ශ්‍රී ලංකාව,ඉන්දියාව හා නවසීලන්තය අතර තුන්කොන් තරගාවලිය ඊයේ දඹුල්ලේදී ආරම්භ විය.ඉන්දියාව හා නවසීලන්තය ප්‍රථම තරගයට මුහුණ දුන් අතර නවසීලන්ත නායක රොස් ටේලර් කාසියේ වාසියට හිමිකම් කීය.ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළ ඔහු හා කණ්ඩායම ඉන් පසු මුහුණ දුන්නේ ඉතාමත් අසීරු තත්වයකටයි.ඉන්දියානු වේගපන්දු යවන්නන් වන නේරා හා ප්‍රවීන් කුමාර් කිවියන්ගේ මුල් කඩුලු කිහිපයක් නමා ගත්හ.ලකුණු පුවරුව
මෙයින් පසු එළඹෙන්නේ කතාබහට ලක්විය යුතු නායකත්වයේ ඉනිමයි.අඩු ලකුණු ප්‍රමාණයකට තම පිළේ හොදම හරිය අහිමිව සිටි නායක රොස් ටේලර් දැඩි සංයමයෙන් තම ඉනිම ගොඩනැංවීය.නවසීලන්තයේ ප්‍රවේගකාරී පිතිකරු ස්ටයිරිස් ද ටේලර් සමග සෙමින් ලකුණු ලබාගැනීම ආරම්භ කලද පසුව දුම්මල වරම අතට ගත්තේය.ලකුණු 89ක් ලබා සිටි ඔහු ඕජාගේ පන්දුවකට කොටුවූයේ හදිස්සියටම ගොහින්ය.
ලකුණු 288ක ඉලක්කයක් ලද ඉන්දියානුවන් ෂෙවාග් හා කාර්තික් පිටියට එවූහ.මේ දෙදෙනාම සාමාන්‍යයෙන් මස්කඩ තියරිය භාවිතා කරන්නන්ය.විශේෂයෙන්ම ෂෙවාග්,ඩිල්ෂාන් වාගේම වේගපන්දු යවන්නන් කපාකොටා දමා කිරිටොයියා පන්දුවට බර පන්තියෙන් සළකන්නෝය.ෂෙවාග් දවාගත්තා යනු තරගයෙන් 60% ජය ගැනීමයි.එම වාසනාවටද හිමිකම් කිවූ කිවියන් ඉන්දියානුවන් තම පන්දුයැවීම හමුවේ දණ ගැස්වූහ.පසුගිය නවසීලන්තය හා ලංකාව අතර ප්රේමදාසයේදී පැවති එක්දින තරගාවලියේදී ඩිල්ෂාන් ඇතුලු අපේ කොල්ලන්ට කොකා පෙන්වූ කිවියා, ටෆී මෙම තරගයෙන් අපිට නැවතත් රතු එළියක් දල්වා පෙන්වීය.
කොහොමින් කොහොම හෝ නවසීලන්තය තම පූර්ණ කණ්ඩායමත් නොමැතිව ආසියානු කුසලානය දිනාගත් ඉන්දියාව එම බිමේදීම අන්ත පරාජයකට ලක්කළෝය.දැන් අපේ වාරයයි.ශ්‍රී ලංකාව,ඔබේ පිළිතුර කුමක්ද?

සටහන: vudara
අපෝ අපි දිනනවා අපිට නව සීලන්තය ගේමක්නෙමේ ඇත්තටම කවද්ද අපිත් එක්ක වුන් ගහන්නේ
ReplyDeleteහැමදාමත් විහිළු නිදහසට කාරණා ගෙන හැරදකවන ධෝනි මෙවර විකට්ටුවේ ඉපිලීමට දොස් තැබීය.....ඇස් ඇස් සී...විකට්ටුව පණ මදි යැයි නෝක්කාඩු කී ඉන්දියනු සුපිරිතරු වලට මෙවර ලබාදුන් ලබාදුන් විකට්ටුව පණ වැඩිවී ඇති සෙයකි..:D
ReplyDelete@ හේමලයා: නටන්න බැරි මිනිහාට පොලොව ඇදැයි කීවාක් මෙනි..!!!
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteවිකට්ටුවේ ඉපලීමට වඩා තමුන්ගේ කණ්ඩායටමේ සමහර(ක්)ගේ ඉපලීම අඩුකරගත යුතුය.
ReplyDeleteමෙතනදි අපි පිළිගතයුතු සත්‍යයක් තිබෙනවා. ඒ ලංකාවෙ දිවා රාත්‍රී තරඟ කාසියේ වාසියමත තීරණයවීම අධික බවයි.
ReplyDeleteමේ 2007 වසරේ සිට දඹුල්ල ක්‍රීඩාංගනයේදී පවත්වනලද තරඟ පිළිබඳ සංඛ්‍යා දත්ත.
තරඟ = 11
පළමුව පන්දුවට පහරදුන් කණ්ඩායම = ජය ග්‍රහන 7
දෙවනුව පන්දුවට පහරදුන් කණ්ඩායම = ජය ග්‍රහන 4 (එක් තරඟයක් බංගලාදේශය හා ඉන්දියාව අතර )
පිතිකරණ සාමාන්‍යන් -
පළමුව පන්දුවට පහරදුන් කණ්ඩායම = 29.12
දෙවනුව පන්දුවට පහරදුන් කණ්ඩායම = 21.70
පන්දු යැවීමේ සාමාන්‍යන් -
පළමුව පන්දුවට පහරදුන් කණ්ඩායම = 25.38
දෙවනුව පන්දුවට පහරදුන් කණ්ඩායම = 33.35
මමත් තර්ඩ් මෑන් සමග එකග වෙනවා..ඕකට හොදම උදාහරණය ප්‍රේමදාස ක්‍රීඩාංගණය.
ReplyDelete