇත්තේ සිදුවීමේ එක්‌ පැත්තක්‌ පමණක්‌ අරගෙන බවයි.

සංගක්‌කාර විසින් ලබා දුන් එම ප්‍රකාශයේ කිසිදු වැරැද්දක්‌ නොමැත. එයින් ගම්‍ය වන්නේ අසන ලද පැනයකට ඔහුගේ අදහස ඉදිරිපත් වීමය.

නමුත් දැන් එහි නවතම පැත්තක්‌ නිර්මාණය වී තිබේ. එනම් තරගාවලියක්‌ පැවැත්වෙන අතරතුරදී විනිසුරුවන්ට විරුද්ධව ප්‍රකාශයක්‌ කළේ යෑයි සංගක්‌කාරට චෝදනා ගොනු කරන්නට අදාළ ශ්‍රී ලංකා විනිසුරුවන් කටයුතු කිරීමයි. මෙවර චෝදනාව යොමුවන්නේ තරග තීරකට හෝ අන්තර්ජාතික ක්‍රිකට්‌ සභාවටවත් නොවේ. මෙවර එය යොමු වන්නේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට්‌ විනිසුරු සංගමයට වේ.(වාර්තා වන අන්දමට මේ සඳහා පාකිස්‌තානු විනිසුරු අසාද් රවුෆ්ද අත්සන් තබා තිබේ)

මෙය රජ ගහේ මෝඩ ක්‍රියාවකැයි හැඟේ. මෙතනින් බැරිනම් අතනින් හරි වැඩේ දෙනවා යෑයි විනිසුරුවන් හිතන්නට ඇත. සංගක්‌කාරද ක්‍රිකට්‌ පිටියේදී නාහෙට අහන්නකු නොවන බව සියලු දෙනා දන්නා පොදු න්‍යායකි. පිටියේදී යම් ගැටලුවක්‌ පැන නැගෙන්නේද එහිදී එල්ලී එල්ලී යැමේ ස්‌වභාවයක්‌ සංගා තුළ තිබේ. මෙය වරෙක සුබ අතට හැරෙන්නත් වරෙක අසුබ අතට හැරෙන්නත් ඉඩ කඩ බෙහෝය. සංගාගේ එම දඩබ්බර ගතියට මට්‌ටුවක්‌ ලබාදීම වෙනුවෙන් මේ පිළිබඳව තවදුරටත් ශ්‍ර්‍රS ලංකා විනිසුරුවන්ගේ සංගමයට පැමිණිලි කොට එහිදී ශ්‍රී ලංකා නායකයාට දඬුවමක්‌ ලබාදීම ශ්‍රී ලංකා විනිසුරුවන්ගේ අදහස වන්නට බොහෝ දුරට ඉඩ ඇත.

විනිසුරු තීරණ ලබා දීම සම්බන්ධයෙන් සංගක්‌කාර සිටින්නේ ලොව සෙසු පිතිකරුවන්ට වඩා උතුම් ස්‌ථානයකය. පිත්තේ පිරෙන්නට පන්දුව වැදී එය විනිසුරු ලබා දැවී යැමක්‌ ලෙස සංඥ නොකරන්නේ නම් ක්‍රීඩා පිටියේදී රැඳී සිටින පිතිකරුවන් ලොව ඕනෑ තරම් සිටියි. එහෙත් එවැනි නරක සිරිතක්‌ සංගාගේ නැත. ඔහුගේ පිත්තේ පන්දුව වැදුණද එය උඩ පන්දුවක්‌ වූයේ නම් විනිසුරු දිහා නොබලාම ආපසු ක්‍රීඩා ගාරයට යැම සංගා සතු උතුම් ගුණාංගයක්‌ වේ. (මෙම ගුණය හිටපු නායක මහේල ජයවර්ධනද තුළද තිබේ) මෙවැනි අවස්‌ථාවන් වාර්තා වීම් ක්‍රිකට්‌ වචනයෙන්ම කියතොත් සංගාගේ දිවියේ "ඇම්මටම" තිබේ.

එහි එක්‌ අවස්‌ථාවක්‌ ලෙස පසුගිය 2007 වසරේ ශ්‍රී ලංකා කණ්‌ඩායම ඔස්‌ටේ්‍රලියාවේ කරන ලද ටෙස්‌ට්‌ තරග සංචාරයෙන් හුවා දැක්‌විය හැක. ශ්‍රී ලංකා කණ්‌ඩායමට ජයග්‍රහණයට තවත් ලකුණු 92 ක්‌ සහ සංගක්‌කාරගේ ද්විත්ව ශතකයට තවත් ලකුණු 08 ක්‌ ඒ වන විට අවශ්‍යව තිබුණේය. පන්දුවාරය ක්‍රියාත්මක කරමින් සිටි ස්‌ටුවර්ට්‌ ක්‌ලාක්‌ විසින් එවන ලද කෙටි පන්දුවකට පුල් පහරක්‌ එල්ල කිරීමට සංගක්‌කාර පෙළැඹුණු නමුත් එය ඔහුගේ පිත්තේ නොවැදී උරහිස ප්‍රදේශයේ වැදී ඉහළ ගිය පන්දුව උඩ පන්දුවක්‌ ලෙස පොන්ටින් රැක ගත්තේ යෑයි ඉල්ලීමක්‌ කළහ. ප්‍රතිඵලය දැවී යැමක්‌ විය.

අමු අමුවේ උරහිසේ වදිනා අයුරු සියලු දෙනාම දැක්‌කද ඒ වන විට ප්‍රධාන විනිසුරු ලෙස කටයුතු කළ රූඩි කර්ස්‌ටන් එය නොදැකීම මත දැවී යැමක්‌ ලෙස සටහන් කළේය. එහි ප්‍රථිඵලය වූයේ නිකරුණේ සංගක්‌කාර දැවී යැමත්, ශ්‍රී ලාංකික පිතිකරුවකු ඔස්‌ටේ්‍රලියාවේදී රැස්‌ කරන ලද ද්විත්ව ශතකය නොමැති වීමත් සහ තරගය ශ්‍රී ලංකාවට පරාජය වීමට සිදුවීමත් යන කාරණා ගොන්නම එකට එකතුවීමය. නමුත් ඒ සිදුවීම පිළිබඳව සංගා ඒ වන විට වාද කිරීමට නොගියේය. ඔහු විනිසුරුගේ තීරණයට හිස නමා පිටියෙන් පිට විය.

එම සිදුවීමෙන් පසු නැවත පුනරූපන නැරඹූ රූඩි කර්ස්‌ටන් විනිසුරු ඒ පිළිබඳව සංගක්‌කාර කණගාටුව පළ කිරීමද පසුව අපිට දැන ගැනීමට හැකි විය. ඒ පිළිබඳව අදහස්‌ දක්‌වා ඇති සංගක්‌කාර පවසා සිටියේ මනුස්‌සයන් අතින් වැරදි සිදුවන බවයි .එවන් හොඳ ගුණාංග සංගා සතුවේ.

විනිසුරුවන් ගත් කළ ක්‍රීඩා පිටියේ විඡ්ජා කාරයන් යෑයි ඔවුන් අධි තක්‌සේරුවෙන් සිටින අය වෙයි. කරන වැඩේ හරි හෝ නරක හෝ ඔවුන් ඒ කිසි දෙයක්‌ ගණන් ගන්නේ නැත. ලබා දෙන තීරණ සම්බන්ධයෙන් ඔවුන් එතරම් තකන්නේද නැත. එහෙයින් ඔවුන්ගේ අතින් එපමණටම වැරදි වන අතර ඒවාට දඬුවම් ලබාදීමක්‌ සිදු නොවෙයි. වැරදි කළද ඔවුන් නොකළ ලෙසට දිගටම එම කටයුත්තේ නිරත වෙයි.

මෙම තුන්කොන් තරගාවලියේදීද එවැනි වැරදි තීරණ තොගයක්‌ම ලබාදීමට තරගාවලියේ විනිසුරුවන් කටයුතු කළහ.

පියවි ඇහැට පේන දෙයින් එකවර තීරණයක්‌ ගැනීම අපහසු කරුණක්‌ බව අපි දනිමු. එහෙත්, ජාත්‍යන්තර තරග විනිසුරුවකු විය යුත්තේ එවැනි ඕනෑම අභියෝගයකට මුහුණ දීමට හැකි අයකුට වෙයි. එසේ නැතිනම් ක්‍රිකට්‌ දන්නා ඕනෑම කෙනකුට ඔය කෙහෙම්මල කළ හැකිය. එහි ගුණාත්මක භාවය රඳවා ගැනීම විනිසුරු සතු වගකීම වෙයි.

ඇලන් හර්ස්‌ට්‌ තීරකවරයා හරි තීරණය ගත් නිසා සංගා බේරුණේය. නමුත් දැන් එය වෙන පැත්තකට යොමුවී තිබේ. එහි ප්‍රථිඵලය කුමක්‌ වේ දැයි අපි නොදනිමු.

එහෙත් මතක්‌ කර දීමට කැමැති දෙයක්‌ වෙයි. එනම් විනිසුරුවන් කරන වැරැදි වලට දඩ ගැසීමක්‌ සිදු කෙරෙන්නේ නම් ඒ පිළිබඳව වග විභාගය පැවැත්වෙන්නේ නම් එහිදී ඔවුන්ට කොපමණ මුදලක්‌ දඩ වශයෙන් ගෙවීමට, කොපමණ තරග සංඛ්‍යාවක්‌ විනිසුරු කමෙන් ඈතව සිටීමද සිදුවේද යන්න සලකා බැලිය යුතු වෙයි. ඒ ඒ තරමටම ඔවුන් අතින් වැරදි සිදුවන බැවිනි. එවැනි ක්‍රම වේදයක්‌ ජාත්‍යන්තර ක්‍රිකට්‌ තරගවලට ගෙන ආවොත් සිදු වන්නේ කුමක්‌ද...? පිළිතුරු පැහැදිළිය. සිදුවන්නේ තරගයක්‌ විනිශ්චය කොට විනිසුරුවකු උපයා ගන්නා මුදලට අමතරව තවත් අතින් ගාණක්‌ යොදා ඔවුන් කරනා වැරදි වලට දඩ ගෙවීමට සිදුවීමයි.

මෙම කරුණ අපේ විනිසුරුවන් හොඳින් මතකයේ තබා ගත යුතු වෙයි. ඒ ඔවුන් මෙවර තරගාවලියේදී කළ වැරදි වටල කොපමණ මුදලක්‌ තම තරග ගාස්‌තුවෙන් ගෙවිය යුතුද යන්න තමාගේ හෘධ සාක්‍ෂියට කවදා හෝ පිළිතුරු දිය යුතු වන නිසාවෙනි.

