එන්ගලන්ත ප්‍රාන්ත තරගාවලියේදී හොදම ක්‍රීඩකයා වුයේ චමින්ද වාස්ය. එහෙත් ඔහුට කණ්ඩායමේ ස්ථානයක් හිමි නොවූහ. බොහෝ දෙනෙක් පවසන්නේ දිල්හාර වෙනුවට වාස්ව ආදේශ කරන්නට තිබූ බවය. මෑතකදී දිල්හාර වාස් තරම් දක්ශතා දක්වා නොමැත. පිතිකරන පැත්තෙනුත් දිල්හාරට වඩා වාස් ඉදිරියෙන් සිටින බව මා ද ඔබද හොඳින් දන්නා කරුනකි. මෙවර අන්තර් සමාජ තරගාවලියේදී දිල්හාර ලකුනු 164ක් දි කඩුලු 8ක් දවාගනිද්දි වාස් ලකුනු 117ක් දි කඩුලු 9ක් දවාගෙන සිටි. එතෙනිනුත් පැහැදිලි වන්නේ දිල්හාරට වඩා වාස් ඉදිරියෙන් බවය. වාස් මේ තරගාවලියේදීද මීට පෙර ක්‍රීඩා කරන ලද එන්ගලන්ත ප්‍රාන්ත තරගාවලියේදීද ඉතා හොදින් ක්‍රීඩා කර ඈති බව අපට පෙනී යයි. වාස්ට වඩා දිල්හාරගේ වේගය වෑඩි බව අපි දනිමු. එහේත් ඔහුගේ පන්දුවේ වාස්ගේ තරම් දෝලනයක් සහ පාලනයක් නොමැත. තේරීම් කමිටුවට පන්දුවේ දෝලනයට වඩා වේගය අවශ්‍ය නම් දිල්හාරව ඇතුලත් කර ගත්තාට කමක් නැත. එහෙත් එයට ලසිත් මාලින්ගද සිටිති. අපට මෙතරම් වේග පන්දු යවන්නන් අවශ්‍යමත් නොමැත. මන්ද අපට ලැබී ඇති තණතීරුද මන්දගාමී තණතීරු වේ. එසේනම් අපට තවත් දෝලනයක්/පාලනයක් නොමැති වේග පන්දු යවන්නෙකුට වඩා වේගයත් සමග පන්දුව දෝලනයක් කල හැකි පන්දු යවන්නෙකු ලෙස වාස්ව ඇතුලත් කරගැනීමට තේරීම් කමිටුවට අවස්ථාව තිබුනි. එහෙත් එය එසේ නොවුනි. මේ වරද නැවත නිවැරදි කර ගැනීමට තවමත් කාලය තිබේ.
පන්දු යවන්නෙකු ලෙස සනත්ට වඩා පහළින් සිටින ක්‍රීඩකයිනුත් පිතිකරුවෙකු ලෙස වාස්ට වඩා පහළින් සිටින ක්‍රීඩකයිනුත් මේ කණ්ඩායමේ සිටී. මෙය ලෝක කුසලාන තරඟාවලියකි එහෙයින් මෙහිදී අත්හදා බැලීම් නොකල යුතුය.
ස්තූතියි!!
මීට මහේෂ් මධුසංඛ.
kisi kenek horakam kare na....
ReplyDeletemeka mahesh ge article eka..
special requirement 1k nisa post kare!!!
හොරාගත්තේ නෑ බන් , විශේෂ ඉල්ලීමක් උඩ දැම්මේ.
ReplyDelete