අපේ දැවැන්ත ක්‍රිකට් පිටුව නැවත ගොඩනංවමු......!!!!!
ලෝක කුසලානය අත ළඟ සිංහයන්ට ශක්තියක් වෙමු....!!
එන්න අප හා එක්වන්න....!
ශ්‍රී ලංකා කණ්ඩායම නැවතත් සුපුරුදු දක්ෂතා අතරට පැමිණෙනවාත් සමඟම මාධ්‍ය වෙතින් පළවන ඇතැම් පුවත් කිසිඳු පදනමකින් තොරව පළවන ඒවා බව පෙනීගොස් තිබේ....
මෙයට ආසන්නතම අවස්ථාව ලෙස ඩිල්ෂාන් සම්බන්ධව පළ වූ දූෂමාණ ආරංචිය දැක්විය හැකිය.
තිලකරත්න ඩිල්ෂාන් සහ තවත් ක්‍රීඩකයින් දෙදෙනෙකු අලලා පසුගිය දින කිහිපය තුළ ඇතම් අසත්‍ය ආරංචි අන්තර්ජාලය ඇතුළු ඇතැම් මාධ්‍ය වෙතින් ප්‍රකාශයට පත් කෙරිණි.
”ලෝක කුසලානය හෙට අනිද්දා නිසා ක්‍රීඩකයින්ගේ මානසිකත්වය අඩපණ කිරීමට විවිධ දෙස් විදෙස් ක්‍රමන්ත්‍රණ මේ වනවිට ලෝක ක්‍රිකට් ක්ෂේත්රය පුරා ක්‍රියාත්මක වෙමින් පවතිනවා.මේවා ඒවායේ එක් පැතිකඩක් විතරයි.අපි සුදුසු නිවේදනයක් අවශ්‍යතාවය පරිදි නිකුත් කරනවා.ඒ නිසා දැන්ම මේ ගැන වෙහෙස වෙන්න එපා”යැයි ක්‍රිකට් අතුරු කමිටුවේ මාධ්‍ය ප්‍රකාශක, බ්‍රයන් තෝමස් “විමසුම.com”වෙත ප්‍රකාශ කර තිබේ.
ක්‍රිකට් ක්‍රීඩකයින් සඳහා ඇති කාන්තා ආකර්ශනය මත යම් යම් සිද්ධීන් බොහෝ සංචාර අතරතුර සිදුවීම සෑම පිළකම පාහේ සිදුවන බවත්, මේ අවස්ථාවේ ඩිල්ෂාන් සම්බන්ධ සිද්ධි කරළියට එන්නේ මීළඟ ලෝක කුසලාන ක්‍රිකට් සංචිතයට ඇතුළත් වීමට බලාපොරොත්තුවෙන් මේ වනවිට කණ්ඩායමේ නිත්‍ය ස්ථාන අහිමි වී ඇති ඇතැම් ක්‍රීඩකයින් හරහා වියහැකි බව මාධ්‍යවේදී රණතුංග මහතාගේ ප්‍රකාශයෙන් හෙළිදරව් වෙයි.
Quated from Sunday's Lankadeepa.....05/09/2010
මේ අතර තුර තවත් චෝදනාවක් රාජ්කොට් තරඟය සම්බන්ධව ඉන්දියන් ටයිම්ස් පුවත්පත වාර්තා කොට තිබේ.
කෙසේ නමුත් සංගක්කාර සියලු චෝදනා ප්‍රතික්ෂේප කරයි..
ශ්‍රී ලංකාව පෙර තරගය ලාවට ඇනගත්තේය.නමුත්,ප්‍රසාද ලකුණු හුටපටය නිසා වැඩේ දෙල් විය.දැන් මීළග තරගය ලංකා පිළට ජයගත යුතුම වන අතර එය පහසු වන බවක් පෙනෙන්නටද නැත.කෙසේ වුවත් ලංකාවේ ජයග්‍රහණයට හුරේ දැමීමට අපි දත කට මැදගෙන සිටින්නෙමු.
මා අද මේ බ්ලොග් පෝස්ට් එක දමන්නට සිතුවේ ලංකාවේ සමහරක් උදවිය මෑත දින කිහිපයේදී අපේ රටට හා කොල්ලන්ට කරපු අසාධාරණය දැක කටත් අනිකත් වසාගෙන ඉදීම අපහසු වූ බැවිනි.රන්දිව් කරපු දේ හා රන්දිව්ට කරපු දේ ඔබත් මමත් අටුවා ටීකා සහිතව දනිමු.එය පුනපුනා දැක්වීම අපි අපිටම හා රන්දිව්ට කරනා අසාධාරණයකි.
සුරාජ් මෙහිදී නිවැරදිකරු විය නොහැක.මන්ද,නිවැරදිකරු යැයි කීමට හෝ ඔහු වැරැද්දක් කර නැත.මාගේ ස්ථාවරය එයයි.(වැරැද්ද කාගෙද? ඩී.කේ. ගේ උපුටාගැනීමට
http://dil-scoop.blogspot.com/2010/08/blog-post_21.html)
ඉන්දියාව ක්‍රිකට් ක්‍රීඩාවේ මහත්මා ගතිය හදුනාගත් කණ්ඩායමක් නම් මේ කරනා විලාපයන් කනේ ඇබ ගසාගෙන හෝ බලා සිටිය හැක.ෂෙවාග්ගේ මරු උදාහරණ දැක්වීමක් වූ සචින්ගේ ශතකය ලංකාව උදුරා ගැනීමේ සිද්ධියට සංගා උත්තර බැදීය.එයින් දෙයියනේ කියා ඔහු නිහඩ විය.ඔහුගෙන් ලංකාවට විරුද්ධව ට්විටර් අප්ඩේට් එකක්වත් ඉන්පසු පළ වී නැත.මේ හුටපට මැද දැගලූ සමහර ඉන්දියානුවන්ගේ කටවැහුනේ රවීන්ද්‍ර ජඩේජාගේ ෂෙවාග් ඔය අවස්ථාවේදී පන්දුව දැම්මත් මෙලෙස සිදුවිය හැකියි ප්‍රකාශයෙන් පසුවයි.
ලංකාවේ උදවිය මෙවරත් වැඩේ නෑවේය.මීට හොද උදාහරණ ඉහත ලිපියේ ඇත.කෙසේ හෝ අවසානයේ සිදුවූයේ ලංකා කණ්ඩායමේ හා රටේ නාමයේ කලු ඩොටක් ඉතිරිවීමය.
මෙම සිද්ධියේදී සංගා නැගී සිටියද ඔහු අසරණය.ඉන්දියාවට මිස ඔහුගේ උදව්වට කවුරුත් සිටියේ නැත.සංගා පිටියේදී මෙන්ම පිටදීත් තම විමසිල්ල වැඩිකල යුතුය.සිදුවූ කැළල අනුන් විසින් නොව අපි අපිම වසාගත යුතුය.අනුන් කරනා තෙක් සිටීමෙන් පලක් නැත.(මා මෙසේ කීවේ පසුගියදා සංගා, මැකලම් සමග පටලාගත් හුටපටය එතරම් ප්‍රියජනක නොවන නිසායි.)
සියල්ල වෙන්නේ හොදටයි කියා ඉදිරි ලෝක කුසලානයට සූදානම් වීම සිදුවිය යුතුය.එයට පසුබිමක් ලෙස මෙම තරගාවලිය ජය ගැනීම දැක්විය හැක.රන්දිව්, ඔබට සිදුවූ දේ මුරලිට සිදුවු දේවල් හා සැසදීමේදී කෝපි ඇටයක් තරම්ය.සියල්ල ජයගෙන ඉදිරියට යාම ඔබට බාරය.ක්‍රීඩා ලෝලීන්ගෙන් ඔබට සහය.ක්‍රීඩා කාක්කන්ගෙන් ඔබට නිති බාධක.
සටහන ; vudara
තුන් කොන් තරඟාවලියේ ඉන්දියාව සහ ශ්‍රීලංකාව අතර තරඟයට ඇත්තේ තවත් හෝරා කිහිපයක් පමණි...!!!!
මේ වන විට දෙපිලම නව සීලන්තය සමඟ තරඟ වැදී අවසන්. එහිදී ඉන්දීය කණ්ඩායම ලකුණු 200ක දැවැන්ත පරාජයක් ලැබූ අතර ශ්‍රීලංකා කණ්ඩායම කඩුලු 3ක විෂිශ්ට ජයක් ලැබීය.
මේ අතරතුර ඉන්දීය කණ්ඩායමේ යුවරාජ් සිං ඩෙංගු වැලඳීම නිසා තරඟයෙන් ඉවත් කොට තිබේ.. තවත් ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම ආබාධ වලට ලක්ව ඇති බව ඉන්දීය කණ්ඩායමේන් ලැබෙන ආරංචිමාර්ග වලින් දැක්වෙයි. ඒ හේතුවෙන් ඉන්දීය නායක මහේන්ද්‍ර සිං දෝනි මහත් අපහසුතාවයකට පත් වී ඇති බව පසුගියදා ඉන්දීය නිදහස් දින උත්සවය වෙනුවෙන් මාධ්‍ය ඇමතූ දෝනිගේ කතාබහෙන් තහවුරු වෙයි.
මෙහිදී දෝනි පවසා සිටියේ තමන්ට ලැබුණු පුහුණු තණ තිලි නුසුදුසු තත්ත්වයේ ඒවා බවයි.. මෙයට පිලිතුරු දුන් ශ්‍රීලංකා තණතිලි භාරව කටයුතු කරන අනුරුද්ද පොලොනෝවිට මහතා පැවසුවේ අවශ්‍ය සියලු තාක්ෂණික පහසුකම් සහ ක්‍රමවත් තණතිලි ලබාදී ඇති බවයි..
වැඩිදුරටත් අදහස් දැක්වූ දෝනි පවසා සිටියේ රාත්‍රී පින්න නිසා ඇතිවන අපහසුතාවයන් හේතුවෙන් ශ්‍රීලංකාවේදී දිවා රාත්‍රී තරඟ ක්‍රීඩා කිරීමට කැමැත්තක් නොදක්වන බවයි.මෙයට නිසි පිළිතුරු දුන් ශ්‍රීලංකා නායක කුමාර් සංගක්කාර පැවසූයේ විදුලි ආලෝක තත්ත්ව යටතේ ඕනෑම මොහොතක ක්‍රීඩා කිරීමට දක්ෂ කණ්ඩායමක් මැළිවිය යුතු නැති බවයි....
මෙම ප්‍රකාශ හේතුවෙන් අද දින පැවැත්වීමට නියමිත තරඟයට අමුතු ව්වැදගත්කමක් ලැබී තිබෙයි... එහෙත් මෙම ප්‍රකාශ වලින් වඩාත්ම පිළිබිඹුවන්නේ ඉන්දීය කණ්ඩායම කිසියම් බයකින් පසුවන බව නොවේ ද..!!
එසේනම් අපි බලමු අද තරඟය ජයගන්නේ කවුරුන්ද කියා...!!
අද තරඟය බොහෝවිට ඉතා උණුවුම් තරඟයක් වනු නිසැකයි.!!
සිංහයන්ට ජය !!!!
ඒ කාලෙ කිව්වෙ "Catches win matches" කියල, ඒත් දැන් කියන්නෙ "Tosses win matches" කියල....
දැන් කට්ට්ය බලනවා ඇති මේ මොකද්ද මේ කියල, ඒත්.. උප මාතෘකාව දැකපු ගමන් ක්‍රිකට් ගැන උනන්දු ඕනම කෙනෙක්ට වැටහෙනව ඇති මොකද්ද මේ කියන්න හදන්නෙ කියල... මේ තත්වය ඉතා දරුණු ලෙස බලපාන්න පටන් ගත්තෙ ඉකුත් වර්ෂ 2,3ක ඉඳල කිව්වොත් වඩාත් නිවැරදියි.....
මේ තත්ත්වය අපට ඉතා පහසුවෙන් දකින්න ලැබෙන්නෙ ඛෙත්තාරාම පිටියෙ සහ දඹුල්ල ජාත්‍යන්තර පිටියෙදියි.... අනෙක් ක්‍රීඩාංගන වල තත්වයන් මෙයින් කෙතරම් අපගමනය වන්නේදැයි කීමට නොහැක, මක් නිසාද යත් ලංකාවෙ දිවා-රාත්‍රී තරඟ දැනට පැවැත්වීමට පහසුකම් ඇත්තේ මෙම ක්‍රීඩාංගන 2හි පමණක් වීම නිසා ය.