-චමිල කරවිට-
උපුටා ගැනීම : දිවයින ක්‍රීඩා සංග්‍රහය
 

8/21/2010

කජ්ජ ගසේ තබා පුහුලම කෑමට යාම

ශ්‍රී ලංකාව පෙර තරගය ලාවට ඇනගත්තේය.නමුත්,ප්‍රසාද ලකුණු හුටපටය නිසා වැඩේ දෙල් විය.දැන් මීළග තරගය ලංකා පිළට ජයගත යුතුම වන අතර එය පහසු වන බවක් පෙනෙන්නටද නැත.කෙසේ වුවත් ලංකාවේ ජයග්‍රහණයට හුරේ දැමීමට අපි දත කට මැදගෙන සිටින්නෙමු.
මා අද මේ බ්ලොග් පෝස්ට් එක දමන්නට සිතුවේ ලංකාවේ සමහරක් උදවිය මෑත දින කිහිපයේදී අපේ රටට හා කොල්ලන්ට කරපු අසාධාරණය දැක කටත් අනිකත් වසාගෙන ඉදීම අපහසු වූ බැවිනි.රන්දිව් කරපු දේ හා රන්දිව්ට කරපු දේ ඔබත් මමත් අටුවා ටීකා සහිතව දනිමු.එය පුනපුනා දැක්වීම අපි අපිටම හා රන්දිව්ට කරනා අසාධාරණයකි.සුරාජ් මෙහිදී නිවැරදිකරු විය නොහැක.මන්ද,නිවැරදිකරු යැයි කීමට හෝ ඔහු වැරැද්දක් කර නැත.මාගේ ස්ථාවරය එයයි.(වැරැද්ද කාගෙද? ඩී.කේ. ගේ උපුටාගැනීමටhttp://dil-scoop.blogspot.com/2010/08/blog-post_21.html)
ඉන්දියාව ක්‍රිකට් ක්‍රීඩාවේ මහත්මා ගතිය හදුනාගත් කණ්ඩායමක් නම් මේ කරනා විලාපයන් කනේ ඇබ ගසාගෙන හෝ බලා සිටිය හැක.ෂෙවාග්ගේ මරු උදාහරණ දැක්වීමක් වූ සචින්ගේ ශතකය ලංකාව උදුරා ගැනීමේ සිද්ධියට සංගා උත්තර බැදීය.එයින් දෙයියනේ කියා ඔහු නිහඩ විය.ඔහුගෙන් ලංකාවට විරුද්ධව ට්විටර් අප්ඩේට් එකක්වත් ඉන්පසු පළ වී නැත.මේ හුටපට මැද දැගලූ සමහර ඉන්දියානුවන්ගේ කටවැහුනේ රවීන්ද්‍ර ජඩේජාගේ ෂෙවාග් ඔය අවස්ථාවේදී පන්දුව දැම්මත් මෙලෙස සිදුවිය හැකියි ප්‍රකාශයෙන් පසුවයි.
ලංකාවේ උදවිය මෙවරත් වැඩේ නෑවේය.මීට හොද උදාහරණ ඉහත ලිපියේ ඇත.කෙසේ හෝ අවසානයේ සිදුවූයේ ලංකා කණ්ඩායමේ හා රටේ නාමයේ කලු ඩොටක් ඉතිරිවීමය.
මෙම සිද්ධියේදී සංගා නැගී සිටියද ඔහු අසරණය.ඉන්දියාවට මිස ඔහුගේ උදව්වට කවුරුත් සිටියේ නැත.සංගා පිටියේදී මෙන්ම පිටදීත් තම විමසිල්ල වැඩිකල යුතුය.සිදුවූ කැළල අනුන් විසින් නොව අපි අපිම වසාගත යුතුය.අනුන් කරනා තෙක් සිටීමෙන් පලක් නැත.(මා මෙසේ කීවේ පසුගියදා සංගා, මැකලම් සමග පටලාගත් හුටපටය එතරම් ප්‍රියජනක නොවන නිසායි.)
සියල්ල වෙන්නේ හොදටයි කියා ඉදිරි ලෝක කුසලානයට සූදානම් වීම සිදුවිය යුතුය.එයට පසුබිමක් ලෙස මෙම තරගාවලිය ජය ගැනීම දැක්විය හැක.රන්දිව්, ඔබට සිදුවූ දේ මුරලිට සිදුවු දේවල් හා සැසදීමේදී කෝපි ඇටයක් තරම්ය.සියල්ල ජයගෙන ඉදිරියට යාම ඔබට බාරය.ක්‍රීඩා ලෝලීන්ගෙන් ඔබට සහය.ක්‍රීඩා කාක්කන්ගෙන් ඔබට නිති බාධක.



සටහන ; vudara


පොඩි එකාට ඔරවමු - ඉන්දියාව සනසමු!


රුපියල් කාසි වලට වඩා ඩොලර් වලින් ගණුදෙනු කරන එකම දේශීය ක්‍රීඩාව ක්‍රිකට් හරහා නිර්මාණයවී තිබේ. මෙරට ක්‍රිකට් ක්‍රීඩාව ගැන ක්‍රිකට් ලෝකයාගේ නෙත නිරන්තරයෙන්ම ගැටෙති. එබැවින් ජාත්‍යන්තර ක්‍රිකට් කරලියේ නිතරම නිවැරදි දෙය කිරීම මෙරට ක්‍රිකට් ක්‍රීඩකයාගේ සිට ඒ හා බඳී ඇති සියලුදෙනාගේම උත්සාහය විය යුතුව තිබේ.

ජයග්‍රහණයේදී ප්‍රශංසා ලබන මෙරට ජාතික ක්‍රිකට් කණ්ඩායම පරාජයේදී විවිධ දෝස්මුරයන්ට ලක්වේ. අනෙකුත් ක්‍රීඩාවන්වල පරාජයට වඩා ක්‍රිකට් ක්‍රීඩාවේ පරාජය මහ ඉහළින් කතාකරයි. එහෙයින් මෙරට ක්‍රිකට් සෙල්ලම් කිරීමද ලෙහෙසි පහසු කර්තව්‍යක් නොවෙයි.ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන සෑම ක්‍රීඩකයෙකුම ජාතික සම්පතකි.එය රැකගැනීමට ක්‍රිකට් වලට වග කියන බලධාරීන් බොහෝ කැපවන බවක් පෙනේ. ක්‍රීඩකයා දක්වන රංගනය අනුව බලධාරියාගේ මලු පිරෙන බැවින් ක්‍රීඩකයාට බලධාරියා ගොඩාක් ආදරය කරයි. එවැනි ආදරයක් ඉකුත් ඉන්දියාව සමඟ පැවති තරඟයේදී බලධාරීන් විසින් සුරාජ් රන්දිව්ටද ප්‍රසිද්දියේ කලේ ය.

