WelCome to DilScoop....!!

www.dilscoop.info the best srilankan online cricket forum....!!!

INQUIRY

ඩිල්-ස්කූප් බ්ලොග් වාර්තාකරණය ගැන ඔබේ අදහස් අපට ලියා එවන්න..dil_scoop@live.com

1/12/2011

කඳුරටට පහසු ජයක් !

එළඹෙන ලෝක කුසලාන තරඟාවලියට පෙර සූදානමක් ලෙස පවැත්වෙන අන්තර් පළාත් පන්දුවාර 50 තරඟාවලියේ , කඳුරට කණ්ඩායම හා රුහුණ කණ්ඩායම අතර තරඟය අද SSC පිටියේදී පැවැත්වීය. කඳුරට කණ්ඩායමේ නායකත්වය කුමාර සංගක්කාර දැරූ අතර උපුල් තරංග රුහුණ කණ්ඩායම මෙහෙයවීය. කාසියේ වාසිය දිනාගත් රුහුණ කණ්ඩායමේ ආරාධනයෙන් කඳුරට කණ්ඩායම පළමුව පන්දුවට පහර දෙන ලදි.

ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසි යොහාන් ද සිල්වා හා සමන් ජයන්තටගේ ආරම්භක සබඳතාව ලකුණු 8 කට සීමා කිරීමට සුරංග ලක්මාල් සමත්විය. ඒ අනුව යොහාන් පළමු කඩුල්ල ලෙස ලකුණු 6 කට දවී ගියේය. අනතුරුව පිටියට එක්වූ නායක සංගක්කාර , සමන් ජයන්ත සමඟ අඟනා ලකුණු 90 ක සබඳතාවක් පැවත්වීය. චින්තක ජයසිංහ තරඟයේ 20 වන පන්දුවාරයේදී ජයන්ත ලකුණු 31 කට දවා ගැනීමට සමත්වූ අතර, ඉන් පසුව චාමර කපුගෙදර , සංගක්කාර හා එක්ව ලකුණු 43 ක සබඳතාවක් ගොඩනැඟීය.අනතුරුව පන්දුයැවීමට එක්වූ ප්‍රවීන ක්‍රීඩක සනත් ජයසූරිය විසින් සංගක්කාර හා කපුගෙදර පිළිවෙලින් තරඟයේ 31 වන හා 35 වන පන්දුවාර වලදී දවාගන්නා ලදි. ඉන්පසුව කඳුරට කණ්ඩායම වෙනුවෙන් ජෙහාන් මුබාරක් හා යොවුන් ක්‍රීඩක අන්ජලෝ පෙරේරා ලකුණු 77ක අනගි සබඳතාවකින් ඉනිම ගක්තිමත් කළෝය. ඒ අනුව පන්දුවාර 50 අවසානයේ කඳුරට කණ්ඩායම ලකුණු 268 ක් ලබාගැනීමට සමත්විය.


සංගක්කාර - ලකුණු 68 , පන්දු 109
සමන් ජයන්ත - ලකුණු 31 , පන්දු 45
කපුගෙදර - ලකුණු 25 , පන්දු 34
මුබාරක් - ලකුණු 42 , පන්දු 42
ඇන්ජලෝ පෙරේරා - ලකුණු 62* , පන්දු 61

සුරංග ලක්මාල්  - කඩුළු 3 , ලකුණු 48 , පන්දුවාර 9
ජයසූරිය - කඩුළු 2 , ලකුණු 31 , පන්දුවාර 8
චින්තක ජයසිංහ - කඩුළු 1 , ලකුණු 39 , පන්දුවාර 10
ඉසුරු උදාන - කඩුළු 1 , ලකුණු 52 , පන්දුවාර 7


ලකුණු 269 ක ජයග්‍රාහී ඉලක්කය හඹා යාමට පිටියට පිවිසි රුහුණු ආරම්භක පිතිකරුවන්ගේ ආරම්භක සබඳතාව ලකුණු 24 කි. ඒ යොවුන් ක්‍රීඩක චතුර පීරිස් හමුවේ නායක තරංග දැවීයාමත් සමඟයි. අනතුරුව පිටියට පිවිසි පිතිකරුවන්හට වැඩිවේලාවක් පිටියේ රැදීමට කඳුරට පන්දුයවන්නන්ගෙන් අවස්ථාවක් නොලැබුණි. විශේෂයෙන්ම නුවන් කුලසේකර පන්දුවාර 6 ක් තුළදී ලකුණු 10 ක් පමණක් ලබාදෙමින් එක් අන්තයකින් පීඩනය රුහුණ කණ්ඩායමට යෙදීම, සෙසු පන්දුයවන්නන්හට කඩුළු ලබාගැනීම පහසු කරවීය. ආරම්භක පිතිකරු ලෙස පිටියට පිවිසි සනත් ජයසූරිය, තරඟයේ 14 වන පන්දුවාරයේදී දවා ගැනීමට මුත්තයියා මුරලිදරන් සමත්විය. අනතුරුව අයහපත් ආලෝක තත්වයමත තරඟය 25 වන පන්දුවාරයේ පළමු පන්දුවෙන් පසු නතරකිරීමට විනිසුරුවන් තීරණය කළ අතර, ඒ වනවිට රුහුණ කණ්ඩායම කඩුළු 7ක් දැවී ලකුණු 115ක් ලබා සිටියේය. රුහුණ කණ්ඩායම වෙනුවෙන් සාර්ථකවූ එකම පිතිකරු ලෙස නම් කළහැක්කේ චාමර සිල්වායි. ඔහු පන්දු 37 කින් නොදැවී ලකුණු 34ක් රැස්කිරීය. මීට අමතරව පන්දු 48 කින් 29 ක් රැස්කරමින් ජයසූරිය යම් සාරථකත්වක් දක්වීය.


ජයසූරිය - ලකුණු 29 , පන්දු 48
චාමර සිල්වා - ලකුණු 34* , පන්දු 37

චමින්ද විදානපතිරණ - කඩුළු 2 , ලකුණු 13 , පන්දුවාර 4.1
චතුර පීරිස් - කඩුළු 2 , ලකුණු 32 , පන්දුවාර 5
නුවන් කුළසේකර - කඩුළු 1 , ලකුණු 10 , පන්දුවාර 6
මුරලිදරන් - කඩුළු 1 , ලකුණු 33 , පන්දුවාර 6
කපුගෙදර -කඩුළු 1 , ලකුණු 22 , පන්දුවාර 3


කෙසේ නමුත් අවසානයේ ඩක්වර්ත් හා ලුවිස් න්‍යාය අනුව ලකුණු 96 කින් තරඟය ජය ගැනීමට කඳුරට කණ්ඩායම සමත්විය.

තරඟාවලියේ මීළඟ තරඟය ඌව කණ්ඩායම හා වයඹ අතර හෙට SSC පිටියේදී පැවැත්වේ.

1 comment: