WelCome to DilScoop....!!

www.dilscoop.info the best srilankan online cricket forum....!!!

INQUIRY

ඩිල්-ස්කූප් බ්ලොග් වාර්තාකරණය ගැන ඔබේ අදහස් අපට ලියා එවන්න..dil_scoop@live.com
Showing posts with label Inter Provincial Tournament. Show all posts
Showing posts with label Inter Provincial Tournament. Show all posts

1/16/2011

වයස ප්‍රශ්නයක් නෑ සර්

අන්තර් පළාත් පන්දුවාර 50 ක්‍රිකට් තරඟාවලියේ රුහුණ හා ඌව කණ්ඩායම අතර තරඟය ඊයේ SSC පිටියේදී පැවති අතර, කාසියේ වාසිය දිනාගත් ඌව නායක තිළිණ කණ්ඩම්බිගේ ආරාධනයෙන් රුහුණ කණ්ඩායම පළමුව පන්දුවට පහරදෙන ලදි. ආරම්භක පිතිකරුවන්ලෙස පිටියට පිවිසි උපුල් තරංග හා සනත් ජයසූරියගේ ආරම්භක සබඳතාව ලකුණු 12කට සීමාකිරීමට මඳවේග පන්දු යවන කෞශල්‍යය වීරරත්න සමත් විය. ඒ තරංග ලකුණු 11 දී ඉයන් ඩැනියල් අතට උඩපන්දුවක් ලබාදීමත් සමඟ. අනතුරුව පිටියට එක්වූ ගිහාන් රූපසිංහ, ජයසූරිය සමඟ ලකුණු 53ක සබඳතාවක් ගොඩනැඟීය. තරඟයේ 13 ව පන්දුවාරයේදී රූපසිංහ පිට දඟ පන්දු යවන ජනක ගුණරත්නගේ පන්දුවකට දැවී ගිය අතර, අනතුරුව කෞශාල් සිල්වා හා ජයසූරිය ලකුණු 115ක අඟනා සබඳතාවක් ගොඩනැඟීමට සමත්විය. ප්‍රවීන ක්‍රීඩක සනත් ජයසූරිය තරඟයේ සුවිශේෂී ඉනිම ක්‍රීඩා කළේය. හේ පන්දු 111ක් තුළදී අඟනා ලකුණු 97 කින් ඉනිම වර්ණවත් කළේය. හතරේ පහර 10ක් ඔහුගේ ඉනිමට අඩංගුවිය. මෙය ජයසූරියගේ අවසන් පළාත් තරඟාවලිය වීමට බොහෝ දුරට ඉඩ තිබේ. කෙසේහෝ චාමර සිල්වා, ජීවන් මෙන්ඩිස් හා චින්තක ජයසිංහ මැදපෙළ ශක්තිමත් කළෝය. ඌව කණ්ඩායම වෙනුවෙන් මාලිංග බණ්ඩාර ලකුණු 50 කට කඩුළු 4ක් දවා ගැනීමට සමත්විය. ඩිල්හාර ප්‍රනාන්දු හට මෙම තරඟය බියකරු සිහිනයක් බවට පත්විය. ජයසූරියගේ පිතිහරඹය හේතුවෙන් ඩිල්හාරගේ පන්දුවාර 10 තුළ ලකුණු 86ක් ලබාගැනීමට රුහුණ කණ්ඩායම සමත්විය. මේ අනුව රුහුණ කණ්ඩායම සිය පන්දුවාර 50 ඇතුළත කඩුළු 8ක් දැවී, ලකුණු 285ක් ලබා ගැනීමට සමත්විය.

ජයසූරිය - ලකුණු 97 , පන්දු 111
කෞශාල් සිල්වා - ලකුණු 42 , පන්දු 69
ජීවන් මෙන්ඩිස් - ලකුණු 37 , පන්දු 33
චාමර සිල්වා - ලකුණු 31 , පන්දු 23

මාලිංග බණ්ඩාර  - කඩුළු 4 , ලකුණු 50 , පන්දුවාර 10
ජනක ගුණරත්න - කඩුළු 1 , ලකුණු 37 , පන්දුවාර 10
ශමින්ද එරංග - කඩුළු 1 , ලකුණු 45 , පන්දුවාර 10
කෞශල්‍යය වීරරත්න - කඩුළු 1 , ලකුණු 35 , පන්දුවාර 6
ඩිල්හාර ප්‍රනාන්දු - කඩුළු 1 , ලකුණු 86 , පන්දුවාර 10