රන්දිව්ට ක්‍රිකට් ලොකු මහත්වරු කර ආදරය එක් තරඟ තහනමක් පැනවීමයි. අනතුරුව තරඟ මුදලද සියයට සියයක්ම කපාදැමීමයි. රන්දිව් කළ වරද වූයේ නිපන්දුවක් යැවීමයි. ඒ නිපන්දුවක් යැවීමෙන් තරඟයක තහනමක් සහ දඩ මුදලකට යටත්වූ ලොව පළමු ක්‍රීඩකයා රන්දිව් විය හැකි ය.


තරඟයක නීති විරෝදී පන්දුවක් යැවීමේ හැකියාව ඕනෑම පන්දු යවන්නෙකුට තිබේ.එහෙත් ක්‍රිකට් නීතිපොතේ සීමා ඉරෙන් ඔබ්බට පෙර පාදය යොමු කර යවන නිපන්දු ලොව සෑම පන්දු යවන්නෙකුම යවා තිබේ. එහෙත් රන්දිව් යැව් නිපන්දුවේ බර පතලකම වූයේ විරෙන්ද්‍ර ශෙවාග්ට ශතකය අහිමි කිරීමේ චේතනාවෙන් නිපන්දුවක් යැවීමේ චෝදනාවයි. ක්‍රිකට් පොතේ එහෙම නීතියක් නොතිබුණද ශ්‍රීලංකා ක්‍රිකට් මහත්වරු එහෙම නීතියක් නිර්මාණය කිරීමට කටයුතු කළේය. ඉන්දියානු කණ්ඩායම ජයග්‍රහණය සඳහා එක් ලකුණකුත් ශෙවාග්ගේ ශතකයට එක් ලකුණකුත්  තිබියදී රන්දිව් යැවූ නිපන්දුවට ශෙවාග් හයේ පහරක් එල්ල කළ නමුත් හයේ පහර අවලංගු වී නිපන්දුවෙන් ඉන්දියාවට ජය හිමි වෙද්දී ශෙවාග් 99 නැවතී සිටියේ ය.

එම නිපන්දුව හිතාමතා යොමුකළ බවට පුණුරූපණ නැරඹූ ඕනෑම අයකුට සිතාගැනීමට පහසු වනු ඇත. සීමා ඉරට අඩියක් පමන ඉදිරියේන් පාදය තබා රන්දිව් නිපන්දුව යැව්වේ ය. රන්දිව් ක්‍රිකට් මහත්වරුන්ගේ ක්‍රීඩාවක් බව හොඳින්ම දන්නවා ඇත. නමුත් ක්‍රිකට් මහත්තයෙකු වූ පළියට ක්‍රීඩකයෙකු ලකුණු 99ක් ලබා සිටින විට ශතකය ලබා දීමට අවස්ථාව ශිය යුතු යැයි කිසිඳු පොතක සටහන් වී නොමැත.

රන්දිව්ට චෝදනාව එල්ලවූ පන්දුවාරය ආරම්භකරන විට ඉන්දියාවට ලකිණු5කුත් ශෙවාග්ට එක් ලකුනකුත් අවශ්‍යව තිබුණි. එහිදී රන්දිව්ගේ පළමු පන්දුව කඩුළු රකින සංගක්කර අතින් ගිලිහී ලකුණු 4ක් බවට පත්විණි. එය වයිඩ් පන්දුවකි. නමුත් විනිසුරු එය වයිඩ් පන්දුවක් ලෙස සටහන් නොකලේ ශෙවාග්ට ශතකය ලබාදිය යුතු පාරිශුද්ධ චේතනාවෙන් විය යුතු ය.අනතුරුව රන්දිව් යවන ලද දෙවැනි සහ තෙවැනි පන්දුවලට ශෙවාග්ට ලකුණු ලබාගැනීමට නොහැකි විය. රන්දිව්ට දෝස්මුරයත් සමඟ තරඟ තහනම පැනවූ සිව්වැනි පන්දුව නිපන්දුවක් යන බව විනිසුරු කියනවාත් සමඟ ශෙවාග්  6පහරක් එල්ල කළේ ය.

එය නිපන්දුවක් නොවූයේ නම් ශෙවාග් එල්ලකල 6පහරත් සමඟ ඔහු නොදැවී ලකුණු 105ක් ලෙස සටහන් වනු ඇත. තරඟය නිමවීමෙන් පසුව රන්දිව් ශෙවාග්ට නිපන්දුව යැවීම ගැන සමාවෙන්න යැයි පවසා තිබේ. තරඟයේදී ප්‍රතිවාදියා කෙසේ හෝ මෙල්ල කිරීමේ උත්සාහයෙන් පන්දුයැවූ රන්දිව් තරඟයෙන් අනතුරුව මහත්මයෙක් ලෙස ශෙවාග් ගෙන් සමාව අයැද සිටියේ ය. පසුව රන්දිව් නිපන්දුවක් යැවූයේ ඩිල්ෂාන්ගේ පෙරැත්ත කිරීම මත බව අනාවරණය වී තිබේ.

මුරලි ඉකුත් ඉන්දියානු ටෙස්ට් තරඟාවලියේ පළමු තරඟයෙන්ම සමුගත්තේ ය. අවසන් ටෙස්ට් තරඟයට පිවිසෙන විට මුරලිගේ කඩුලු මල්ල 792ක් ලෙස සටහන් විය. මුරලිගේ ඉලක්කය වූයේ අවසන්ටෙස්ට් තරඟයේදී කඩුලු 8ක් දවාගැනීමයි. ඉන්දියානු නායක දෝනි මාධ්‍යයට පැවසූයේ අකමැත්තෙන් හෝ මුරලිගේ කඩුලු 800 සීමාව වළක්වාලීමට ක්‍රීඩකයන් කටයුතුකළ යුතු බවයි. ඉන් ගම්‍ය වන්නේ මුරලි කඩුලු 800 ලබාගන්නවාට දෝනි අකමැත්තක් නොමැති බවයි. නමුත්  තම කණ්ඩායමට එරෙහිව එය ලබාගන්නවාට ඔහු අකමැති බවයි. ලොව ඕනෑම ක්‍රීඩකයකුගේ සැගවිත් තිබෙන සැබෑ මහත්මා ගතිය එය විය යුතු ය.

