ඩිල්_ස්කූප් ෆෑන් පේජ් එක කිව්ව ගමන් ලංකාවෙ ක්‍රිකට් ගැන උනන්දුවක් දක්වන ඕන කෙනෙක් දන්නවනේ... ඉතිං ඔන්න අපේ ෆෑන්ස්ල වෙනුවෙන් ඒ වගේම ලෝක කුසලාන යන අපේ ක්‍රිකට් කණ්ඩායමට උපහාරයක් විදියට මියුසික් ට්‍රැක්1ක් කරන්න අපි තීරණය කලේ පසු ගිය වසරේ සැප්තැම්බර් මාසයේ විතර.
ඒ අනුව අපේ ඩිසේබල් වුණු පරණ පේජ් එකේ පෝස්ට් 1ක් දැම්ම ෆෑන්ස්ලට හොඳ ගීතයකට පද වැල් අප වෙත එවන්න කියල. අපිට ඉතාමත් හොඳ ප්‍රතිචාර ලැබුනා. ගීත 20කට වඩා වැඩි ප්‍රමාණයක් අපට එමගින් යොමු වුනා.
එම ගීත අතුරින් වඩාත්ම සුදුසු ගීතය තෝරා ගැනීම අපට ඉමහත් අසීරු කටයුත්තක් වුනා. කෙසේ හෝ වේවා එම පද වැල් අතරේ "සිංහයෝ අපේ - වීරයන් අපේ" යන්න තරමක් කැපී පෙනෙන්නට වුනා. එම ගී වදන් අප වෙත ලියා එවූයේ සා.පීතර විද්‍යාලයේ ඉගෙනුම ලබන
යශින්ත් යුරේෂ් සොහොයුරා යි. ඔහුගේ පද වැල් තෝරා ගැනීමෙන් පසුව අප එළඹුනේ ගී තනුව නිර්මාණයටයි. දෙසැම්බර් මස මුල් සතියේ එක්තරා දිනෙක මාගේ විශේෂ ආරාධනය මත
දර්ශන ගිම්හාර සොයුරාට මෙම කාර්යය පැවරෙන ලදී. උපතින්ම සංගීත මහෝෂධයෙකු වන දර්ශන අතින් මෙම තනුව නිර්මාණය වූයේ ආරාධනා ලැබී දින 3කටත් අඩු කාලයකින් වීම විශේෂයකි. දර්ශන ගැන කිවහොත් ඔහු අනාගතයේ සංගීත ක්ෂේත්‍රයේ සුවිශේෂී කඩඉමක් වනු නිසැකයි.
මෙසේ තනුව නිර්මාණයෙනුත් අනතුරුව අප එළඹුනේ තීරණාත්මක අවස්ථාවකටයි. මෙයට වොයිස් කිරීම සහ පටිගත කිරීම කෙසේ කරම්දෝයි සිතමින් මාසයකටත් වැඩි කලක් අපට බලාගෙන සිටීමට සිදු වුණා. නමුත් මේ සියලු බාධක බිඳලමින් අපේ රංගන ශිල්පි
පුබුදු චතුරංගයන්
මට හමුවූ දිනෙක මා මෙම අදහස ඔහුවෙත පවසූ වදනින් අවශ්‍ය පුද්ගලයා ඔහු විසින් මා වෙත හඳුන්වා දෙනු ලැබුවා. ඔහු නමින්
දිනිත් අකලංක. දිනිත් ලංකාව හඳුනාගත්තේ "
සුදු කෙල්ලේ" ගීතයෙන්. බොහෝ දෙනා දන්න ආකරයට "V3 boys" යන නම ඇසූ පමණින් මෙම ගීතය මතකයට එයි.
කෙසේ වෙතත දිනිත්ගේ කාලය අපවෙත කැප කිරීමත් දර්ශනගේ පූර්ණකාලීන සහයෝගයත් නිසා අපට මෙම ගීතය ඔබ වෙත රැගෙන ඒමට හැකියාව ලැබුනා. අවසාන වශයෙන් ගීතයේ වීඩියෝව නිර්මාණයේදී සහයෝගය දැක්වූ
අංජුල මල්ෂාන් සහ
ජනිත් රාජපක්ෂ සිහිපත් කරන අතර මෙයට නන් අයුරින් සහයෝගය දුන් සියලු දෙනාටම ස්තූතිය පුදකිරීමට කැමැත්තෙමි.
මෙම ගීතය ඩවුන්ලෝඩ් කර ගැනීමට පහත යොමුවන් වෙත පිවිසෙන්න.
ගීතය රස විඳින්න කියා ආරධනා කරමින් මෙම ගීතය ඔබේ මිතුරන් සමග බෙදා හදා ගන්න ලෙසටත් ඇරයුම් කරමි.
"සිංහයෝ අපේ - වීරයන් අපේ...
ක්‍රිකට් ලෝකයේ - රජවරුත් අපේ..."
Download MP3
Download Video
Watch On Youtube
Lyrics
2011 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට තවත් ඇත්තේ සති 2ක කටත් අඩු කාලයකි. ලෝක කුසලාන උණුසුම ලොවපුරා පැතිරෙද්දී එය ආසියානු කලාපයේ වසංගතයක් සේ පැතිරෙමින් පවතියි. එම උණුසුම තවත් තීව්‍ර කරන පුවතක් මේ වන විට ඉන්දියාවෙන් වාර්තා වී තිබේ.
සචින් තෙන්ඩුල්කාර් සහ මහේන්ද්‍ර සිං දෝනි යනු ඉන්දීය කණ්ඩායම සතු ප්‍රබලතම සහ වැදගත්ම තුරුම්පු දෙකකි. මොවුන් දෙදෙනා මේ වනවිට ලොව්ක කුසලාන තහනමක පැටලීමට දොරටු විව්ර්ත කරගෙන සිටියි.
අයි.සී.සී. ය තවමත් නිළවචයෙන් යමක් මේ පිළිබඳව පළකර නැතත් ඉන්දියානු මාධ්‍ය වලින් අනාවරණය වන පරිදි මොවුන් දෙදෙනා මෙම අර්බුදයට මැදිව සිටින්නේ අනුග්‍රාහක ආයතන සමඟ ගිවිසුම් ඇතිකරගැනීම නිසාවෙනි. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය මීට පෙර නීතියක් නිකුත් කර ඇත්තේ මෙවර ලෝක කුසලාන තරඟාවලියේ තරඟ පැවැත්වෙන කාලසීමාවන් ඇතුළත නිළ අනුග්‍රාහක ආයතන සමඟ හැර වෙනත් කිසිඳු ආයතනයක් සමග ක්‍රීඩකයන්ට ගිවිසුම් අත්සන් කිරීම තහනම් බවයි. මෙවර ලෝක කුසලාන නිළ අනුග්‍රාහකයන් වන්නේ "පෙප්සි" සහ "හීරෝ හොන්ඩා" සමාගම් පමණි. එහෙත් ටෙන්ඩුල්කාර් විසින් "කොකා කෝලා" සමාගම සමග ද මහේන්ද්‍ර සිං දෝනි විසින් , "සෝනි" සහ "ටී.වී.එස්." සමාගම් සමග ද මේ වන විටත් ගිවිසුම් අත්සන් කර ඇති බව වාර්තා වෙයි.
මේ තත්ත්වය මත දෝනි සහ තෙන්ඩුල්කාර් ලෝක කුසලාන තරඟ තහනමක අවදානමකට ලක්ව ඇති බව ජාත්‍යන්තර මාද්‍ය වාර්තා කරයි.
කුමකින් කුමක් සුදුවේ දැයි අපි උපේක්ෂාවෙන් බලා සිටිමු.
ලෝක කුසලාන තරඟාවලියට කණ්ඩායම් නම් කර හමාරය. දැන් ඇත්තේ කණ්ඩායම් හොඳින් සූදානම් කිරීමයි. කණ්ඩායමට නම් නොකළේ කවුද ඔවුන්ට එසේ වූයේ ඇයි ආදී වශයෙන් වූ කතා දැන් ප්‍රයෝජනයක් නැත. ප්‍රයෝජනයක් ඇති එකම මාර්ගය නම් මෙම කණ්ඩායම යොදා ගෙන ලෝක කුසලාන තරඟාවලියක් ජය ගැනීමට සැලසුම් සකස් කිරීමයි.