ලකුණු 286ක ජයග්‍රාහී ඉක්කය හඹායාමට පිටියටබට ඌව ආරම්භක පිතිකරු යුගලයවූයේ තරංග පරණවිතාන හා මහේල උඩවත්තයි. ඉනිමේ තෙවන පන්දුවාරයේදී පරණවිතාන ලකුණු 10කට දැවීගිය අතර, අනතුරුව උඩවත්ත හා එක්වූ ඉයන් ඩැනියල් ලකුණු 42ක සබඳතාවක් ගොඩනැඟීමට සමත්විය. මහේල උඩවත්ත අඟනා අර්ධ ශතකයකින් හා නායක කණ්ඩම්බි ලකුණු 24කින් ඌව ඉනිම ගොඩනැඟීමට උත්සාහකළද, සෙසු කිසිදු පිතිකරුවකුට ලකුණු 16 ඉක්මවිය නොහැකිවිය. ඉනිමේ 30වන පන්දුවාරයේදී අයහපත් ආලෝක තත්වයමත තරඟය නතරකිරීමට විනිසිරුවන් තීරණයකළ අතර, ඒ වනවිට ඌව කණ්ඩායම කඩුළු 7ක් දැවී ලකුණු 131ක් රැස්කරගෙන සිටියහ. ඩක්වත් හා ලුවිස් න්‍යාය අනුව ඌව කණ්ඩායම ඒවන විට තරඟය ජයගැනීම සඳහා ලකුණු 227ක් ලබාගතයුතුව තිබුණි. ඒ අනුව ලකුණු 95ක ජයක් රුහුණ කණ්ඩායම ලැබීය.

මහේල උඩවත්ත - ලකුණු 50 , පන්දු 63
කණ්ඩම්බි - ලකුණු 24 , පන්දු 22

චින්තක ජයසිංහ  - කඩුළු 2 , ලකුණු 30 , පන්දුවාර 9
සචිත්‍ර සේරසිංහ - කඩුළු 2 , ලකුණු 31 , පන්දුවාර 7
සුරංග ලක්මාල් - කඩුළු 2 , ලකුණු 34 , පන්දුවාර 6
සුරාජ් රන්දීව් - කඩුළු 1 , ලකුණු 28 , පන්දුවාර 6


මේවනවිට සියලු කණ්ඩායම් තරඟ 2 බැගින් ක්‍රීඩා කර , එක් තරඟය බැඟින් ජය ගෙනතිබේ. නමුත් , කඳුරට කණ්ඩායම හා රුහුණ කණ්ඩායම පිළිවෙලින් ප්‍රථම හා දෙවන ස්ථාන වල, ප්‍රසාද ලකුණු සමඟ ජයග්‍රහන වාර්තාකිරීම හේතුවෙන් රැඳීසිටී. තරඟාවලියේ මීළඟ තරඟය වයඹ කණ්ඩායම හා කඳුරට අතර අද SSC පිටියේදී පැවැත්වීමට නියමිතය.

1/14/2011

ඩිලීට කිරි සංගට කැකිරි...!

අපි කවුරුත් ආදරේට "ඩිලී" කියන අපේ ඩිල්ෂාන් ඔන්න හොඳටම ෆෝර්ම් එකට ඇවිල්ල. වර්ල්ඩ් කප් ගහන්න එන සුද්දොන්ටයි ඉන්දියන් කාරයොන්ටයි ඉතින් දෙයියන්ගෙම පිහිටයි..! බැට් එකෙන් විතරක් නම් කමක් නෑ මේ පාර බෝලෙනුත් වැඩ පෙන්නල..

