WelCome to DilScoop....!!

www.dilscoop.info the best srilankan online cricket forum....!!!

INQUIRY

ඩිල්-ස්කූප් බ්ලොග් වාර්තාකරණය ගැන ඔබේ අදහස් අපට ලියා එවන්න..dil_scoop@live.com

8/14/2014

පාකිස්ථානු වේගපන්දු බල ඇණියේ පිබිදීම.


අද ඇරඹි පාකිස්තාන - ශ්‍රීලංකා දෙවන සහ අවසාන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ පළමු දිනය නිමාවට පත්වන විට පළමුව පන්දුවට පහර දෙන ශ්‍රීලංකා කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුනු 261ක් ලබා ඉතා අසීරු අඩියක පත්වෙයි.  
කොළඹ එස් එස් සී පිටියේ කාසිය වාසිය දිනා මුලින් පන්දුවට පහරදීමට නායක ඇන්ජෙලෝ මැතිව්ස් තීරණය කලේ වෙනදාටත් වඩා දැඩි තණ තීරුවක් සකස්කර තිබූ නිසා වුවද අංශ කිහිපයකින් සුවිශේශී තරඟයක් වන මෙහි වැඩි වාසි අත්කරගැනීමට අද දින නිදහස් දිනය සමරණ පාකිස්තානය සමත් විය. 
ඒ අන් කිසිවක් නිසා නොව ශ්‍රීලංකා පිලේ පිතිකරුවන් 8 දෙනෙකු දැනටමත් ක්‍රීඩාගාරයට යවා ඇති නිසාවෙනි. මෙහිලා සුවිශේශී කාර්ය භාරයක් ඉටු කළේ පකිස්තානු වේග පන්දුකරණයයි. පිතිකරුවන්ට උචිත තණතීරුවක වුවද මනා සැළස්මකින් යුතුව පන්දුයැවූ පාකිස්තානු වේගපන්දුයවන්නන් සංගක්කාර, මහේල, මැතිව්ස් වැනි සුපිරි පිතිකරුවන් සමගින් ශ්‍රීලංකා පිල දමනය කරනු ලැබුවේ අතීතය සිහිගන්වමිනි. වාහබ් රියාස් සන ජුනයිඩ් කාන් වරෙක සිහිගැන්වූවේ වසිම් අක්‍රම් සහ වකාර් යුනිස් ගේ පන්දු යැවීමයි.. වාහාබ් රියාස්ගේ අධිවේග සහිත කෙටිපන්දු පිතිකරුවන් සම්පූර්ණයෙන්ම පරාජය කලේ එදවස වකාර් යුනිස් පන්දු යැවූ විලසිනි.... 
එදා වකාර් පීඩනය ගෙනෙද්දී වසිම් විකට්ටුව තුලට පන්දු යවා කඩුලු දවාගත්ත මෙන් අද වහාබ් පීඩනය ගෙනෙද්දී ජුනයි පන්දු යැවුවේ වසිම්ගේ අඩිපාර අනුගමනයකරමිනි.. ඒ අනුව දැවීගිය කඩුලු 8න් 7ක්ම ජුනයිඩ් සහ වහාබ් අතර බෙදී යද්දී මේ ව්‍යායාමය පසුපස සිටින්නේ අන් කවරෙක් නොව එදා පිටියේ සිටි වකාර් යුනිස් ය. පාකිස්තාන කණ්ඩායමේ නව පුහුණුකරු දූරයේ නැවත ක්‍රියාක්‍රන වකාර් ඉතාමත් මැනවින් තම අත්දැකීම් බෙදා දෙමින් සාර්ථක ප්‍රතිපල පකිස්තානයට දිනා දෙන්නට සමත් විය.



2/08/2011

සිංහයෝ අපේ - වීරයන් අපේ...


