WelCome to DilScoop....!!

www.dilscoop.info the best srilankan online cricket forum....!!!

INQUIRY

ඩිල්-ස්කූප් බ්ලොග් වාර්තාකරණය ගැන ඔබේ අදහස් අපට ලියා එවන්න..dil_scoop@live.com

8/07/2010

වසර 16කට පසුව....


ශ්‍රී ලාංකීය කණ්ඩායමක් පී.සරවනමුත්තු ක්‍රීඩාංගනයේදී ටෙස්ට් තරඟයක් අවසාන වරට පරාජය වී තිබුනේ 1994 වර්ෂයේදී ය. එය අලුත් කරමින් අද නිමාවට පත්වූ තරඟ 3කින් සමන්විත මයික්‍රොමැක්ස් ටෙස්ට් තරගාවලියේ අවසන් තරඟය ඉන්දීය පිළ ජයගත්තේ කඩුලු 5ක් අතැතිව ය..  
                                                                         ලකුණු පුවරුව
 අවසන් තරඟයේ 4වැනි දිනයේ අවසාන වන විට තරඟයේ වැඩි වාසි අත්කරගෙන තිබුනේ ශ්‍රී ලංකා පිල යි. ඉන්දීය පිලේ මුල් කඩුළු 3ම ලකුනු 53කට දවාගෙන දසක් බලාපොරොත්තු පොදි බැඳගෙන පිටියට පිවිසි ලංකා කණ්ඩායම සිය බලාපොරොත්තු වැඩි කරගනිමින් රාත්‍රී පිතිකරුවා වූ ශර්මා උදෑසනම ක්‍රීඩාගාරයට හරවා යැවී ය.
නමුත් සචින් තෙන්ඩුල්කාර් ලබාදුන් උඩපන්දුවක් ඩිල්ෂාන් අතින් ගිලිහී යාමත් සමඟම ශ්‍රීලාංකීය බලාපොරොත්තු සුන් කරමින් ලක්ෂ්මන් සමඟ දැවැන්ත සබඳතාවයක් පැවැත් වූ සචින් ලකුනු 54ක් ලබා සිටියදී රන්දිව්ගේ පන්දුවකට ප්‍රසන්න අතට උඩපන්දුවක් ලබා දී දැවී ගියේ ය. ඒ සමඟම නැවතත් තරඟයට අවතීර්ණ වූ ශ්‍රීලංකා කණ්ඩායමට එය දිගටම පවත්වාගෙන යාමට ඉඩක් නොලැබිණි. 

රයිනා ලකුනු නොලබා සිටියදී මාලිංගගේ පන්ශුවකට මහේල අතට ලබාදුන් උඩපන්දුවක් ද ගිලිහිණි.එයින් උපරිම ප්‍රයෝජන නෙලාගත් රයිනා ලක්ෂ්මන් සමඟ නොබැඳුනු සබඳතාවයක් පවත්වාගනිමින් තරඟයේ ජයග්‍රහණය කරා ගෙන ගියේ ය.

ඉණිමේ එකම කඩුලු ලාබියා වූයේ තම 2වන ටෙස්ට් තරඟයට ක්‍රීඩා කල සුරාජ් රන්දිව් ය. ඔහු බිඳවැටුනු කඩුලු5ම දවාගැනීම සුවිශේෂී කඩ ඉමක් විය. තරඟය පුරාවට ශ්‍රීලංකා නායක කුමාර් සංගක්කාර ක්‍රියාකළ අන්දම බොහෝ දෙනාගේ අවදානයට ලක්විණි. එනම් දසක් බලාපොරොත්තු අතැතිව, ලකුණු 255ක්වැනි තරමක් අඩු ලකුනු සංඛ්යාවක ඉලක්කයක් ලබාදී තිබියදී අද දින පිටියට පිවිසි සංගක්කාර දිනය පුරාවට පන්දුයවන්නන් අනුයුක්ත කළ ආකාරය සහ පන්දු රකින්නන් යෙදවූ අන්දම ගැන ක්‍රීඩා විචාරකයන් මෙන්ම ක්‍රීඩා ලෝලීන් ද මදක් අසතුටෙන් සිටි බව කාටත් නොරහසකි.  

අවසන් ඉණිමේ තම අත්දැකීම් උපයෝගී කරගනිමින් විචක්ෂණ ඉණිමක් දියත් කළ වී.වී.එස්.ලක්ෂ්මන් ශතකයක් ලබාගෙන අවසන් තරඟයේ වීරයා සම්මානය ලබාගත් අතර තරඟයේ අලංකාරම ක්‍රීඩකයාට(most stylish player) හිමි යමහා යතුරුපැදිය  අජන්ත මෙන්ඩිස් ලබා ගැනීමට සමත් විය.


තරඟාවලියේ වීරයා සම්මානය සහ තරඟාවලියේ අලංකාරම ක්‍රීඩකයා සම්මානය හිමිකරගත් විරෙන්ද්‍ර ශෙවාග් ෆියැට් මෝටර් රියේ අසිරිය විඳගත් අයුරු ඡායාරූපයේ දිස්වෙ යි.  
    මේ අනුව , තරඟ සමන්විත මයික්‍රොමැක්ස් ටෙස්ට් තරඟාවලිය තරඟ 1 බැගින් ජයගත් දෙපිල සමශූරයන් ලෙස අදාළ කුසලානයට හිමිකම් කියූ හ.  

අද දින අමිහිරි අත්දැකීම අමතක කර , මීලඟ තුන්කොන් තරඟාවලියට සිංහයන්ට ශක්තියක් වෙමු.....!!  ජය ශ්‍රී..!!!

6 comments:

  1. ලංකාවේ ෆීල්ඩින් බ්‍රෂ් අප් කරගන්න ඕනෙ...!!!
    ෆීල්ඩින් කොරටම තිබ්බොත් ට්‍රයි සීරීස් එක ෂුවර්..!!!

    ReplyDelete
  2. ලංකාවෙ තිබුන අවසාන තරඟාවලි සලකා බැලීමේදී ජයග්‍රහණය ලෙහෙසි වන එකක් නැහැ.

    ReplyDelete
  3. ඒත්, අත්දැකීම් බහුලම කණ්ඩායම ලංකාව. ඒව ප්‍රයෝජනයට ගත්තොත් ගේමක් නැහැ.!!!!!!

    ReplyDelete
  4. මොනදේ වුනත් අපේ කොල්ලො වැඩ්ඩෝ..
    කොයි මොහොතේ වුනත් අපේ කොල්ලන්ට ෆෝම් වීමේ ශක්තිය තියෙනවා.

    ReplyDelete
  5. කො‍ල්ලන්ගේ වැ‍ඩ වෙලාවට ආවොත් ගොඩ ... !

    ReplyDelete
  6. This comment has been removed by the author.

    ReplyDelete