WelCome to DilScoop....!!

www.dilscoop.info the best srilankan online cricket forum....!!!

INQUIRY

ඩිල්-ස්කූප් බ්ලොග් වාර්තාකරණය ගැන ඔබේ අදහස් අපට ලියා එවන්න..dil_scoop@live.com
Showing posts with label Test Cricket. Show all posts
Showing posts with label Test Cricket. Show all posts

8/14/2014

පාකිස්ථානු වේගපන්දු බල ඇණියේ පිබිදීම.


අද ඇරඹි පාකිස්තාන - ශ්‍රීලංකා දෙවන සහ අවසාන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ පළමු දිනය නිමාවට පත්වන විට පළමුව පන්දුවට පහර දෙන ශ්‍රීලංකා කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුනු 261ක් ලබා ඉතා අසීරු අඩියක පත්වෙයි.  
කොළඹ එස් එස් සී පිටියේ කාසිය වාසිය දිනා මුලින් පන්දුවට පහරදීමට නායක ඇන්ජෙලෝ මැතිව්ස් තීරණය කලේ වෙනදාටත් වඩා දැඩි තණ තීරුවක් සකස්කර තිබූ නිසා වුවද අංශ කිහිපයකින් සුවිශේශී තරඟයක් වන මෙහි වැඩි වාසි අත්කරගැනීමට අද දින නිදහස් දිනය සමරණ පාකිස්තානය සමත් විය. 
ඒ අන් කිසිවක් නිසා නොව ශ්‍රීලංකා පිලේ පිතිකරුවන් 8 දෙනෙකු දැනටමත් ක්‍රීඩාගාරයට යවා ඇති නිසාවෙනි. මෙහිලා සුවිශේශී කාර්ය භාරයක් ඉටු කළේ පකිස්තානු වේග පන්දුකරණයයි. පිතිකරුවන්ට උචිත තණතීරුවක වුවද මනා සැළස්මකින් යුතුව පන්දුයැවූ පාකිස්තානු වේගපන්දුයවන්නන් සංගක්කාර, මහේල, මැතිව්ස් වැනි සුපිරි පිතිකරුවන් සමගින් ශ්‍රීලංකා පිල දමනය කරනු ලැබුවේ අතීතය සිහිගන්වමිනි. වාහබ් රියාස් සන ජුනයිඩ් කාන් වරෙක සිහිගැන්වූවේ වසිම් අක්‍රම් සහ වකාර් යුනිස් ගේ පන්දු යැවීමයි.. වාහාබ් රියාස්ගේ අධිවේග සහිත කෙටිපන්දු පිතිකරුවන් සම්පූර්ණයෙන්ම පරාජය කලේ එදවස වකාර් යුනිස් පන්දු යැවූ විලසිනි.... 
එදා වකාර් පීඩනය ගෙනෙද්දී වසිම් විකට්ටුව තුලට පන්දු යවා කඩුලු දවාගත්ත මෙන් අද වහාබ් පීඩනය ගෙනෙද්දී ජුනයි පන්දු යැවුවේ වසිම්ගේ අඩිපාර අනුගමනයකරමිනි.. ඒ අනුව දැවීගිය කඩුලු 8න් 7ක්ම ජුනයිඩ් සහ වහාබ් අතර බෙදී යද්දී මේ ව්‍යායාමය පසුපස සිටින්නේ අන් කවරෙක් නොව එදා පිටියේ සිටි වකාර් යුනිස් ය. පාකිස්තාන කණ්ඩායමේ නව පුහුණුකරු දූරයේ නැවත ක්‍රියාක්‍රන වකාර් ඉතාමත් මැනවින් තම අත්දැකීම් බෙදා දෙමින් සාර්ථක ප්‍රතිපල පකිස්තානයට දිනා දෙන්නට සමත් විය.



1/22/2011

මාලිංග ටෙස්ට් පිටියෙන් සමුගනී

ඊයේ දිනයේදී මුත්තයියා මුරලිදරන්, ලෝක කුසලාන තරඟාවලියෙන් අනතුරුව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමේ නිවේදනය පළකල අතර, ශ්‍රී ලාංකේය ක්‍රිකට ලෝලීන් වෙතින් ඒ ශෝකය තුරන් වීමටත් මත්තෙන් තවත් එවැනිම දුක්බර පුවතක් අසන්නට ලැබේ. ඒ ලසිත් මාලිංග ටෙස්ට් පිටියෙන් සමුගැනීමට තීරණය කිරීමයි.

සිය දණ හිසේ කලක පටන් පවතින ආබාධ තත්වය මේ තීරණය ගැනීමට හේතු වූ බවයි 27 හැවිරිදි මාලිංග පවසන්නේ. ඔහුගේ අසම්මත පන්දු යැවීමේ ඉරියව්ව නිසා බොහෝ විට මේ ආබාධ තත්වය ඇතිවූයේ යැයි නිගමනයකට එළඹිය හැක. කෙසේ වුවත් තමන් තවදුරටත් පන්දුවාර 50 හා T20 ජාත්‍යන්තර තරඟ සඳහා සහභාගී වනබව හෙතෙම ප්‍රකාශ කළේය.

2004 වසරේ ජූලි 1 වනදා ඕස්ට්‍රේලියාව සමඟ, ඩ'ර්වින් හිදී පැවති තරඟයේදී ටෙස්ට් වරම් දිනූ මාලිංග, මේ වනවිට ශ්‍රී ලංකාව වෙනුවෙන් තෙවැනියට වැඩිම කඩුළු ගණනක් දවාගෙන ඇති ක්‍රීඩකයාය. ඒ තරඟ 30 කදී කඩුළු 101 ක් දවා ගනිමින්. එහිදී, ඔහුගේ හොඳම පන්දු යැවීම ලෙස වාර්තාවනුයේ පසුගිය ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ දී ලකුණු 50 කට කඩුළු 5 ක් දවා ගැනීමයි.

