WelCome to DilScoop....!!

www.dilscoop.info the best srilankan online cricket forum....!!!

INQUIRY

ඩිල්-ස්කූප් බ්ලොග් වාර්තාකරණය ගැන ඔබේ අදහස් අපට ලියා එවන්න..dil_scoop@live.com
Showing posts with label ICC WC2011. Show all posts
Showing posts with label ICC WC2011. Show all posts

1/20/2011

yfm ක්‍රිකට් තේමා ගීතය.

දැන් ලෝක කුසලාන උණුසුමත් සමඟම හෝ ගාල ක්‍රිකට් සිංදු එනවනේ.. මොරාල් ටික නම් නැගල යනව. ඒත් කොතෙකුත් සිංදු අතර ඇඟට දැනෙන සිංදුවක් තිබුණද කියල බැලුවොත් ඒක ටිකක් හිතන්න ඕන නේ ආව ඔක්කොම වගේ වාණිජ පදනමෙන් වෙලෙඳපොලට ආපුව කිව්වොත් කීප දෙනෙක් හරි මා එක්ක එකඟ වෙයි.. මේ සියල්ල අතරට තරමක් හිතට සහ ඇඟට දැනෙන ගීතයක් මෙන්න ඇවිල්ල තියනව ගීතය කරල තියෙන්නෙ වයි.එෆ්.එම්. ආයතනයෙන්.. අහලම බලල ගුණ දොස් වර්ණනා කරමු බලන්න.

1/12/2011

ලෝක කුසලාන එන සිම්බාබ්වේ සංචිතය.

සිම්බාබ්වේ ලෝක කුසලාන සංචිතය අද දින , හිටපු ක්‍රීඩක වත්මන් සභාපති ඇලස්ටෙයාර් කැම්බල් විසින් එලිදක්වනු ලැබුවා...
එල්ටන් චිගුම්බුරා නායකත්වය සපයන සිම්බාබ්වේ කණ්ඩායම , එක්දින ශ්‍රේණිගතකිරීම් වල ප්‍රසාද ලකුනු 34ක් සමඟින් 11 වන ස්ථානයේ පසුවෙයි.
   කෙසේ වෙතත් ජ්‍යේෂ්ට ක්‍රීඩක ආරම්භක පිතිකරු හැමිල්ටන් මැසැකඩ්සා මෙම ක්‍රීඩකයින් පහළොස් දෙනා අතරට සුදුසුකම් නොලබා ඇති අතර සිම්බාබ්වේ ක්‍රීඩා ලෝලීන් ඒ පිළිබඳව මහත් අප්‍රසාදය පලකොට ඇති බව වාර්තා වෙයි. ඔහු වෙනුවට වමත් පිතිකරු සීන් අර්වින් නම් කර තිබෙයි.


  • එල්ටන් චිගුම්බුරා (නායක )
  • රෙජිස් චකාබ්වා
  • චාර්ල්ස් කවෙන්ට්‍රි
  • ග්‍රැහැම් ක්‍රීමර්
  • ක්‍රේග් අර්වින්
  • සීන් අර්වින්
  • ග්‍රේග් ලෑම්බ්
  • ශිංගිරායි මසැකඩ්සා
  • ක්‍රිස් ම්පුෆු
  • රේ ප්‍රයිස්
  • එඩ් රේන්ස්ෆෝර්ඩ්
  • ටටෙන්ඩා ටයිබු
  • බ්‍රෙන්ඩන් ටේලර්
  • ප්‍රොස්පර් උට්සෙයා
  • සීන් විලියම්ස්