ඒ විතරක් යැ අද ඩිල්ෂාන්ට සුවිශේෂී දවසක් වෙනව . ඇයි එයා රංගනයෙන් දායක වෙන පළමු ෆිල්ම් එක "සිංහාවලෝකනය" අද සිට දිවයින පුරා ඊ.ඒ.පී. සිනමාහල් වල තිරගත වෙන්න පටන් ගත්ත.
   අන්තර් පලාත් සීමිත ඕවර තරඟාවලියේ අද බස්නාහිර සහ කඳුරට අතර පැවති තරඟයෙන් ඩක්වත් ලුවිස් ක්‍රමය අනුව බස්නාහිරට ලකුනු 3ක තියුණු ජයක් හිමි වුනා. ඩිලී බෝයි බස්නාහිරට නායකත්වය සැපයූ අතර කැප්ටන් සංගා කඳුරට මෙහෙයවූවා. කාසියේ වාසිය සංගා ලබා ගනිද්දි ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් බස්නාහිර පන්දුවාර 50 අවසනදී සියල්ල දැවී ලකුනු 58ක් ලබා ගත්ත ඩිල්ශාන් / වාස් වගේම ඩිල්ශාන්ගෙ මල්ලි තිලකරත්න සම්පත් සුපිරි පිතිහරඹයක නිරත වුනා.
 පිළිතුරු ඉණිමෙදී කඳුරට පන්දුවාර 42 කදු කඩුලු 5ට ලකුනු 199යි. ඊට පස්සෙ වැස්ස. ඔන්න ආව ඩක්වත් සහ ලුවිස් දෙන්න ඒ දෙන්නත් අද ඩිල්ශාන්ගෙ පැත්තෙ. බස්නාහිරට ලකුනු 3ක ජයක් හිමි වුනා. හැබයි සංගත් සුපිරි පිතිහරඹෙක යෙදුන ලකුනු 84 ක් ලබගත්ත. ඩිල්ශාන් පන්දුවෙනුත් දස්කම් පෑව  පන්දුවාර 7ක් යවල ලකුනු 19ක් පමණක් ලබාදීල විකට්ටුවක් ලබා ගත්ත.
අපේ කොල්ලොන්ගෙ ෆෝර්ම් එක නම් සුපිරියි....!!!
ලකුනු සටහන
බස්නාහිර 258/10 (50)
වාස් 57, ඩිල් 52, තිලකරත්න සම්පත් 76 || විදානපතිරන 41/3
කඳුරට 199/5(42)
සංගක්කාර 84,යොහාන් ද සිල්වා 40 || ඩිල් 19/1 ,මැතිව්ස් 19/1

වයඹ පරදා ඌවට කඩුලු 8ක ජයක්..!


අන්තර් පලාත් සීමිත ඕවර තරඟාවලියේ ඊයේ පැවති තරඟයෙන් කඩුලු 8ක විෂිෂ්ට ජයක් ඌව කණ්ඩායමට හිමි විය. ඒ අනුව ප්‍රසාද ලකුනු සටහනේ පෙරමුණේ පසු වූ වයඹ කණ්ඩායම 3වන ස්ථානය දක්වා පහත වැටුණි.
            කාසියේ වාසිය දිනූ ඌව නායක තිලිණ කණ්ඩම්බිගේ ආරාධනයෙන් පන්දුවට පහරදීමට පැමිණි වයඹ ක්‍රීඩකයින් පන්දුවාර 44.5 කදී සියල්ලන් දැවී රැස්කරගැනීමට හැකි වූයේ ලකුණු 199ක් පමණි.
   පිළිතුරු ඉණිම ක්‍රීඩාකළ ඌව ආරම්භක පිතිකරු යුගලය ඉතා මැනවින් තරඟය තමන් නතු කරගනිමින් පන්දුවට පහර දුන් අතර ඌව සිය ඉලක්කය කඩුලු 2ක් පමණක් දැවී තිබියදී සපුරා ගන්න ලදී.
                විශිෂ්ට පිතිහරඹයක නිරතවූ මහේල උඩවත්ත පන්දු 125 කින් ලකුණු 90ක් ද තරන්ග පරණවිතාන පන්දු 105කින් නොදැවී ලකුනු 88ක් ද රැස්කරමින් දස්කම් පෑහ.


----වයඹ 199/10 (ඕවර 44.5)---
දිමුත් කරුණාරත්න 52(82) |මහේල ජයවර්ධන 28(41)
ශමින්ද එරංග 31/3 | ජනක ගුනරත්න 24/2
----ඌව 200/2 (ඕවර 42.3)---
මහේල උඩවත්ත 90(125) |තරංග පරණවිතාන 88*(105)
රංගන හේරත් 37/2
***කඳුරට සහ බස්නාහිර අතර තරඟය අද කොලඹ එස් එස් සී පිටියේදී පැවැත්වීමට නියමිතයි..

1/12/2011

කඳුරටට පහසු ජයක් !

එළඹෙන ලෝක කුසලාන තරඟාවලියට පෙර සූදානමක් ලෙස පවැත්වෙන අන්තර් පළාත් පන්දුවාර 50 තරඟාවලියේ , කඳුරට කණ්ඩායම හා රුහුණ කණ්ඩායම අතර තරඟය අද SSC පිටියේදී පැවැත්වීය. කඳුරට කණ්ඩායමේ නායකත්වය කුමාර සංගක්කාර දැරූ අතර උපුල් තරංග රුහුණ කණ්ඩායම මෙහෙයවීය. කාසියේ වාසිය දිනාගත් රුහුණ කණ්ඩායමේ ආරාධනයෙන් කඳුරට කණ්ඩායම පළමුව පන්දුවට පහර දෙන ලදි.

ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසි යොහාන් ද සිල්වා හා සමන් ජයන්තටගේ ආරම්භක සබඳතාව ලකුණු 8 කට සීමා කිරීමට සුරංග ලක්මාල් සමත්විය. ඒ අනුව යොහාන් පළමු කඩුල්ල ලෙස ලකුණු 6 කට දවී ගියේය. අනතුරුව පිටියට එක්වූ නායක සංගක්කාර , සමන් ජයන්ත සමඟ අඟනා ලකුණු 90 ක සබඳතාවක් පැවත්වීය. චින්තක ජයසිංහ තරඟයේ 20 වන පන්දුවාරයේදී ජයන්ත ලකුණු 31 කට දවා ගැනීමට සමත්වූ අතර, ඉන් පසුව චාමර කපුගෙදර , සංගක්කාර හා එක්ව ලකුණු 43 ක සබඳතාවක් ගොඩනැඟීය.අනතුරුව පන්දුයැවීමට එක්වූ ප්‍රවීන ක්‍රීඩක සනත් ජයසූරිය විසින් සංගක්කාර හා කපුගෙදර පිළිවෙලින් තරඟයේ 31 වන හා 35 වන පන්දුවාර වලදී දවාගන්නා ලදි. ඉන්පසුව කඳුරට කණ්ඩායම වෙනුවෙන් ජෙහාන් මුබාරක් හා යොවුන් ක්‍රීඩක අන්ජලෝ පෙරේරා ලකුණු 77ක අනගි සබඳතාවකින් ඉනිම ගක්තිමත් කළෝය. ඒ අනුව පන්දුවාර 50 අවසානයේ කඳුරට කණ්ඩායම ලකුණු 268 ක් ලබාගැනීමට සමත්විය.


සංගක්කාර - ලකුණු 68 , පන්දු 109
සමන් ජයන්ත - ලකුණු 31 , පන්දු 45
කපුගෙදර - ලකුණු 25 , පන්දු 34
මුබාරක් - ලකුණු 42 , පන්දු 42
ඇන්ජලෝ පෙරේරා - ලකුණු 62* , පන්දු 61

සුරංග ලක්මාල්  - කඩුළු 3 , ලකුණු 48 , පන්දුවාර 9
ජයසූරිය - කඩුළු 2 , ලකුණු 31 , පන්දුවාර 8
චින්තක ජයසිංහ - කඩුළු 1 , ලකුණු 39 , පන්දුවාර 10
ඉසුරු උදාන - කඩුළු 1 , ලකුණු 52 , පන්දුවාර 7


ලකුණු 269 ක ජයග්‍රාහී ඉලක්කය හඹා යාමට පිටියට පිවිසි රුහුණු ආරම්භක පිතිකරුවන්ගේ ආරම්භක සබඳතාව ලකුණු 24 කි. ඒ යොවුන් ක්‍රීඩක චතුර පීරිස් හමුවේ නායක තරංග දැවීයාමත් සමඟයි. අනතුරුව පිටියට පිවිසි පිතිකරුවන්හට වැඩිවේලාවක් පිටියේ රැදීමට කඳුරට පන්දුයවන්නන්ගෙන් අවස්ථාවක් නොලැබුණි. විශේෂයෙන්ම නුවන් කුලසේකර පන්දුවාර 6 ක් තුළදී ලකුණු 10 ක් පමණක් ලබාදෙමින් එක් අන්තයකින් පීඩනය රුහුණ කණ්ඩායමට යෙදීම, සෙසු පන්දුයවන්නන්හට කඩුළු ලබාගැනීම පහසු කරවීය. ආරම්භක පිතිකරු ලෙස පිටියට පිවිසි සනත් ජයසූරිය, තරඟයේ 14 වන පන්දුවාරයේදී දවා ගැනීමට මුත්තයියා මුරලිදරන් සමත්විය. අනතුරුව අයහපත් ආලෝක තත්වයමත තරඟය 25 වන පන්දුවාරයේ පළමු පන්දුවෙන් පසු නතරකිරීමට විනිසුරුවන් තීරණය කළ අතර, ඒ වනවිට රුහුණ කණ්ඩායම කඩුළු 7ක් දැවී ලකුණු 115ක් ලබා සිටියේය. රුහුණ කණ්ඩායම වෙනුවෙන් සාර්ථකවූ එකම පිතිකරු ලෙස නම් කළහැක්කේ චාමර සිල්වායි. ඔහු පන්දු 37 කින් නොදැවී ලකුණු 34ක් රැස්කිරීය. මීට අමතරව පන්දු 48 කින් 29 ක් රැස්කරමින් ජයසූරිය යම් සාරථකත්වක් දක්වීය.