ඉන්දියාවේ හර්බජාං සිං, ඉෂාන්ට් ෂර්මා සහ ගංගුලි වැනි ක්‍රීඩකයන් බොහෝ අවස්ථාවල ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ මානසිකත්වයට බලපාන කියුම් කියනි දක්නට ලැබේ. එහිදී මහත්වරුන් ලෙස එය ශ්‍රීලංකා ක්‍රීඩකයෝ ඉවසා දරා සිටිති. ඉන්දියානු ක්‍රිකට් බලධාරීහු නිහඬව කල් මරති.

ශෙවාග් 99න් නැවතීමෙන් ලකුණු වැටුනේ ද්‍රීලංකා ක්‍රිකට් ආයතනයේ වගකිවයුතු, බලධාරීන්ටය.  ලකුණු කැපුනේ රට වෙනුවෙන් වැර වීරිය අදින ක්‍රීඩකයෙකුගේ ය. රන්දිව් කළ වැරැද්ද තරඟකාරීත්වය අනුව කළ දෙයක් විය හැකිය. එහෙත් මෙරට ක්‍රිකට් ආයතනයේ බලධාරීන්ගේ තරඟය  ඩොලර් ද.? රන්දිව් හිතාමතා නිපන්දුව යැවූ වරද පිලිගත්තේ නම් ඔහුට දඬුවම් දිය යුත්තේ ශෙවාග් ගේ ශතකය අහිමි කලාට නොව, සිතාමතා ප්‍රතිවාදීන්ට ලකුණු ලබාදීම  ව්නුවෙනි. එය එසේ කළානම් කවුරුත් නාගන්නේ නැත.

ලෝක ක්‍රිකට් අධිරාජය වර්තමානයේ ඉන්දියාව සතුව තිබේ. ඔවුන් ක්‍රිකට් වෙනුවෙන් ලොව වැඩිම මුදලක් වියදම් කරන රට බවට පතව ඇත.එයට ලොල් බඳිමින් ලකුණු දාගැනීමට රන්දිව්ලාගේ නාමය පාවාදිය නොහැකිය. සිද්ධිය වී හමාරය. හෙටදින රන්දිව් පිටියට බසින විට ඉන්දියානු ප්‍රේක්ෂකයෝ ඔහු දිහා වපරැසින් බලන විට වගකිව යුත්තේ රන්දිව් ද? නැතහොත් ඔහුට දඬුවම් දුන් පාලනාධිකරණයද? එය අනාගතයේ මාතෘකාවට  බඳුන් වෙනු ඇත.


                                   [ අසේල විතාන ]
-මෙම ලිපිය උපුටා ගත්තේ දිවයින ඉරිදා සංග්‍රහයෙනි.-



8/17/2010

සංගක්කාරට නැතිවම බැරි මයික්‍රෆෝනය.....


  ඊයේ නිමාවුණු ඉන්දු-ශ්‍රීලංකා එක්දින තරඟයෙන්ම අපේ කතාබහට ප්‍රවිෂ්ට වෙමු.
                                  බොහෝදෙනා අදහන අයුරට, විශ්වාස කරන අන්දමට දඹුල්ලේදී කාසියවාසිය දිනන කණ්ඩායම තරඟය ජයගනී යන උද්ව්ර්‍ත පාඨය ඊයේ තරඟයේදී නම් දක්නට ලැබුනේ නැහැ. කාසියේ වාසිය ජයගත් සංගක්කාර එකහෙලා පැවසූයේ මුලින් පන්දුවට පහරදෙන බවයි. ඒ අනුව පිටියට පිවිසි තරංග පලමු පන්දුවෙන්ම කඩුල්ල පූජා කලේ ය. එම පන්දුව ඉතාමත් හොඳ පතිතයක් සහිතව එල්ලවූ අතර උපුල් තරංගගේ පාද චලනය ඉතාමත් දුර්වල තත්වයක පවතින බව මොනවට ඔප්පු වූයේ ය. ශ්‍රීලංකා කණ්ඩායමට පුහුණුකරුවන් 8ක් හෝ 9ක් සිටියි.. බැටින්ග් කෝච්ලා 2ක් වෙනමම සිටියි. උපුල්ගේ පාද චලනය අයහපත් වූ ප්‍රථම අවස්ථාව මෙය නොවෙයි. ඉතිං බැටින්ග් කෝච්ලා පත්කර තිබෙන්නේ සංචාරයන් කිරීමට පමණක් දැයි විටෙක සිතෙයි.

තරඟයට පෙර මාධ්‍ය හමුවේ උදම් ඇනූ සංගක්කාර තරඟය අවසානයෙදී කියා සිටියේ උදේ කාලයේ පන්දුව දෝලනය වූ බවයි. වැසි සහිත කාලගුනයක් යටතේ නව පන්දුවෙන් දෝලනය අපේක්ෂා වන බව ක්‍රිකට් නරඹා ඇති ඕනෑම පුද්ගලයෙකු දනී. එසේනම් මුල් පන්දු ඕවර 10ක් 12ක් පරීක්ෂාකාරීව සිටීමට ජාත්‍යන්තරතලයේ ක්‍රීඩකයන්ට අමුතුවෙන් කියාදෙන්නට අවශ්‍ය දැයි ගැටළුවක් පැනනගී.. මක්නිසාද යත් ශ්‍රීලංකා කණ්ඩායම මෙවැනි දෝලනවලට හසුවී කඩාහැළුනු අවස්ථා බොහෝමයක් ඇති බැවිනි.