මෙවර ක්‍රීඩා කරන කණ්ඩායමේ ක්‍රීඩකයින් ගෙන් ක්‍රීඩකයින් 8 දෙනෙකුම පසුගිය වතාවේ ලෝක කුසලාන අවසන් තරඟයට ක්‍රීඩා කළ ක්‍රීඩකයින්ය. මෙවැනි තත්වයන් මීට පෙර උදාවූයේ 1999 දී නම් වූ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේය. එහිදීද ක්‍රීඩකයින් 8 දෙනෙකු ඊට පෙර අවස්ථාවේ අවසන් තරඟයට ක්‍රීඩා කර තිබිණි. චාමර සිල්වා හැරෙන්නට පසුගිය ලෝක කුසලාන අවසන් තරඟය ක්‍රීඩා කළ මෙවර කණ්ඩායමට න වූ අනෙක් සෑම ක්‍රීඩකයෙකුම නිරන්තරයෙන් එක්දින තරඟවලට එක් වී තිබේ. මේ නිසා කණ්ඩායමේ අත්දැකීම් ගැන අමුතුවෙන් කියන්නට අවශ්‍ය නොවේ

දැන් බොහෝ දෙනා අසන ප්‍රශ්නය අපට ජයග්‍රහණය කරන්නට හැකිද යන්නයි. වර්තමානයේ පවතින තත්වය අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරි පෙළ තරඟකරුවෙකි. එහෙත් අප අමතක නොකළ යුත්තේ මෙය 1996 වනි තරඟාවලියක් නොවන බවයි. ලෝක කුසලානයේදී තණතිලි සැකසෙන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයට අවශ්‍ය පරිදිය. ඒ නිසා අනවශ්‍ය ලෙස දඟ පන්දු යවන්නන් ගැන සිතීමට අවශ්‍ය නැත. එහෙත් ප්‍රශ්නය වන්නේ ඉන්දීය කණ්ඩායම නම් කිරීමේ දී දඟ පන්දු යවන්නන්ට මූලිකත්වය දීමයි. ඉන්දියාව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ බලය අල්ලා ගෙන සිටින නිසා මෙවර තණතිලි දඟ පන්දු යවන්නන්ට වාසිදායක වන ආකාරයෙන් සකස් වීමට බොහෝ දුරට ඉඩ තිබෙන බවට මෙය හොඳම ඉඟියකි. ඒ අනුව අපේ කණ්ඩායමට අවශ්‍ය තරම් අවස්ථාවන් නිර්මාණය වී තිබේ.

කෙසේ වෙතත් අප හොඳින් විමසා බැලිය යුත්තේ ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නන් කොතරම් හොඳ ස්ථානයක සිටිනවාද යන්නයි. පසුගිය අවුරුදු දෙක දෙස බලන විට සුවිශේෂ යමක් දැක ගත නොහැක. කණ්ඩායමේ ප්‍රහාරක දඟ පන්දු යවන්නා වන අජන්ත මෙන්ඩිස් අවසන් වසර දෙකේ දී තරඟ 23 කදී කඬුළු 23 ක් දවා ගෙන ඇතත් පන්දු ඕවරයකට ලකුණු 5 ඉක්මවා ලබා දී ඇති අතර කඬුල්ලක සාමාන්‍යය 40 ඉක්මවයි. ඒ අනුව ඔහු වර්තමානය වනවිට ප්‍රහාරක තත්වයේ නැත. මුරලිද එසේමය. එහෙත් මුරලිගේ වාසියක් වන්නේ ඔහු පසුගිය වසර දෙක ඇතුළත පාකිස්ථානයට සහ ඕස්ට්‍රේලියාවට එරෙහිව ඉතා හොඳින් පන්දු යවා තිබීමයි. මේ නිසා පළමු වටයේ දී මුරලි අතිශය වැදගත් වෙයි. මාලිංග ඉන්දියාව හැරෙන්නට අනෙකුත් කණ්ඩායම් වලට එරෙහිව හොඳ දස්කම් දක්වා තිබේ. නුවන් කුලසේකර සමස්ථයක් ලෙස සෑම කණ්ඩායමකටම එරෙහිව ඉතා හොඳ දස්කම් දක්වා තිබේ. එහෙත් ඉන්දියාව හමුවේ ඔහුගේ දස්කම් පසුපසිනි. එහෙත් තිසර පෙරේරා හොඳින්ම දස්කම් දක්වා ඇත්තේ ඉන්දියාව හමුවේය.

