WelCome to DilScoop....!!

www.dilscoop.info the best srilankan online cricket forum....!!!

INQUIRY

ඩිල්-ස්කූප් බ්ලොග් වාර්තාකරණය ගැන ඔබේ අදහස් අපට ලියා එවන්න..dil_scoop@live.com

8/16/2010

ඉන්දියාව ඇත්තටම බයවෙලා ද...!!


තුන් කොන් තරඟාවලියේ ඉන්දියාව සහ ශ්‍රීලංකාව අතර තරඟයට ඇත්තේ තවත් හෝරා කිහිපයක් පමණි...!!!!


මේ වන විට දෙපිලම නව සීලන්තය සමඟ තරඟ වැදී අවසන්. එහිදී ඉන්දීය කණ්ඩායම ලකුණු 200ක දැවැන්ත පරාජයක් ලැබූ අතර ශ්‍රීලංකා කණ්ඩායම කඩුලු 3ක විෂිශ්ට ජයක් ලැබීය. 

මේ අතරතුර ඉන්දීය කණ්ඩායමේ යුවරාජ් සිං ඩෙංගු වැලඳීම නිසා තරඟයෙන් ඉවත් කොට තිබේ.. තවත් ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම ආබාධ වලට ලක්ව ඇති බව ඉන්දීය කණ්ඩායමේන් ලැබෙන ආරංචිමාර්ග වලින් දැක්වෙයි. ඒ හේතුවෙන් ඉන්දීය නායක මහේන්ද්‍ර සිං දෝනි මහත් අපහසුතාවයකට පත් වී ඇති බව පසුගියදා ඉන්දීය නිදහස් දින උත්සවය වෙනුවෙන් මාධ්‍ය ඇමතූ දෝනිගේ කතාබහෙන් තහවුරු වෙයි.

                                මෙහිදී දෝනි පවසා සිටියේ තමන්ට ලැබුණු පුහුණු තණ තිලි නුසුදුසු තත්ත්වයේ ඒවා බවයි.. මෙයට පිලිතුරු දුන් ශ්‍රීලංකා තණතිලි භාරව කටයුතු කරන අනුරුද්ද පොලොනෝවිට මහතා පැවසුවේ අවශ්‍ය සියලු තාක්ෂණික පහසුකම් සහ ක්‍රමවත් තණතිලි ලබාදී ඇති බවයි.. 
                                                                                වැඩිදුරටත් අදහස් දැක්වූ දෝනි පවසා සිටියේ රාත්‍රී පින්න නිසා ඇතිවන අපහසුතාවයන් හේතුවෙන් ශ්‍රීලංකාවේදී දිවා රාත්‍රී තරඟ ක්‍රීඩා කිරීමට කැමැත්තක් නොදක්වන බවයි.මෙයට නිසි පිළිතුරු දුන් ශ්‍රීලංකා නායක කුමාර් සංගක්කාර පැවසූයේ විදුලි ආලෝක තත්ත්ව යටතේ ඕනෑම මොහොතක ක්‍රීඩා  කිරීමට දක්ෂ කණ්ඩායමක් මැළිවිය යුතු නැති බවයි....

මෙම ප්‍රකාශ හේතුවෙන් අද දින පැවැත්වීමට නියමිත තරඟයට අමුතු ව්වැදගත්කමක් ලැබී තිබෙයි... එහෙත් මෙම ප්‍රකාශ වලින් වඩාත්ම පිළිබිඹුවන්නේ ඉන්දීය කණ්ඩායම කිසියම් බයකින් පසුවන බව නොවේ ද..!!
එසේනම් අපි බලමු අද තරඟය ජයගන්නේ කවුරුන්ද කියා...!! 

අද තරඟය බොහෝවිට ඉතා උණුවුම් තරඟයක් වනු නිසැකයි.!!

සිංහයන්ට ජය !!!!

7 comments:

  1. නිවැරදි කිරීමක් කළ යුතුයි.

    රාත්‍රී පන්දුවට පහරදීම අපහසු යයි දෝනි පැවසු බව සත්‍ය වුවත් සංගක්කාර පැවසූ "ඕනෑම හොඳ කණ්ඩායමකට රාත්‍රී පහරදී ජයගත හැති විය යුතුයි" යන්න එයට පිළිතුරු දීමක් නොව දෝනිගේ ප්‍රකාශයට පෙර පැවසූවකි.

    ReplyDelete
  2. @කාස් : ස්තූතියි යාලුවා!!

    ReplyDelete
  3. යුව්රාජ් ට ඩෙංගු නෙවෙයි ලු... නිකන් උණක් ලු.. පුහුනුකාරය බොරු ඇඩ් එකක් ලු දල තියෙන්නේ..
    http://adaderana.lk/news.php?nid=9394

    ReplyDelete
  4. සිංහයන්ට ජය !!!!

    ReplyDelete
  5. ඉන්දියාව ලැජ්ජාව යුවීගෙ පිටින් දාන්න වගේ හදන්නෙ...

    ReplyDelete
  6. mona unusumakda ... oya ballo wage paradune ape ewun ... lol

    ReplyDelete