WelCome to DilScoop....!!

www.dilscoop.info the best srilankan online cricket forum....!!!

INQUIRY

ඩිල්-ස්කූප් බ්ලොග් වාර්තාකරණය ගැන ඔබේ අදහස් අපට ලියා එවන්න..dil_scoop@live.com
Showing posts with label World Cup2011. Show all posts
Showing posts with label World Cup2011. Show all posts

1/23/2011

ඒකාන්ත ජයග්‍රහණය !

ලෝක කුසලාන තරඟාවලියට කණ්ඩායම් නම් කර හමාරය. දැන් ඇත්තේ කණ්ඩායම් හොඳින් සූදානම් කිරීමයි. කණ්ඩායමට නම් නොකළේ කවුද ඔවුන්ට එසේ වූයේ ඇයි ආදී වශයෙන් වූ කතා දැන් ප්‍රයෝජනයක් නැත. ප්‍රයෝජනයක් ඇති එකම මාර්ගය නම් මෙම කණ්ඩායම යොදා ගෙන ලෝක කුසලාන තරඟාවලියක් ජය ගැනීමට සැලසුම් සකස් කිරීමයි.

මෙවර ක්‍රීඩා කරන කණ්ඩායමේ ක්‍රීඩකයින් ගෙන් ක්‍රීඩකයින් 8 දෙනෙකුම පසුගිය වතාවේ ලෝක කුසලාන අවසන් තරඟයට ක්‍රීඩා කළ ක්‍රීඩකයින්ය. මෙවැනි තත්වයන් මීට පෙර උදාවූයේ 1999 දී නම් වූ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේය. එහිදීද ක්‍රීඩකයින් 8 දෙනෙකු ඊට පෙර අවස්ථාවේ අවසන් තරඟයට ක්‍රීඩා කර තිබිණි. චාමර සිල්වා හැරෙන්නට පසුගිය ලෝක කුසලාන අවසන් තරඟය ක්‍රීඩා කළ මෙවර කණ්ඩායමට න වූ අනෙක් සෑම ක්‍රීඩකයෙකුම නිරන්තරයෙන් එක්දින තරඟවලට එක් වී තිබේ. මේ නිසා කණ්ඩායමේ අත්දැකීම් ගැන අමුතුවෙන් කියන්නට අවශ්‍ය නොවේ

දැන් බොහෝ දෙනා අසන ප්‍රශ්නය අපට ජයග්‍රහණය කරන්නට හැකිද යන්නයි. වර්තමානයේ පවතින තත්වය අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරි පෙළ තරඟකරුවෙකි. එහෙත් අප අමතක නොකළ යුත්තේ මෙය 1996 වනි තරඟාවලියක් නොවන බවයි. ලෝක කුසලානයේදී තණතිලි සැකසෙන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයට අවශ්‍ය පරිදිය. ඒ නිසා අනවශ්‍ය ලෙස දඟ පන්දු යවන්නන් ගැන සිතීමට අවශ්‍ය නැත. එහෙත් ප්‍රශ්නය වන්නේ ඉන්දීය කණ්ඩායම නම් කිරීමේ දී දඟ පන්දු යවන්නන්ට මූලිකත්වය දීමයි. ඉන්දියාව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ බලය අල්ලා ගෙන සිටින නිසා මෙවර තණතිලි දඟ පන්දු යවන්නන්ට වාසිදායක වන ආකාරයෙන් සකස් වීමට බොහෝ දුරට ඉඩ තිබෙන බවට මෙය හොඳම ඉඟියකි. ඒ අනුව අපේ කණ්ඩායමට අවශ්‍ය තරම් අවස්ථාවන් නිර්මාණය වී තිබේ.

කෙසේ වෙතත් අප හොඳින් විමසා බැලිය යුත්තේ ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නන් කොතරම් හොඳ ස්ථානයක සිටිනවාද යන්නයි. පසුගිය අවුරුදු දෙක දෙස බලන විට සුවිශේෂ යමක් දැක ගත නොහැක. කණ්ඩායමේ ප්‍රහාරක දඟ පන්දු යවන්නා වන අජන්ත මෙන්ඩිස් අවසන් වසර දෙකේ දී තරඟ 23 කදී කඬුළු 23 ක් දවා ගෙන ඇතත් පන්දු ඕවරයකට ලකුණු 5 ඉක්මවා ලබා දී ඇති අතර කඬුල්ලක සාමාන්‍යය 40 ඉක්මවයි. ඒ අනුව ඔහු වර්තමානය වනවිට ප්‍රහාරක තත්වයේ නැත. මුරලිද එසේමය. එහෙත් මුරලිගේ වාසියක් වන්නේ ඔහු පසුගිය වසර දෙක ඇතුළත පාකිස්ථානයට සහ ඕස්ට්‍රේලියාවට එරෙහිව ඉතා හොඳින් පන්දු යවා තිබීමයි. මේ නිසා පළමු වටයේ දී මුරලි අතිශය වැදගත් වෙයි. මාලිංග ඉන්දියාව හැරෙන්නට අනෙකුත් කණ්ඩායම් වලට එරෙහිව හොඳ දස්කම් දක්වා තිබේ. නුවන් කුලසේකර සමස්ථයක් ලෙස සෑම කණ්ඩායමකටම එරෙහිව ඉතා හොඳ දස්කම් දක්වා තිබේ. එහෙත් ඉන්දියාව හමුවේ ඔහුගේ දස්කම් පසුපසිනි. එහෙත් තිසර පෙරේරා හොඳින්ම දස්කම් දක්වා ඇත්තේ ඉන්දියාව හමුවේය.