ඩිල්_ස්කූප් ෆෑන් පේජ් එක කිව්ව ගමන් ලංකාවෙ ක්‍රිකට් ගැන උනන්දුවක් දක්වන ඕන කෙනෙක් දන්නවනේ... ඉතිං ඔන්න අපේ ෆෑන්ස්ල වෙනුවෙන් ඒ වගේම ලෝක කුසලාන යන අපේ ක්‍රිකට් කණ්ඩායමට උපහාරයක් විදියට මියුසික් ට්‍රැක්1ක් කරන්න අපි තීරණය කලේ පසු ගිය වසරේ සැප්තැම්බර් මාසයේ විතර.

ඒ අනුව අපේ ඩිසේබල් වුණු පරණ පේජ් එකේ පෝස්ට් 1ක් දැම්ම ෆෑන්ස්ලට හොඳ ගීතයකට පද වැල් අප වෙත එවන්න කියල. අපිට ඉතාමත් හොඳ ප්‍රතිචාර ලැබුනා. ගීත 20කට වඩා වැඩි ප්‍රමාණයක් අපට එමගින් යොමු වුනා.

එම ගීත අතුරින් වඩාත්ම සුදුසු ගීතය තෝරා ගැනීම අපට ඉමහත් අසීරු කටයුත්තක් වුනා. කෙසේ හෝ වේවා එම පද වැල් අතරේ "සිංහයෝ අපේ - වීරයන් අපේ" යන්න තරමක් කැපී පෙනෙන්නට වුනා. එම ගී වදන් අප වෙත ලියා එවූයේ සා.පීතර විද්‍යාලයේ ඉගෙනුම ලබන  යශින්ත් යුරේෂ් සොහොයුරා යි. ඔහුගේ පද වැල් තෝරා ගැනීමෙන් පසුව අප එළඹුනේ ගී තනුව නිර්මාණයටයි. දෙසැම්බර් මස මුල් සතියේ එක්තරා දිනෙක මාගේ විශේෂ ආරාධනය මත දර්ශන ගිම්හාර සොයුරාට මෙම කාර්යය පැවරෙන ලදී. උපතින්ම සංගීත මහෝෂධයෙකු වන දර්ශන අතින් මෙම තනුව නිර්මාණය වූයේ ආරාධනා ලැබී දින 3කටත් අඩු කාලයකින් වීම විශේෂයකි. දර්ශන ගැන කිවහොත් ඔහු අනාගතයේ සංගීත ක්ෂේත්‍රයේ සුවිශේෂී කඩඉමක් වනු නිසැකයි.

මෙසේ තනුව නිර්මාණයෙනුත් අනතුරුව අප එළඹුනේ තීරණාත්මක අවස්ථාවකටයි. මෙයට වොයිස් කිරීම සහ පටිගත කිරීම කෙසේ කරම්දෝයි සිතමින් මාසයකටත් වැඩි කලක් අපට බලාගෙන සිටීමට සිදු වුණා. නමුත්  මේ සියලු බාධක බිඳලමින් අපේ රංගන ශිල්පි පුබුදු චතුරංගයන් මට හමුවූ දිනෙක මා මෙම අදහස ඔහුවෙත පවසූ වදනින් අවශ්‍ය පුද්ගලයා ඔහු විසින් මා වෙත හඳුන්වා දෙනු ලැබුවා. ඔහු නමින් දිනිත් අකලංක. දිනිත් ලංකාව හඳුනාගත්තේ "සුදු කෙල්ලේ" ගීතයෙන්. බොහෝ දෙනා දන්න ආකරයට "V3 boys" යන නම ඇසූ පමණින් මෙම ගීතය මතකයට එයි.