මෑත කාලීනව දකින්නට ඇති ඉතාම සුවිශේෂී ලක්ෂණයක් සංගක්කාර වෙතින් දකින්නට ලැබෙයි. එනම් ඔහුට මයික්‍රෆෝන , මාධ්‍යවේදීන් ,කැමරා හමුවේ අමුතු වශීවීමක් ඇතිබව පෙනෙන්නට වීමයි. මෙය ඔහුගේ වරදක් නොව ශ්‍රීලංකා ක්‍රිකට් ආයතනයේ වරදකි. කන්ඩායමක නායකයා වූකලී ඉතාමත් බැරෑරුම් වගකීමක් දරන අයෙකි. ඔහු සිතිය යුත්තේ ජනමාධ්‍ය ගැන නොව තම කණ්ඩායම කෙසේද හැසිරවිය යුත්තේ කියා යි. නමුත් වෙනත් රටවල් වල දක්නට නොලැබෙන අමුතු අනවශ්‍ය වගකීමක් ක්‍රිකට් ආයතනය විසින් සංගක්කාර පිට පටවා තිබේ.  මෙයට කදිම උදාහරණය ඕස්ට්‍රේලියානු ක්‍රිකට් වෙතින් ලැබෙයි. ඔවුන්ගේ සියලු මාධ්‍ය සාකච්ඡා සිදුකරනේ ජේම්ස් සදර්ලන්ඩ්(මාධ්‍ය කළමණාකරු ) විසිනි. සංගක්කාරගේ චතුර ලෙස ඉංග්‍රීසි බස හැසිරවීම නිසා මෙවැනි තත්වයක් හටගත්තේද යන්න පිලිබඳ සැක හිතෙයි. ක්‍රිකට් ආයතනයේ සිටින අනෙකුත් අයට  ඉංග්‍රීසි කතාකිරීම්ට බැරිකමක් ඇත්දැයි වරෙක සිතෙයි.


කණ්ඩායමක ජයග්‍රහන-පරාජයන්ට සම උරුමයක් නායකයාට මෙන්ම පුහුණුකරුවාටද තිබේ නමුත් ට්‍රෙවර් බේලීස් මහතා මාධ්‍ය හමුවේ අදහස් ප්‍රකාශකිරීමක් දක්නට නැතිතරම්ය. මෙම තත්වය වඩාත් භයානක වන්නේ ලෝකකුසලානය අතලඟ ඇති බැවිනි. ඊලඟට තරඟ කාලසටහන් යොදාගන්නා ආකාරය සහ ක්‍රීඩාංගන තෝරාගනා ආකාරයේ ද කිසිදු විනිවිද භාවයක් පෙනෙන්නට නැත. ඉකුත් සතිඅන්තයේ සෙනසුරාදා සහ ඉරිදා නිවාඩු දිනවලදී කිසිදු තරඟයක් නොපැවැත්විණි. මෙම සියලු ක්‍රියාපටිපාටි සැලසුම් සිදුකරන්නේ ශ්‍රීලංකා ක්‍රිකට් ආයතනය විසිනි.
                      අපේ රටේ ක්‍රිකට් වල අනාගතයේ පැහැදිලි ගමනක් දැනට නම් පෙනෙන්නට නැත. වගකිවයුතු බලධාරීන්ගේ ඇස් කන් ඇරීම , ක්‍රිකට් වලට එදත් අදත් කවදත්  අදරැති අපේ යුතුකමයි. එයට අප පෙළගැසිය යුත්තේ කෙසේද....?

8/16/2010

ඉන්දියාව ඇත්තටම බයවෙලා ද...!!


තුන් කොන් තරඟාවලියේ ඉන්දියාව සහ ශ්‍රීලංකාව අතර තරඟයට ඇත්තේ තවත් හෝරා කිහිපයක් පමණි...!!!!


මේ වන විට දෙපිලම නව සීලන්තය සමඟ තරඟ වැදී අවසන්. එහිදී ඉන්දීය කණ්ඩායම ලකුණු 200ක දැවැන්ත පරාජයක් ලැබූ අතර ශ්‍රීලංකා කණ්ඩායම කඩුලු 3ක විෂිශ්ට ජයක් ලැබීය. 

මේ අතරතුර ඉන්දීය කණ්ඩායමේ යුවරාජ් සිං ඩෙංගු වැලඳීම නිසා තරඟයෙන් ඉවත් කොට තිබේ.. තවත් ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම ආබාධ වලට ලක්ව ඇති බව ඉන්දීය කණ්ඩායමේන් ලැබෙන ආරංචිමාර්ග වලින් දැක්වෙයි. ඒ හේතුවෙන් ඉන්දීය නායක මහේන්ද්‍ර සිං දෝනි මහත් අපහසුතාවයකට පත් වී ඇති බව පසුගියදා ඉන්දීය නිදහස් දින උත්සවය වෙනුවෙන් මාධ්‍ය ඇමතූ දෝනිගේ කතාබහෙන් තහවුරු වෙයි.

                                මෙහිදී දෝනි පවසා සිටියේ තමන්ට ලැබුණු පුහුණු තණ තිලි නුසුදුසු තත්ත්වයේ ඒවා බවයි.. මෙයට පිලිතුරු දුන් ශ්‍රීලංකා තණතිලි භාරව කටයුතු කරන අනුරුද්ද පොලොනෝවිට මහතා පැවසුවේ අවශ්‍ය සියලු තාක්ෂණික පහසුකම් සහ ක්‍රමවත් තණතිලි ලබාදී ඇති බවයි.. 
                                                                                වැඩිදුරටත් අදහස් දැක්වූ දෝනි පවසා සිටියේ රාත්‍රී පින්න නිසා ඇතිවන අපහසුතාවයන් හේතුවෙන් ශ්‍රීලංකාවේදී දිවා රාත්‍රී තරඟ ක්‍රීඩා කිරීමට කැමැත්තක් නොදක්වන බවයි.මෙයට නිසි පිළිතුරු දුන් ශ්‍රීලංකා නායක කුමාර් සංගක්කාර පැවසූයේ විදුලි ආලෝක තත්ත්ව යටතේ ඕනෑම මොහොතක ක්‍රීඩා  කිරීමට දක්ෂ කණ්ඩායමක් මැළිවිය යුතු නැති බවයි....