මේ සියල්ලම බලද්දී ශ්‍රී ලංකා පන්දු යවන්නන් තමන් උපරිමයෙන් කරන්නට නියමිත තරඟ ගැන දැනගෙන කටයුතු කළ යුතුය. සාමාන්‍යයෙන් තමන්ගේ පන්දු යැවීමට බියක් දක්වන කණ්ඩායමක් සමඟ ක්‍රීඩා කරන්නට පිටියට බසිද්දීම බොහෝ පන්දු යවන්නන් තරඟයෙන් භාගයක් දිනා හමාරය. මේ නිසා පළමු වටයේ දී මුරලි සහ නුවන් ගේ දස්කම් ඉතා වදගත් වෙයි. ඒ අනුව ඒ කාණ්ඩයේ පළමු ස්ථානය දිනා ගත හැකි නම් වටියි. එවිට වාසියක් සැලසෙයි. එහෙත් මට සිතෙන්නේ 1996 දී මෙන්ම අවසන් පූර්ව තරඟයේ දී ඉන්දියාව හමුවෙන්නට හැකි නම් වැදගත් බවයි. හේතුව වන්නේ වර්තමාන පන්දු යවන්නන් අතර ඉන්දියාව මට්ටු කරන්නට හැක්කේ තිසරට පමණක් වීමයි. යම් හෙයකින් අදාල දිනයේ දී තිසර ද අසාර්ථක වුවහොත් තරඟය ගිලිහෙන්නට ඇති ඉඩ වැඩිය. මේ නිසා අර්ධ අවසන් පූර්ව වටයේ දී කොදෙව් පිළ හෝ දකුණු අප්‍රිකාව මුණ ගැසෙන්නට අප උත්සාහ කළ යුතුය. දකුණු අප්‍රිකාව මුණ ගැසෙන්නේ නම් අවසන් පූර්ව තරඟ දක්වා යන්නට අපට හැකිය. එසේ නොවුනහොත් තත්ත්වය තරමක් අසීරුය. විශේෂයෙන් එංගලන්තය හෝ ඉන්දියාව වනි කණ්ඩායමක් හමුවුවහොත් ඔවුන් සිටින මානසික මට්ටම අනුව අපට දඩි තරඟයකට මුහුණ දීමට සිදුවනු ඇත.

මේ හේතුව නිසා ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඉතා ඉක්මනින් උපරිමයකට පැමිණීම අවශ්‍යය. විශේෂයෙන් මුරලි සහ මෙන්ඩිස්ය. ලසිත් තමන්ගේ රිද්මය රැක ගත යුතුය. මෙය ඉතාම අසීරු කාර්යයකි. ඔහු පසුගිය කාලයේ පන්දු යැවූ ආකාරය අනුව ඔහුගෙන් කිසියම් හෝ මොහොතක රිද්මය ගිලිහෙන්නට ඉඩ තිබේ. එසේ වුවහොත් අනෙකුත් ක්‍රීඩකයන්ට දැඩි වගකීමක් තිබේ. එහෙත් අපේ ප්‍රාර්ථනය නම් ලසිත් උපරිම රිද්මයේ තවත් මාස දෙකක් සිටිනු දැකීමයි. එවිට අනෙක් කණ්ඩායම් වල පිතිකරුවන් ගේ සිත් තුළ චකිතයක් ඇති කිරීම පහසුය.

බැලූ බැලිමට තත්ත්වය එතරම් යහපත් නැත. අවශ්‍ය වන්නේ තමන්ට උපරිමය දිය හැකි අවස්ථාවේ එය ලබා දීමයි. එහෙත් අනෙක් කණ්ඩායම් කිසිවක් සුළුවෙන් තකන්නට නම් නොහැක.

-කාංචන දසනායක-

උපුටා ගැනීම :- 2011/01/23 ඉරිදා ලංකාදීප

1/21/2011

යුගයක අවසානය ...