ජයසූරිය - ලකුණු 29 , පන්දු 48
චාමර සිල්වා - ලකුණු 34* , පන්දු 37

චමින්ද විදානපතිරණ - කඩුළු 2 , ලකුණු 13 , පන්දුවාර 4.1
චතුර පීරිස් - කඩුළු 2 , ලකුණු 32 , පන්දුවාර 5
නුවන් කුළසේකර - කඩුළු 1 , ලකුණු 10 , පන්දුවාර 6
මුරලිදරන් - කඩුළු 1 , ලකුණු 33 , පන්දුවාර 6
කපුගෙදර -කඩුළු 1 , ලකුණු 22 , පන්දුවාර 3


කෙසේ නමුත් අවසානයේ ඩක්වර්ත් හා ලුවිස් න්‍යාය අනුව ලකුණු 96 කින් තරඟය ජය ගැනීමට කඳුරට කණ්ඩායම සමත්විය.

තරඟාවලියේ මීළඟ තරඟය ඌව කණ්ඩායම හා වයඹ අතර හෙට SSC පිටියේදී පැවැත්වේ.

1/11/2011

අන්තර් පලාත් ක්‍රිකට් වසන්තය ඇරඹෙයි....!


ශ්‍රී ලංකා අන්තර් පලාත් ක්‍රිකට් තරඟාවලිය අද කොළඹ SSC පිටියේදී ඇරඹිණි.
  මෙවට පලාත් තරඟාවලියට ගියවර තරඟ නොකල ඌව කණ්ඩායම නැවතත් එක්වීම විශේෂත්වයකි. එමෙන්ම ගියවර බස්නාහිර උතුර සහ දකුණ ලෙස කාණ්ඩ 2කින් තරඟ කල බස්නාහිර මෙවර එක් කණ්ඩායමකට සීමාවී ඇත. තරඟාවලියට සහභාගි වන සෙසු කණ්ඩායම් අතර රුහුණ සහ කඳුරට වෙයි. මෙවර කණ්ඩායම් වලට තරඟවදින ක්‍රීඩකයන්ගේ ද වෙනසක් සිදුවී ඇති අතර නවතම සංයුතියකින් කණ්ඩායම් 5 නිර්මාණය වී තිබේ.....
     තරඟාවලියේ ආරම්භක තරඟයේදී ඩක්වත් ලුවිස් න්‍යාය අනුව බස්නාහිර පැරදවමින් වයඹ පලාත් කණ්ඩායම ලකුනු 47ක ජයක් හිමිකරගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සමත් විය.
  මෙවර බස්නාහිරට නායකත්වය තිලකරත්න ඩිල්ෂාන් දක්වන අතර වයඹ කණ්ඩායම මෙහයවන්නේ මහේල ජයවර්ධන විසිනි. වර්ෂාව හේතුවෙන් තරඟය පන්දුවාර 43කට සීමා විණි.
කාසියේ වාසිය දිනාගත් වයඹ නායක ජයවර්ධනගේ ඇරඹුමෙන් ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි බස්නාහිර කණ්ඩායම සිය පන්දුවාර 43 නිමාවෙද්දී කඩුලු 9කට ලකුනු 217ක් රැස්කිරීමට සමත් විය.
තිලකරත්න ඩිල්ෂාන් 58 , රොශේන් සිල්වා 40* , චමින්ද වාස් 29
වෙලගෙදර 54/3 , සේනානායක 37/3 , හේරත් 38/2 

පිළිතුරු ඉණිම ඇරඹූ වයඹ කණ්ඩායමට මුහුණදීමට හැකිවූයේ පන්දුවාර 29.1 කට පමණි. අයහපත් කාලගුනය නිසා තරඟය නතර කරන විට වයඹ  ලකුනු 166ක් කඩුලු 2ක් පමණක් දැවී රැස්කරගැනීමට සමත් විය
දිනේෂ් චන්දිමාල් 92* , මහේල ජයවර්ධන 55*
චමින්ද වාස් 31/1
කඳුරට සහ රුහුණ අතර තරඟය හෙට එස් එස් සී පිටියේදී පැවැත්වෙයි..