ශ්‍රී ලංකා - ඕස්ට්‍රේලියා ප්‍රථම එක්දින තරඟය මෙල්බෝර්න් හිදී මීට සුලු වේලාවකට පෙර අවසන් වූයේ ශ්‍රී ලංකාවට අරුම පුදුම තියුනු ජයක් අත්කර දෙමිනි....
කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් කැන්ගරු ඉනිම සුනු විසුනු කරන්නට තිසර පෙරේරා ප්රමුඛ සිංහ පන්දු බල ඇණිය සමත් විණි....
කෙසේ හෝ මයික් හසී ගේ දක්ෂ පිතිකරණය (71* ) නිසා කැන්ගරු ඉනිම පන්දුවාර 50 අවසනදී දිස් වූයේ කඩුලු 8කට ලකුණු 239ක් ලෙසිනි..
240ක පහසු ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ඩිල්ෂාන් - තරන්ග ආරම්භක යුගලයම වේලාසනම ක්‍රීඩාගාරයට යැවීමට කැන්ගරුවන් සමත් විය. කෙසේ නමුත් 3 වන කඩුල්ලට තරමක සබඳතාවක් ගොඩනැගීමට සංගා(49)- මහේල(19) සමත් වූවත්, මහේලහේ දැවීයාමෙන් ඇද වටුනු ශ්‍රීලංකා ඉනිම නැවතුනේ ලකුනු 107 කට කඩුලු 8ක් වශයෙනි.
9 වෙනි කඩුල්ලට එක්වූ ඇන්ජෙලෝ මැතිව්ස්(77*) සහ ලසිත් මාලිංග(56) ශ්‍රී ලංකා ඉණිමට සවියක් වූයේ දුටු ගැමුණු රජතුමාගේ යෝධයින් දෙදෙනෙකු ලෙසිනි... වාර්තාගත ලකුනු 133ක් 9 වන කඩුල්ලට රැස් කිරීමට මේ දෙදෙනා සමත් විය... අවසන් මොහොතේ ලසිත් දුවද්දී දැවී ගිය හෙයින්, පිටියට වන් මුරලි කැන්ගරු නායක ක්ලාක්ගේ පන්දුවකට 4 පහරක් එල්ල කොට 44 වන පන්දුවාරයේදී ලංකාවට ජය ගෙනදීමට සමත් විය.
කාලාන්තරයකට මතකයෙන් තුරන් නොවන තරඟයක් වූ මෙයට මෙල්බෝන් හි වෙසෙන දහස් ගනන් ලාංකිකයන් දැක්වූ සහයෝගය ද අගය කොට සළකමු....!
සිංහයෝ 1-0ක් ලෙසතරඟාවලියේ පෙරමුණ ගෙන සිටී.....
ජය ජය ශ්‍රී ලංකා....!!!!!
INQUIRY
ඩිල්-ස්කූප් බ්ලොග් වාර්තාකරණය ගැන ඔබේ අදහස් අපට ලියා එවන්න..dil_scoop@live.com
11/03/2010
Subscribe to:
Post Comments (Atom)
මාත් tv එකෙන් දැක්කා මෙල්බෝන් හි වෙසෙන දහස් ගනන් ලාංකිකයන් දැක්වූ සහයෝගය ද අගය කොට සළකමු....!
ReplyDeletewow!!!! 700 Viewers to this Post!!!
ReplyDeleteNice post.small correction:Last boundary was against Watson.
ReplyDelete