ලොව මෙතෙක් බිහිවූ ශ්‍රේෂ්ඨතම දඟ පන්දු යවන්නා වන මුත්තයියා මුරලිදරන්, 2011 ලෝක කුසලානයෙන් අනතුරුව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව අද නිලවශයෙන් මාධ්‍යය හමුවේ පවසා සිටීය. 38 හැවිරිදි මුරලි පසුගිය ජූලි මසදී ටෙස්ට් පිටියෙන් සමුගත් අතර, තවදුරටත් පන්දුවාර 50 හා T20 තරඟ ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කිරීම තම අපේක්ෂාව බව පැවසීය.

"මේ ලෝක කුසලාන තරඟාවලිය මම ජාත්‍යන්තර පිටියේ තරඟ වදින අවසාන තරඟාවලිය වේවි. සමුගැනීමට කාලය දැන් එළඹිල තියෙන්නෙ. තව වසර දෙකක් IPL තරඟාවලිය ක්‍රීඩාකිරීමට මම ගිවිසුම් අත්සන් කරල තිබෙන්නෙ. තව නවසීලන්තයේ හා එංගලන්ත ප්‍රාන්ත තරඟාවලි ක්‍රීඩාකිරීමටත් බලාපොරොත්තුවක් තියෙනවා."

1996 ලෝක කුසලාන ජයග්‍රාහී කණ්ඩායමෙන් මේවනවිට කණ්ඩායමේ සිටින එකම ක්‍රීඩකයාවන මුරලි, 2011 දී සිය සිව්වන ලෝක කුසලාන තරඟාවලියට සහභාගිවීමට බලාපොරොත්තුවෙයි.


මහනුවර ශාන්ත අන්තෝනි විද්‍යාලයේ ඉගෙනුම ලැබූ මුරලි, එහි ක්‍රිකට් පුහුණුකරු වූ සුනිල් ප්‍රනාන්දු මහතාගේ මග පෙන්වීම යටතේ ක්‍රිකට් අත්පොත් තැබීය. මේවන විට එක්දින ජාත්‍යන්තර තරඟ 339 කට ක්‍රීඩාකර ඇති මුරලි, එහිදී කඬුළු 517 ක් බිඳ දමමින්, එක්දින තරඟවල වැඩිම කඬුළු ලාභියා ලෙස වැජබෙයි. එහිදී ඔහුගේ හොඳම පන්දු යැවීම ලෙස සටහන් වන්නේ ඉන්දියාවට එරෙහිව ලකුණු 30 කට කඬුළු 7ක් දවා ගැනීමයි. මීට අමතරව T20 ජාත්‍යන්තර තරඟ 12 කට ක්‍රීඩාකර ඇති ඔහු කඬුළු 13 ක් දවාගැනීමට සමත්ව තිබේ.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉමහත් සේවයක් කළ මේ ශ්‍රේෂ්ඨ ක්‍රීඩකයාහට සුවහසක් ක්‍රීඩා ලෝලීන් වෙනුවෙන් Dil_Scoop අපගේ ආචාරය !
මුරලි ඔබට ස්තූතියි !!

ප.ලි. :- ලසිත් මාලිංග ටෙස්ට් තරඟ වලින් සමුගැනීමට තීරණය කර ඇති බවට පුවතක් ලැබී ඇත. වැඩි විස්තර බලාපොරොත්තුවන්න ..

1/07/2011

ලෝක කුසලාන සංචිතය කරලියට | සනා-වාස්-රන්දි ඉවතට


1. කුමාර් සංගක්කර ( නායක )
2. මහේල ජයවර්ධන ( උප නායකා
3. උපුල් තරංග
4. තිලකරත්න ඩිල්ෂාන්
5. තිලාන් සමරවීර
6. චාමර සිල්වා
7. චාමර කපුගෙදර

8. ඇන්ජෙලො මැතිව්ස්
9. තිසර පෙරේරා
10. නුවන් කුලසේකර
11. ලසිත් මාලිංග
12. දිල්හාර ප්‍රනාන්දු
13. මුත්තයියා මුරලිදරන්
14. අජන්ත මෙන්ඩිස්
15. රංගන හේරත්


තේරීම් කමිටු සභාපති අරවින්ද ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවති මාධ්‍ය හමුවකදී මෙම සංචිතය එළි දක්වන ලදී..
ලෝක කුසලාන බලාපොරොත්තුවෙන් පසු වූ සනත් ජයසූරිය සහ චමින්ද වාස් මෙන්ම මෑත කාලීනව දස්කම් දැක්වූ නවක ක්‍රීඩක සුරාජ් රන්දිව් ද සංචිතයෙන් ඉවත් කර ඇති අතර වමත් දඟ පන්දු යවන රංගන හේරත් කැඳවා ඇත.

කෙසේ වෙතත් දැන් සංචිතය නම්කර හමාරය. ලෝක කුසලානයට ඇත්තේ තව දින 42ක් වැනි ඉතා කෙටි කාලයකි.. සියලු ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු ඉටුවන ලෝක කුසලානය හඹා යන මෙම කණ්ඩායමට අපගේ උණුසුම් සුභපැතුම් එක්කරමු..!!
සිංහයන්ට ජය...!!!!