රාත්‍රී කාලයේදී මෙම ක්‍රීඩාංගන වලට ඇදවැටෙන පින්න බොහෝ අවස්ථාවලදී ගුප්ත තීරණ ලබා දී ඇත. මෙවැනි තත්වයන් පහුගිය කාලයේදී එකදිගට දකින්නට ලැබුණු අතර ඉකුත් දා නිමාවට පත්වුණු ඉන්දු-නවසීලන්ත තරඟයටත් එය එලෙසම බලපෑවේ ය. රාත්‍රී පින්නෙන් උපරිම ප්‍රයෝජන ගත් ඩැරල් ටෆී ප්රමුඛ නවසීලන්ත වේග පන්දු යවන්නන් ඉන්දියානු ඉනිම සුනු විසුනු කරමින් කිසි කෙනෙක් නොසිතූ දැවැන්ත ජයක් වාර්තා කල හ.
මීට පෙර ලිපියේදී අපේ තර්ඩ් මෑන් සහෝදරයා උපුටා දක්වමින් දඹුල්ලේ පැවැත්වූ පසුගිය තරඟ පිලිබද දත්ත කිහිපයක් පහත දක්වමි....
- මේ 2007 වසරේ සිට දඹුල්ල ක්‍රීඩාංගනයේදී පවත්වනලද තරඟ පිළිබඳ සංඛ්‍යා දත්ත.
තරඟ = 11
පළමුව පන්දුවට පහරදුන් කණ්ඩායම = ජය ග්‍රහන 7
දෙවනුව පන්දුවට පහරදුන් කණ්ඩායම = ජය ග්‍රහන 4 (එක් තරඟයක් බංගලාදේශය හා ඉන්දියාව අතර )
පිතිකරණ සාමාන්‍යන් -
පළමුව පන්දුවට පහරදුන් කණ්ඩායම = 29.12
දෙවනුව පන්දුවට පහරදුන් කණ්ඩායම = 21.70
පන්දු යැවීමේ සාමාන්‍යන් -
පළමුව පන්දුවට පහරදුන් කණ්ඩායම = 25.38
දෙවනුව පන්දුවට පහරදුන් කණ්ඩායම = 33.35
ශ්‍රී ලංකාව,ඉන්දියාව හා නවසීලන්තය අතර තුන්කොන් තරගාවලිය ඊයේ දඹුල්ලේදී ආරම්භ විය.ඉන්දියාව හා නවසීලන්තය ප්‍රථම තරගයට මුහුණ දුන් අතර නවසීලන්ත නායක රොස් ටේලර් කාසියේ වාසියට හිමිකම් කීය.ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළ ඔහු හා කණ්ඩායම ඉන් පසු මුහුණ දුන්නේ ඉතාමත් අසීරු තත්වයකටයි.ඉන්දියානු වේගපන්දු යවන්නන් වන නේරා හා ප්‍රවීන් කුමාර් කිවියන්ගේ මුල් කඩුලු කිහිපයක් නමා ගත්හ.
ලකුණු පුවරුවමෙයින් පසු එළඹෙන්නේ කතාබහට ලක්විය යුතු නායකත්වයේ ඉනිමයි.අඩු ලකුණු ප්‍රමාණයකට තම පිළේ හොදම හරිය අහිමිව සිටි නායක රොස් ටේලර් දැඩි සංයමයෙන් තම ඉනිම ගොඩනැංවීය.නවසීලන්තයේ ප්‍රවේගකාරී පිතිකරු ස්ටයිරිස් ද ටේලර් සමග සෙමින් ලකුණු ලබාගැනීම ආරම්භ කලද පසුව දුම්මල වරම අතට ගත්තේය.ලකුණු 89ක් ලබා සිටි ඔහු ඕජාගේ පන්දුවකට කොටුවූයේ හදිස්සියටම ගොහින්ය.
ලකුණු 288ක ඉලක්කයක් ලද ඉන්දියානුවන් ෂෙවාග් හා කාර්තික් පිටියට එවූහ.මේ දෙදෙනාම සාමාන්‍යයෙන් මස්කඩ තියරිය භාවිතා කරන්නන්ය.විශේෂයෙන්ම ෂෙවාග්,ඩිල්ෂාන් වාගේම වේගපන්දු යවන්නන් කපාකොටා දමා කිරිටොයියා පන්දුවට බර පන්තියෙන් සළකන්නෝය.ෂෙවාග් දවාගත්තා යනු තරගයෙන් 60% ජය ගැනීමයි.එම වාසනාවටද හිමිකම් කිවූ කිවියන් ඉන්දියානුවන් තම පන්දුයැවීම හමුවේ දණ ගැස්වූහ.පසුගිය නවසීලන්තය හා ලංකාව අතර ප්රේමදාසයේදී පැවති එක්දින තරගාවලියේදී ඩිල්ෂාන් ඇතුලු අපේ කොල්ලන්ට කොකා පෙන්වූ කිවියා, ටෆී මෙම තරගයෙන් අපිට නැවතත් රතු එළියක් දල්වා පෙන්වීය.