වර්තමානයේ ශ්‍රී ලංකාවේ සිටින වේගවත්ම පන්දු යවන්නා වන මාලිංගගේ සමුගැනීමත් සමඟ ශ්‍රී ලංකා ටෙස්ට් පන්දු යැවීමේ බළෑණිය තව දුරටත් දුර්වල වෙයි. ශ්‍රී ලංකාව ඉතා හොඳ දඟ පන්දු යවන්නන්ගෙන් සමන්විත වුවද, හොඳ වේග පන්දු යවන්නන්ගේ අඩුවක් පවතී. ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව වැනි රටවලදී ටෙස්ට් තරඟාවලි ජය ගැනීම සඳහා තීරණාත්මක සාධකය වනුයේ වේග පන්දු යවන්නන්ය.

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ තරඟ කාලසටහන අනුව මේ වසරේ අග ශ්‍රී ලංකාව දකුණු අප්‍රිකාවේ සංචාරයක් යෙදීමට නියමිතය. එහිදී වේග පන්දුයවන්නට විශාල කාරයයභාරයක් පැවරෙනු ඇත. එහිදී මාලිංගගේ අඩුව පුරවන්නේ දිල්හාර ප්‍රනාන්දු, තිලාන් තුෂාර හා වෙළගෙදර වැනි අත්දැකීම් බහුල නමුත් දවසේ රිද්මය අනුව දක්ෂතා පෙන්වන ක්‍රීඩකයෙක් ද සුරංග ලක්මාල්, දම්මික ප්‍රසාද්, නුවන් ප්‍රදීප් හා ශමින්ද එරංග වැනි අත්දකීම් අඩු, මතු බලාපොරොත්තු තැබිය හැකි ක්‍රීඩකයෙක්ද යන්න සිතා බැලීමට මේ වනවිටත් ප්‍රමාද වැඩිය.


12/04/2010

කුක් - ට්‍රොට් සුසංයෝගය


ටෙස්ට් ක්‍රිකට් යනු අතිශයින්ම කඩුලු අතර සබඳතාවයන් මතින් ගොඩනැගෙන ක්‍රියාදාමයක් ලෙස සටහන් තැබිය හැකිය.
එදා මෙදා තුර විශේෂිත ක්‍රීඩකයන් දෙදෙනෙකු එක්ව දිගුකාලීනව ගොඩනගන සබඳතාවන් කිසිදින ක්‍රිකට් වංශකතාවෙන් අතුගා දැමිය නොහැකිය.

එවන් සබඳතාවන් ගෙන හැර දැක් වූව හොත් ඇන්ඩෘ ජෝන්ස් - මාටින් ක්‍රෝ , බානස් - බ්‍රැඩ්මන් , ඉජාස් - ඉන්සමාම් , ඩ්‍රාවිඩ් - ටෙන්ඩුල්කාර් මෙන්ම විශිෂ්ටතමයන් දෙදෙනා වන සංගක්කාර - මහේල  උදාහරණ ලෙස දැක්විය හැක.
මෙලෙස ලේබල් ගත ක්‍රීඩකයන් දෙදෙනෙක් කඩුල්ලේ සිටින විට ප්‍රතිවාදීන් වෙත එල්ල වන පීඩනය ක්‍රීඩා පිටියෙන් පිටත සිටින පුද්ගලයෙකුට කිසිවිටක නොදැනෙයි. ඒ බව ලොව විශිෂ්ටතම ක්‍රීඩකයන් පවා විවිධ අවස්ථාවලදී පවසා ඇත.
මෙලෙස මා පැවසීමට උත්සාහ දැරුවේ ටෙස්ට් පිටියේ නවතම පුරුක් 2 වන ට්‍රොට් - කුක් සුසංයෝගය ගැනයි. මා දකින අයුරට මොවුන් දෙදෙනා ඉදිරි දශකය පුරාවට ටෙස්ට් පිටියේ යම් පෙරලියක් සිදු කරනු ඇත.
දැනට පැවැත්වෙන අළුබඳුන ටෙස්ට් තරඟාවලියේ ක්‍රීඩාකල තරඟ 2දීම මොවුන් දෙදෙනා දැවැන්ත සබඳතාවයන් පවත්වමින් ප්‍රබල කැංගරුවන් සම්පූර්ණයෙන්ම පරාජයට පත්කිරීමට සමත් විය පළමු තරඟයේදී නොබිඳුනු ලකුනු 329*ක සබඳතාවයක් පැවත්වූ ට්‍රොට්-කූක් දෙදෙන දෙවන තරඟයේදීද තම අණසක පතුරුවමින් ලකුනු 173ක සබඳතාවක් පැවැත්වීය. මේම තත්ත්වය එංගලන්ත ක්‍රිකට් වෙත දක්වන සහයෝගය අපරිමිතයි.

ඉදිරි දශකයේදී ඉතා හොඳ ටෙස්ට් ක්‍රීඩකයන් රැසක් ලෝක ක්‍රිකට් පොතට එක්වන ලකුනු පෙනෙන්නට ඇත ඩැරන් බ්‍රාවෝ , චේටෙශ්වර් පුජාර කදිම නිදසුන් වෙයි..
මෙවන් තත්ත්වයන් මත ශ්‍රීලංකාව ඉදිරි කාලයේදී ටෙස්ට් පිටියට දායක කරන තුරුම්පු කෙසේ වෙයි දැයි අප ඉවසිල්ලෙන් බලා සිටිමු...!!!