
ජයසූරිය - ලකුණු 97 , පන්දු 111
කෞශාල් සිල්වා - ලකුණු 42 , පන්දු 69
ජීවන් මෙන්ඩිස් - ලකුණු 37 , පන්දු 33
චාමර සිල්වා - ලකුණු 31 , පන්දු 23
මාලිංග බණ්ඩාර - කඩුළු 4 , ලකුණු 50 , පන්දුවාර 10
ජනක ගුණරත්න - කඩුළු 1 , ලකුණු 37 , පන්දුවාර 10
ශමින්ද එරංග - කඩුළු 1 , ලකුණු 45 , පන්දුවාර 10
කෞශල්‍යය වීරරත්න - කඩුළු 1 , ලකුණු 35 , පන්දුවාර 6
ඩිල්හාර ප්‍රනාන්දු - කඩුළු 1 , ලකුණු 86 , පන්දුවාර 10
ලකුණු 286ක ජයග්‍රාහී ඉක්කය හඹායාමට පිටියටබට ඌව ආරම්භක පිතිකරු යුගලයවූයේ තරංග පරණවිතාන හා මහේල උඩවත්තයි. ඉනිමේ තෙවන පන්දුවාරයේදී පරණවිතාන ලකුණු 10කට දැවීගිය අතර, අනතුරුව උඩවත්ත හා එක්වූ ඉයන් ඩැනියල් ලකුණු 42ක සබඳතාවක් ගොඩනැඟීමට සමත්විය. මහේල උඩවත්ත අඟනා අර්ධ ශතකයකින් හා නායක කණ්ඩම්බි ලකුණු 24කින් ඌව ඉනිම ගොඩනැඟීමට උත්සාහකළද, සෙසු කිසිදු පිතිකරුවකුට ලකුණු 16 ඉක්මවිය නොහැකිවිය. ඉනිමේ 30වන පන්දුවාරයේදී අයහපත් ආලෝක තත්වයමත තරඟය නතරකිරීමට විනිසිරුවන් තීරණයකළ අතර, ඒ වනවිට ඌව කණ්ඩායම කඩුළු 7ක් දැවී ලකුණු 131ක් රැස්කරගෙන සිටියහ. ඩක්වත් හා ලුවිස් න්‍යාය අනුව ඌව කණ්ඩායම ඒවන විට තරඟය ජයගැනීම සඳහා ලකුණු 227ක් ලබාගතයුතුව තිබුණි. ඒ අනුව ලකුණු 95ක ජයක් රුහුණ කණ්ඩායම ලැබීය.
මහේල උඩවත්ත - ලකුණු 50 , පන්දු 63
කණ්ඩම්බි - ලකුණු 24 , පන්දු 22
චින්තක ජයසිංහ - කඩුළු 2 , ලකුණු 30 , පන්දුවාර 9
සචිත්‍ර සේරසිංහ - කඩුළු 2 , ලකුණු 31 , පන්දුවාර 7
සුරංග ලක්මාල් - කඩුළු 2 , ලකුණු 34 , පන්දුවාර 6
සුරාජ් රන්දීව් - කඩුළු 1 , ලකුණු 28 , පන්දුවාර 6
මේවනවිට සියලු කණ්ඩායම් තරඟ 2 බැගින් ක්‍රීඩා කර , එක් තරඟය බැඟින් ජය ගෙනතිබේ. නමුත් , කඳුරට කණ්ඩායම හා රුහුණ කණ්ඩායම පිළිවෙලින් ප්‍රථම හා දෙවන ස්ථාන වල, ප්‍රසාද ලකුණු සමඟ ජයග්‍රහන වාර්තාකිරීම හේතුවෙන් රැඳීසිටී. තරඟාවලියේ මීළඟ තරඟය වයඹ කණ්ඩායම හා කඳුරට අතර අද SSC පිටියේදී පැවැත්වීමට නියමිතය.
WOOOOOW ඒකියන්නේ දිල්හාර WorldCup ටීම් එකේ ඉන්නම ඕනේ!!!
ReplyDeleteනෝබෝල් 100 නෙවි 1000 ක් දැම්මත් මෙයා ඉන්නම ඕනේ නැත්නම් ක්‍රිකට් බලලත් වැඩක් නෑ..... අර අරවින්දයා ලෝකේ විශිෂ්ඨතම ක්‍රීඩකයා ජෙහාන් මුබාරක්ව කපලානේ.... ;(
නෝබෝල් බෝයි!!!
තූ නොදකින් පොන්නයෝ..