මෙම ප්‍රකාශ හේතුවෙන් අද දින පැවැත්වීමට නියමිත තරඟයට අමුතු ව්වැදගත්කමක් ලැබී තිබෙයි... එහෙත් මෙම ප්‍රකාශ වලින් වඩාත්ම පිළිබිඹුවන්නේ ඉන්දීය කණ්ඩායම කිසියම් බයකින් පසුවන බව නොවේ ද..!!
එසේනම් අපි බලමු අද තරඟය ජයගන්නේ කවුරුන්ද කියා...!! 

අද තරඟය බොහෝවිට ඉතා උණුවුම් තරඟයක් වනු නිසැකයි.!!

සිංහයන්ට ජය !!!!

8/12/2010

ලංකාවේ දිවා රාත්‍රී තරඟ......

ඒ කාලෙ කිව්වෙ "Catches win matches" කියල, ඒත් දැන් කියන්නෙ "Tosses win matches" කියල....

දැන් කට්ට්ය බලනවා ඇති මේ මොකද්ද මේ කියල, ඒත්..  උප මාතෘකාව දැකපු ගමන් ක්‍රිකට් ගැන උනන්දු ඕනම කෙනෙක්ට වැටහෙනව ඇති මොකද්ද මේ කියන්න හදන්නෙ කියල... මේ තත්වය ඉතා දරුණු ලෙස බලපාන්න පටන් ගත්තෙ ඉකුත් වර්ෂ 2,3ක ඉඳල කිව්වොත් වඩාත් නිවැරදියි.....
                                      මේ තත්ත්වය අපට ඉතා පහසුවෙන් දකින්න ලැබෙන්නෙ ඛෙත්තාරාම පිටියෙ සහ දඹුල්ල ජාත්‍යන්තර පිටියෙදියි.... අනෙක් ක්‍රීඩාංගන වල තත්වයන් මෙයින් කෙතරම් අපගමනය වන්නේදැයි කීමට නොහැක, මක් නිසාද යත් ලංකාවෙ දිවා-රාත්‍රී තරඟ දැනට පැවැත්වීමට පහසුකම් ඇත්තේ මෙම ක්‍රීඩාංගන 2හි පමණක් වීම නිසා ය. 
                  රාත්‍රී කාලයේදී මෙම ක්‍රීඩාංගන වලට ඇදවැටෙන පින්න බොහෝ අවස්ථාවලදී ගුප්ත තීරණ ලබා දී ඇත. මෙවැනි තත්වයන් පහුගිය කාලයේදී එකදිගට දකින්නට ලැබුණු අතර ඉකුත් දා නිමාවට පත්වුණු ඉන්දු-නවසීලන්ත තරඟයටත් එය එලෙසම බලපෑවේ ය. රාත්‍රී පින්නෙන් උපරිම ප්‍රයෝජන ගත් ඩැරල් ටෆී ප්‍රමුඛ නවසීලන්ත වේග පන්දු යවන්නන් ඉන්දියානු ඉනිම සුනු විසුනු කරමින් කිසි කෙනෙක් නොසිතූ දැවැන්ත ජයක් වාර්තා කල හ.  

       මීට පෙර ලිපියේදී අපේ තර්ඩ් මෑන් සහෝදරයා උපුටා දක්වමින් දඹුල්ලේ පැවැත්වූ පසුගිය තරඟ පිලිබද දත්ත කිහිපයක් පහත දක්වමි....
  •  මේ 2007 වසරේ සිට දඹුල්ල ක්‍රීඩාංගනයේදී පවත්වනලද තරඟ පිළිබඳ සංඛ්‍යා දත්ත.
    තරඟ = 11
    පළමුව පන්දුවට පහරදුන් කණ්ඩායම = ජය ග්‍රහන 7
    දෙවනුව පන්දුවට පහරදුන් කණ්ඩායම = ජය ග්‍රහන 4 (එක් තරඟයක් බංගලාදේශය හා ඉන්දියාව අතර )
    පිතිකරණ සාමාන්‍යන් -
    පළමුව පන්දුවට පහරදුන් කණ්ඩායම = 29.12
    දෙවනුව පන්දුවට පහරදුන් කණ්ඩායම = 21.70
    පන්දු යැවීමේ සාමාන්‍යන් -
    පළමුව පන්දුවට පහරදුන් කණ්ඩායම = 25.38
    දෙවනුව පන්දුවට පහරදුන් කණ්ඩායම = 33.35

8/11/2010

ඉන්දියාවට නෙලයි !