මේ සියල්ලම බලද්දී ශ්‍රී ලංකා පන්දු යවන්නන් තමන් උපරිමයෙන් කරන්නට නියමිත තරඟ ගැන දැනගෙන කටයුතු කළ යුතුය. සාමාන්‍යයෙන් තමන්ගේ පන්දු යැවීමට බියක් දක්වන කණ්ඩායමක් සමඟ ක්‍රීඩා කරන්නට පිටියට බසිද්දීම බොහෝ පන්දු යවන්නන් තරඟයෙන් භාගයක් දිනා හමාරය. මේ නිසා පළමු වටයේ දී මුරලි සහ නුවන් ගේ දස්කම් ඉතා වදගත් වෙයි. ඒ අනුව ඒ කාණ්ඩයේ පළමු ස්ථානය දිනා ගත හැකි නම් වටියි. එවිට වාසියක් සැලසෙයි. එහෙත් මට සිතෙන්නේ 1996 දී මෙන්ම අවසන් පූර්ව තරඟයේ දී ඉන්දියාව හමුවෙන්නට හැකි නම් වැදගත් බවයි. හේතුව වන්නේ වර්තමාන පන්දු යවන්නන් අතර ඉන්දියාව මට්ටු කරන්නට හැක්කේ තිසරට පමණක් වීමයි. යම් හෙයකින් අදාල දිනයේ දී තිසර ද අසාර්ථක වුවහොත් තරඟය ගිලිහෙන්නට ඇති ඉඩ වැඩිය. මේ නිසා අර්ධ අවසන් පූර්ව වටයේ දී කොදෙව් පිළ හෝ දකුණු අප්‍රිකාව මුණ ගැසෙන්නට අප උත්සාහ කළ යුතුය. දකුණු අප්‍රිකාව මුණ ගැසෙන්නේ නම් අවසන් පූර්ව තරඟ දක්වා යන්නට අපට හැකිය. එසේ නොවුනහොත් තත්ත්වය තරමක් අසීරුය. විශේෂයෙන් එංගලන්තය හෝ ඉන්දියාව වනි කණ්ඩායමක් හමුවුවහොත් ඔවුන් සිටින මානසික මට්ටම අනුව අපට දඩි තරඟයකට මුහුණ දීමට සිදුවනු ඇත.
මේ හේතුව නිසා ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඉතා ඉක්මනින් උපරිමයකට පැමිණීම අවශ්‍යය. විශේෂයෙන් මුරලි සහ මෙන්ඩිස්ය. ලසිත් තමන්ගේ රිද්මය රැක ගත යුතුය. මෙය ඉතාම අසීරු කාර්යයකි. ඔහු පසුගිය කාලයේ පන්දු යැවූ ආකාරය අනුව ඔහුගෙන් කිසියම් හෝ මොහොතක රිද්මය ගිලිහෙන්නට ඉඩ තිබේ. එසේ වුවහොත් අනෙකුත් ක්‍රීඩකයන්ට දැඩි වගකීමක් තිබේ. එහෙත් අපේ ප්‍රාර්ථනය නම් ලසිත් උපරිම රිද්මයේ තවත් මාස දෙකක් සිටිනු දැකීමයි. එවිට අනෙක් කණ්ඩායම් වල පිතිකරුවන් ගේ සිත් තුළ චකිතයක් ඇති කිරීම පහසුය.
බැලූ බැලිමට තත්ත්වය එතරම් යහපත් නැත. අවශ්‍ය වන්නේ තමන්ට උපරිමය දිය හැකි අවස්ථාවේ එය ලබා දීමයි. එහෙත් අනෙක් කණ්ඩායම් කිසිවක් සුළුවෙන් තකන්නට නම් නොහැක.
-කාංචන දසනායක-
උපුටා ගැනීම :- 2011/01/23 ඉරිදා ලංකාදීප