අන්තර් පලාත් සීමිත ඕවර තරඟාවලියේ ඊයේ පැවති තරඟයෙන් කඩුලු 8ක විෂිෂ්ට ජයක් ඌව කණ්ඩායමට හිමි විය. ඒ අනුව ප්‍රසාද ලකුනු සටහනේ පෙරමුණේ පසු වූ වයඹ කණ්ඩායම 3වන ස්ථානය දක්වා පහත වැටුණි.
කාසියේ වාසිය දිනූ ඌව නායක තිලිණ කණ්ඩම්බිගේ ආරාධනයෙන් පන්දුවට පහරදීමට පැමිණි වයඹ ක්‍රීඩකයින් පන්දුවාර 44.5 කදී සියල්ලන් දැවී රැස්කරගැනීමට හැකි වූයේ ලකුණු 199ක් පමණි.
පිළිතුරු ඉණිම ක්‍රීඩාකළ ඌව ආරම්භක පිතිකරු යුගලය ඉතා මැනවින් තරඟය තමන් නතු කරගනිමින් පන්දුවට පහර දුන් අතර ඌව සිය ඉලක්කය කඩුලු 2ක් පමණක් දැවී තිබියදී සපුරා ගන්න ලදී.
විශිෂ්ට පිතිහරඹයක නිරතවූ මහේල උඩවත්ත පන්දු 125 කින් ලකුණු 90ක් ද තරන්ග පරණවිතාන පන්දු 105කින් නොදැවී ලකුනු 88ක් ද රැස්කරමින් දස්කම් පෑහ.
----වයඹ 199/10 (ඕවර 44.5)---
දිමුත් කරුණාරත්න 52(82) |මහේල ජයවර්ධන 28(41)
ශමින්ද එරංග 31/3 | ජනක ගුනරත්න 24/2
----ඌව 200/2 (ඕවර 42.3)---
මහේල උඩවත්ත 90(125) |තරංග පරණවිතාන 88*(105)
රංගන හේරත් 37/2
***කඳුරට සහ බස්නාහිර අතර තරඟය අද කොලඹ එස් එස් සී පිටියේදී පැවැත්වීමට නියමිතයි..
No comments:
Post a Comment