ශ්‍රී ලංකාව,ඉන්දියාව හා නවසීලන්තය අතර තුන්කොන් තරගාවලිය ඊයේ දඹුල්ලේදී ආරම්භ විය.ඉන්දියාව හා නවසීලන්තය ප්‍රථම තරගයට මුහුණ දුන් අතර නවසීලන්ත නායක රොස් ටේලර් කාසියේ වාසියට හිමිකම් කීය.ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළ ඔහු හා කණ්ඩායම ඉන් පසු මුහුණ දුන්නේ ඉතාමත් අසීරු තත්වයකටයි.ඉන්දියානු වේගපන්දු යවන්නන් වන නේරා හා ප්‍රවීන් කුමාර් කිවියන්ගේ මුල් කඩුලු කිහිපයක් නමා ගත්හ.ලකුණු පුවරුව
මෙයින් පසු එළඹෙන්නේ කතාබහට ලක්විය යුතු නායකත්වයේ ඉනිමයි.අඩු ලකුණු ප්‍රමාණයකට තම පිළේ හොදම හරිය අහිමිව සිටි නායක රොස් ටේලර් දැඩි සංයමයෙන් තම ඉනිම ගොඩනැංවීය.නවසීලන්තයේ ප්‍රවේගකාරී පිතිකරු ස්ටයිරිස් ද ටේලර් සමග සෙමින් ලකුණු ලබාගැනීම ආරම්භ කලද පසුව දුම්මල වරම අතට ගත්තේය.ලකුණු 89ක් ලබා සිටි ඔහු ඕජාගේ පන්දුවකට කොටුවූයේ හදිස්සියටම ගොහින්ය.
ලකුණු 288ක ඉලක්කයක් ලද ඉන්දියානුවන් ෂෙවාග් හා කාර්තික් පිටියට එවූහ.මේ දෙදෙනාම සාමාන්‍යයෙන් මස්කඩ තියරිය භාවිතා කරන්නන්ය.විශේෂයෙන්ම ෂෙවාග්,ඩිල්ෂාන් වාගේම වේගපන්දු යවන්නන් කපාකොටා දමා කිරිටොයියා පන්දුවට බර පන්තියෙන් සළකන්නෝය.ෂෙවාග් දවාගත්තා යනු තරගයෙන් 60% ජය ගැනීමයි.එම වාසනාවටද හිමිකම් කිවූ කිවියන් ඉන්දියානුවන් තම පන්දුයැවීම හමුවේ දණ ගැස්වූහ.පසුගිය නවසීලන්තය හා ‍ලංකාව අතර ප්‍රේමදාසයේදී පැවති එක්දින තරගාවලියේදී ඩිල්ෂාන් ඇතුලු අපේ කොල්ලන්ට කොකා පෙන්වූ කිවියා, ටෆී මෙම තරගයෙන් අපිට නැවතත් රතු එළියක් දල්වා පෙන්වීය.
කොහොමින් කොහොම හෝ නවසීලන්තය තම පූර්ණ කණ්ඩායමත් නොමැතිව ආසියානු කුසලානය දිනාගත් ඉන්දියාව එම බිමේදීම අන්ත පරාජයකට ලක්කළෝය.දැන් අපේ වාරයයි.ශ්‍රී ලංකාව,ඔබේ පිළිතුර කුමක්ද?

සටහන: vudara


8/09/2010

තුන්කොන් සටනට ප්‍රවේශයක්

ඉන්දු-ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලිය කතා කරන්නට යමක් ඉතිරි කර ආරම්භ වී සිතන්නට යමක් ඉතිරි කර අවසන් විය.අවසන් තරගයේදී සිදුවූ අතපසුවීම් දැක ඇති වුණු කළකිරීම අජන්තගේ සාර්ථකත්වය නිසාවෙන් යටපත් වුවද අතට ලැබුණු දේ කටට නොවැටුනාදැයි දෙගිඩියාවක් ඇතිවීම පුදුමයක් නොවේ.කෙසේ වෙතත් ක්‍රීඩාවේ ස්වභාවය එයයි.එය පිළිගැනීම සිතට අපහසු නම් අවාසනාව, නොසැලකිලිමත්කම වැනි වචන භාවිතය මගින් තම සිත සනසා ගැනීම සුදුසුය. (මා භාවිතා කරන ක්‍රමය).කෙසේ හෝ කලකට පසුවවත් වෙලකට බැස්ස එක පිළිපදව අපි සතුටු විය යුත්තෙමු.
2010/08/10 දින ඇරඹෙන තුන් කොන් තරගාවලිය ටිකක් සැර වෙන පාටක් පෙනෙන්නට තිබේ.කණ්ඩායම් තුනම ක්‍රිකට් ලොව කා‍‍ වතුර බිව් උදවියය.නවසීලන්තය අපේ ලංකා කොල්ලන්ට ඊයේ පෙරේදා දවසක සැරටම සලකා ඇත. (Sri Lanka Board President's XI v New Zealand, Tour match, SSC, August 4, 2010).ලකුණු පුවරුව.රොස් ටේලර්ගේ නායකත්වය කෙසේ ශ්‍රී ලංකා කණ්ඩායමට බලපාවීදැයි කීමට තාම කල් වැඩිය.කෙසේ වෙතත් අවසන් ටෙස්ට් තරග ජයග්‍රහණයේ උණුසුම සමග ඉන්දියානුවන් මෙම තරගාවලියට අවතීර්ණ වනු නිසැකය.එහෙත් ටෙස්ට් හා එක්දින යන වෙනස් තත්වයන් පටලවා ගැනීම වරදකි.පෙරදී නවසීලන්තය හා ශ්‍රී ලංකාව අතර තරග කිහිපයම ලංකාව ඇනගත්තතේය.නමුත් අප කණ්ඩායම ශක්තිමත්ය,පරිපූර්ණය.ලොව ශක්තිමත්ම පන්දු බළඇණියට හිමිකම් කියන්නෝය.
මේ කරුණු අනුව මෙම තරගාවලිය උණුසුම් වනු නොඅනුමානය.ඉදින් මේ උණුසුම සමග අපේ කණ්ඩායම කුසලානය ඔසවනු දැකීම සතුටකි.එක්දින ලොව හෙල්ලූ අපේ වීරයන්ට මෙය දෙයක් නොවනු ඇත.නමුත් හොදම දෙය වනු‍යේ මේ කුසලානය මගින් ලෝක කුසලානයටත් පාඩම් එකතුකර ගැනීමයි.ශ්‍රී ලංකාව...ඔබට අපේ සුභ පැතුම් !.

වාර්තාව : vudara