WelCome to DilScoop....!!

www.dilscoop.info the best srilankan online cricket forum....!!!

INQUIRY

ඩිල්-ස්කූප් බ්ලොග් වාර්තාකරණය ගැන ඔබේ අදහස් අපට ලියා එවන්න..dil_scoop@live.com
Showing posts with label wayamba. Show all posts
Showing posts with label wayamba. Show all posts

1/14/2011

වයඹ පරදා ඌවට කඩුලු 8ක ජයක්..!


අන්තර් පලාත් සීමිත ඕවර තරඟාවලියේ ඊයේ පැවති තරඟයෙන් කඩුලු 8ක විෂිෂ්ට ජයක් ඌව කණ්ඩායමට හිමි විය. ඒ අනුව ප්‍රසාද ලකුනු සටහනේ පෙරමුණේ පසු වූ වයඹ කණ්ඩායම 3වන ස්ථානය දක්වා පහත වැටුණි.
            කාසියේ වාසිය දිනූ ඌව නායක තිලිණ කණ්ඩම්බිගේ ආරාධනයෙන් පන්දුවට පහරදීමට පැමිණි වයඹ ක්‍රීඩකයින් පන්දුවාර 44.5 කදී සියල්ලන් දැවී රැස්කරගැනීමට හැකි වූයේ ලකුණු 199ක් පමණි.
   පිළිතුරු ඉණිම ක්‍රීඩාකළ ඌව ආරම්භක පිතිකරු යුගලය ඉතා මැනවින් තරඟය තමන් නතු කරගනිමින් පන්දුවට පහර දුන් අතර ඌව සිය ඉලක්කය කඩුලු 2ක් පමණක් දැවී තිබියදී සපුරා ගන්න ලදී.
                විශිෂ්ට පිතිහරඹයක නිරතවූ මහේල උඩවත්ත පන්දු 125 කින් ලකුණු 90ක් ද තරන්ග පරණවිතාන පන්දු 105කින් නොදැවී ලකුනු 88ක් ද රැස්කරමින් දස්කම් පෑහ.


----වයඹ 199/10 (ඕවර 44.5)---
දිමුත් කරුණාරත්න 52(82) |මහේල ජයවර්ධන 28(41)
ශමින්ද එරංග 31/3 | ජනක ගුනරත්න 24/2
----ඌව 200/2 (ඕවර 42.3)---
මහේල උඩවත්ත 90(125) |තරංග පරණවිතාන 88*(105)
රංගන හේරත් 37/2
***කඳුරට සහ බස්නාහිර අතර තරඟය අද කොලඹ එස් එස් සී පිටියේදී පැවැත්වීමට නියමිතයි..

9/23/2010

උදානගෙන් පශ්චාත් විස්කම්..!!

දකුනු අප්‍රිකාවේ පැවැත්වෙන චැම්පියන්ස් ලීග් විස්සයි විස්ස තරඟාවලියේ දිගින් දිගටම අසාර්ථකත්වයට පත්වූ වයඹ කණ්ඩායම ඊයේ(22) තමන් සහභාගී වූ අවසාන තරඟයේදී සුවිශේෂී දස්කම් පාන්නට සමත් කම් දැක්වූවා.

නවසීලන්ත සෙන්ට්‍රල් දිස්ත්‍රික් කණ්ඩායම සමඟ පැවති තරඟයේදී කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් වයඹ නියමිත පන්දුවාර 20 අවසනදී කඩුළු 6කට ලකුනු 144ක් ලබා ගත්තා. පිත්තෙන් කැපීපෙනෙන දස්කම් වාර්තා නොවූ වත්, පන්දුව අතට ගත් වයඹ පන්දුයවන්නන් සහ පන්දු රකින්නන් ප්‍රතිවාදීන් අන්ත අසරණ පරාජයක ගිල්වීමට සමත් විය.


මුල්ම බිඳලීම අජන්ත මෙන්ඩිස් විසින් තරඟයේ 2වන පන්දුවාරයේදී සිදුකරද්දී අනතුරුව කැපී පෙනෙන පන්දුවාරයක් දියත් කල ඉසුරු උදාන කඩුළු ත්‍රිත්වයක් ලබාගැනීමට සමත් විය. මුල් කඩුළු 2 කඩුළු රකින්නගේ ආධාරයෙන් බිඳලූ උදාන, හැට්‍රික් කඩුල්ල ලෙස ජෝර්ජ් වෝකර් කෙලින්ම කඩුල්ලේ පන්දුව දවටා පිටියෙන් ඉවත් කිරීමට සමත් විය.

එමන්ම අජන්ත මෙන්ඩිස් සහ රංගන හේරත් ඉතාමත් මැනවින් පන්දු යවමින් සෙන්ට්‍රල් දිස්ත්‍රික් කණ්ඩායම ලකුණු 75කට සීමා කරමින් තරඟයේ ජයග්‍රහණය තමන් නතු කරගැනීමට සමත් විය. මෙහිදී පන්දු රැකීමද ඉතාමත් විශිෂ්ට මට්ටමක පැවතිණි. විශේෂයෙන්ම මුබාරක් රැකගත් උඩපන්දුව අති විශිෂ්ට අග්‍රගණ්‍ය උඩපන්දුවක් ලෙස ජාත්‍යන්තර විචාරකයන්ගේ පැසසුමට පාත්‍ර විය.


වයඹ එකදිගට ලැබූ පරජයන්ගෙන් හෙම්බත්ව සිටි ක්‍රීඩා ලෝලීන්ට නම් මෙය අතිශය ප්‍රබෝධයක් එක් කළ තරඟයක් වුවද බොහෝ දෙනා පැවසූයේ.. "වයඹ ඔබ මෙවරත් පරක්කුයි.." යන්නයි..!

මීලඟ චැම්පියන්ස් තරඟයේදී ශ්‍රීලංකාව නියෝජනය කරන කණ්ඩායමක ජයග්‍රහණය අපේක්ෂාවෙන් අපි ඔවුන්ට සුබ පතමු...
සිංහයන්ට ජය..!!