කෙසේ වෙතත දිනිත්ගේ කාලය අපවෙත කැප කිරීමත් දර්ශනගේ පූර්ණකාලීන  සහයෝගයත් නිසා අපට මෙම ගීතය ඔබ වෙත රැගෙන ඒමට හැකියාව ලැබුනා. අවසාන වශයෙන් ගීතයේ වීඩියෝව නිර්මාණයේදී සහයෝගය දැක්වූ අංජුල මල්ෂාන් සහ ජනිත් රාජපක්ෂ සිහිපත් කරන අතර මෙයට නන් අයුරින් සහයෝගය දුන් සියලු දෙනාටම ස්තූතිය පුදකිරීමට කැමැත්තෙමි.

මෙම ගීතය ඩවුන්ලෝඩ් කර ගැනීමට පහත යොමුවන් වෙත පිවිසෙන්න.
ගීතය රස විඳින්න කියා ආරධනා කරමින් මෙම ගීතය ඔබේ මිතුරන් සමග බෙදා හදා ගන්න ලෙසටත් ඇරයුම් කරමි.
"සිංහයෝ අපේ - වීරයන් අපේ...
ක්‍රිකට් ලෝකයේ - රජවරුත් අපේ..."

Download MP3
Download Video
Watch On Youtube
Lyrics

2/06/2011

තෙන්ඩුල්කාර් - දෝනි ලෝක කුසලාන අවදානමක....

2011 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට තවත් ඇත්තේ සති 2ක කටත් අඩු කාලයකි. ලෝක කුසලාන උණුසුම ලොවපුරා පැතිරෙද්දී එය ආසියානු කලාපයේ වසංගතයක් සේ පැතිරෙමින් පවතියි. එම උණුසුම තවත් තීව්‍ර කරන පුවතක් මේ වන විට ඉන්දියාවෙන් වාර්තා වී තිබේ.
සචින් තෙන්ඩුල්කාර් සහ මහේන්ද්‍ර සිං දෝනි යනු ඉන්දීය කණ්ඩායම සතු ප්‍රබලතම සහ වැදගත්ම තුරුම්පු දෙකකි. මොවුන් දෙදෙනා මේ වනවිට ලොව්ක කුසලාන තහනමක පැටලීමට දොර‍ටු විව්ර්ත කරගෙන සිටියි.

අයි.සී.සී. ය තවමත් නිළවචයෙන් යමක් මේ පිළිබඳව පළකර  නැතත් ඉන්දියානු මාධ්‍ය වලින් අනාවරණය වන පරිදි මොවුන් දෙදෙනා මෙම අර්බුදයට මැදිව සිටින්නේ අනුග්‍රාහක ආයතන සමඟ ගිවිසුම් ඇතිකරගැනීම නිසාවෙනි. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය මීට පෙර නීතියක් නිකුත් කර ඇත්තේ මෙවර ලෝක කුසලාන තරඟාවලියේ තරඟ පැවැත්වෙන කාලසීමාවන් ඇතුළත නිළ අනුග්‍රාහක ආයතන සමඟ හැර වෙනත් කිසිඳු ආයතනයක් සමග ක්‍රීඩකයන්ට ගිවිසුම් අත්සන් කිරීම තහනම් බවයි. මෙවර ලෝක කුසලාන නිළ අනුග්‍රාහකයන් වන්නේ "පෙප්සි" සහ "හීරෝ හොන්ඩා" සමාගම් පමණි. එහෙත්  ටෙන්ඩුල්කාර් විසින් "කොකා කෝලා" සමාගම සමග ද මහේන්ද්‍ර සිං දෝනි විසින් , "සෝනි" සහ "ටී.වී.එස්." සමාගම් සමග ද මේ වන විටත් ගිවිසුම් අත්සන් කර ඇති බව වාර්තා වෙයි.
  මේ තත්ත්වය මත දෝනි සහ තෙන්ඩුල්කාර් ලෝක කුසලාන තරඟ තහනමක අවදානමකට ලක්ව ඇති බව ජාත්‍යන්තර මාද්‍ය වාර්තා කරයි.
කුමකින් කුමක් සුදුවේ දැයි අපි උපේක්ෂාවෙන් බලා සිටිමු.