කොහොමින් කොහොම හෝ නවසීලන්තය තම පූර්ණ කණ්ඩායමත් නොමැතිව ආසියානු කුසලානය දිනාගත් ඉන්දියාව එම බිමේදීම අන්ත පරාජයකට ලක්කළෝය.දැන් අපේ වාරයයි.ශ්‍රී ලංකාව,ඔබේ පිළිතුර කුමක්ද?
සටහන:
vudara
ඉන්දු-ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලිය කතා කරන්නට යමක් ඉතිරි කර ආරම්භ වී සිතන්නට යමක් ඉතිරි කර අවසන් විය.අවසන් තරගයේදී සිදුවූ අතපසුවීම් දැක ඇති වුණු කළකිරීම අජන්තගේ සාර්ථකත්වය නිසාවෙන් යටපත් වුවද අතට ලැබුණු දේ කටට නොවැටුනාදැයි දෙගිඩියාවක් ඇතිවීම පුදුමයක් නොවේ.කෙසේ වෙතත් ක්‍රීඩාවේ ස්වභාවය එයයි.එය පිළිගැනීම සිතට අපහසු නම් අවාසනාව, නොසැලකිලිමත්කම වැනි වචන භාවිතය මගින් තම සිත සනසා ගැනීම සුදුසුය. (මා භාවිතා කරන ක්‍රමය).කෙසේ හෝ කලකට පසුවවත් වෙලකට බැස්ස එක පිළිපදව අපි සතුටු විය යුත්තෙමු.
2010/08/10 දින ඇරඹෙන තුන් කොන් තරගාවලිය ටිකක් සැර වෙන පාටක් පෙනෙන්නට තිබේ.කණ්ඩායම් තුනම ක්‍රිකට් ලොව කා වතුර බිව් උදවියය.නවසීලන්තය අපේ ලංකා කොල්ලන්ට ඊයේ පෙරේදා දවසක සැරටම සලකා ඇත. (Sri Lanka Board President's XI v New Zealand, Tour match, SSC, August 4, 2010).
ලකුණු පුවරුව.රොස් ටේලර්ගේ නායකත්වය කෙසේ ශ්‍රී ලංකා කණ්ඩායමට බලපාවීදැයි කීමට තාම කල් වැඩිය.කෙසේ වෙතත් අවසන් ටෙස්ට් තරග ජයග්‍රහණයේ උණුසුම සමග ඉන්දියානුවන් මෙම තරගාවලියට අවතීර්ණ වනු නිසැකය.එහෙත් ටෙස්ට් හා එක්දින යන වෙනස් තත්වයන් පටලවා ගැනීම වරදකි.පෙරදී නවසීලන්තය හා ශ්‍රී ලංකාව අතර තරග කිහිපයම ලංකාව ඇනගත්තතේය.නමුත් අප කණ්ඩායම ශක්තිමත්ය,පරිපූර්ණය.ලොව ශක්තිමත්ම පන්දු බළඇණියට හිමිකම් කියන්නෝය.
මේ කරුණු අනුව මෙම තරගාවලිය උණුසුම් වනු නොඅනුමානය.ඉදින් මේ උණුසුම සමග අපේ කණ්ඩායම කුසලානය ඔසවනු දැකීම සතුටකි.එක්දින ලොව හෙල්ලූ අපේ වීරයන්ට මෙය දෙයක් නොවනු ඇත.නමුත් හොදම දෙය වනුයේ මේ කුසලානය මගින් ලෝක කුසලානයටත් පාඩම් එකතුකර ගැනීමයි.ශ්‍රී ලංකාව...ඔබට අපේ සුභ පැතුම් !.
වාර්තාව :
vudara
ඔබත් ලිපිලියන්නෙකු වන්නට කැමතිනම් ඔබේ විද්.ලිපිනය visiondecricket@gmail.com වෙත යොමුකරන්න
DIL SCOOP