ඒ විතරක් යැ අද ඩිල්ෂාන්ට සුවිශේෂී දවසක් වෙනව . ඇයි එයා රංගනයෙන් දායක වෙන පළමු ෆිල්ම් එක "සිංහාවලෝකනය" අද සිට දිවයින පුරා ඊ.ඒ.පී. සිනමාහල් වල තිරගත වෙන්න පටන් ගත්ත.
අන්තර් පලාත් සීමිත ඕවර තරඟාවලියේ අද බස්නාහිර සහ කඳුරට අතර පැවති තරඟයෙන් ඩක්වත් ලුවිස් ක්‍රමය අනුව බස්නාහිරට ලකුනු 3ක තියුණු ජයක් හිමි වුනා. ඩිලී බෝයි බස්නාහිරට නායකත්වය සැපයූ අතර කැප්ටන් සංගා කඳුරට මෙහෙයවූවා. කාසියේ වාසිය සංගා ලබා ගනිද්දි ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් බස්නාහිර පන්දුවාර 50 අවසනදී සියල්ල දැවී ලකුනු 58ක් ලබා ගත්ත ඩිල්ශාන් / වාස් වගේම ඩිල්ශාන්ගෙ මල්ලි තිලකරත්න සම්පත් සුපිරි පිතිහරඹයක නිරත වුනා.
පිළිතුරු ඉණිමෙදී කඳුරට පන්දුවාර 42 කදු කඩුලු 5ට ලකුනු 199යි. ඊට පස්සෙ වැස්ස. ඔන්න ආව ඩක්වත් සහ ලුවිස් දෙන්න ඒ දෙන්නත් අද ඩිල්ශාන්ගෙ පැත්තෙ. බස්නාහිරට ලකුනු 3ක ජයක් හිමි වුනා. හැබයි සංගත් සුපිරි පිතිහරඹෙක යෙදුන ලකුනු 84 ක් ලබගත්ත. ඩිල්ශාන් පන්දුවෙනුත් දස්කම් පෑව පන්දුවාර 7ක් යවල ලකුනු 19ක් පමණක් ලබාදීල විකට්ටුවක් ලබා ගත්ත.
අපේ කොල්ලොන්ගෙ ෆෝර්ම් එක නම් සුපිරියි....!!!
ලකුනු සටහන
No comments:
Post a Comment