WelCome to DilScoop....!!

www.dilscoop.info the best srilankan online cricket forum....!!!

INQUIRY

ඩිල්-ස්කූප් බ්ලොග් වාර්තාකරණය ගැන ඔබේ අදහස් අපට ලියා එවන්න..dil_scoop@live.com

8/23/2010

"සෙවණැලි පුහුණුකරු" නැවත ලබාදෙන්නැයි සංගක්‌කාරගෙන් ක්‍රිකට්‌ සභාපතිට ලිපියක්‌


ලෝක කුසලාන දිනා ගැනීම සඳහා වන සූදානමේදී වැඩ තහනමකට ලක්‌ව සිටින ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කණ්‌ඩායමේ "සෙවණැලි පුහුණුකරු" චන්දික හතුරුසිංහ මහතාගේ සේවය තම කණ්‌ඩායමට අත්‍යවශ්‍ය බව සඳහන් කරමින් ක්‍රිකට්‌ නායක කුමාර් සංගක්‌කාර ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය ප්‍රධානීන්ට ලිපියක්‌ යොමු කොට තිබේ.

ශ්‍රී ලංකා නායකයා, වත්මන් සභාපති ඩී. එස්‌. ද සිල්වාට සහ ලේකම් නිශාන්ත රණතුංග යන මහත්වරුන්ට අදාළ ලිපිය ප්‍රධාන වශයෙන් යොමු කොට තිබෙන අතර එහිදී හතුරුසිංහ මහතාගේ සේවයේ ස්‌වභාවය පිළිබඳ දීර්ඝ ලෙස විග්‍රහයක්‌ දක්‌වමින් ඔහුගෙන් කණ්‌ඩායමට ඇති අවශ්‍යතාව පෙන්වා දී තිබේ.

මෙහිදී වැඩි වශයෙන්ම ඔහුගේ සේවය ඉදිරි ලෝක කුසලාන තරගාවලියට වැදගත් වන බැවින් එහිදී කණ්‌ඩායමේ අභිවෘද්ධිය සඳහා හතුරුසිංහ මහතාට තව අවස්‌ථාවක්‌ ලබාදෙන ලෙස සංගක්‌කාර තම ලිපියේ සඳහන් කර තිබේ. අදාළ ලිපියෙන් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, මෙය තමාගේ පෞද්ගලික තීරණයක්‌ නොවන බවත්, ජ්‍යෙෂ්ඨ-නවක ක්‍රීඩකයන් සියල්ල එකතුව ගත් තීරණයක ප්‍රතිඵලයක්‌ වන බවයි.

සිම්බාබ්වේහි පැවැති තුන්කොන් තරගාවලිය අවසනදී ඔස්‌ටේ්‍රලියාවේ පැවැත්වෙන තෙවැනි පෙළ පුහුණු වැඩමුලුවක්‌ සඳහා හතුරුසිංහ මහතාට යැමට නියමිතව තිබුණු අතර එහිදී සිය පවුලේ උදවිය සමග කාලය ගත කිරීම වෙනුවෙන් හෙතෙම තරගාවලිය අතරතුරදී ශ්‍රී ලංකාවට පැමිණියේය. අදාළ පැමිණීම වෙනුවෙන් ක්‍රිකට්‌ සභාපති ඩී. එස්‌. ද සිල්වා මහතාගේ අවසරය ලබා නොදුන් නමුත් එය නොතකා හතුරුසිංහ හඑකා දිවයිනට පැමිණීම මත සෙවනැලි පුහුණුකරු ධුරය ඔහුට අහිමිවිය.

ලෝක කුසලාන තරගාවලියට හොඳින් සූදානම් වීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය හිටපු වේග පන්දු පුහුණුකරු චම්පක රාමනායකව සහ පන්දු රැකීමේ පුහුණුකරු රුවන් කල්පගේට නැවතත් ශ්‍රී ලංකා කණ්‌ඩායමේ පුහුණුකරු තනතුරු ලබාදීමට කටයුතු කටයුතු කර ඇත.

සංගක්‌කාර විසින් යවන ලද ලිපියට දක්‌වන ප්‍රතිචාර කුමක්‌දැයි ශ්‍රී ලංකා ක්‍රිකට්‌ සභාපති ඩී. එස්‌. ද සිල්වා මහතාගෙන් දිවයින ඊයේ (22 වැනිදා) විමසන ලදුව, හතුරුසිංහ කළ වරද පිළිබඳව විනය පරීක්‍ෂණයකින් අනතුරුව අතුරු කමිටුව තීරණයකට පැමිණ තිබෙන හෙයින් ඊට එහා දෙයක්‌ කිරීමට තමාට නොහැකි බව ඒ මහතා පවසා සිටියේය.

චන්දික හතුරුසිංහ මහතා වසර දෙකහමාරක පමණ කාලයක්‌ ශ්‍රී ලංකා "ඒ" කණ්‌ඩායමේ පුහුණුකරු ලෙස සේවය කරමින් සිටියදී ඩී.එස්‌. ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුතු වත්මන් අතුරු කමිටුව පත්වීමෙන් අනතුරුව අදාළ සෙවණැලි පුහුණුකරු තනතුරට හතුරුසිංහ මහතාව පත් කිරීමට ඔවුන් කටයුතු කළහ.

-චමිල කරවිට-
23 වැනි සඳුදා දිවයින ඇසුරෙනි

1 comment:

  1. ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය පුහුණු අධ්‍යාපන ඒකකය විසින් ශ්‍රී ලංකාව පුරා පවත්වන ලද පළමු පෙළ (ඛැඩැක-01) ක්‍රිකට්‌ පුහුණුකරුවන් සඳහා වූ පුහුණු වැඩමුලු අතරින් සමත්වුණු පුහුණු කරුවන් 121 දෙනකුට අදාළ සහතිකපත් පිරිනැමීම පසුගියදා ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයේදී පැවැත්විණ. අදාළ සහතික පත් පිරිනැමීම වත්මන් අතුරු කමිටු සභාපති ඩී. එස්‌. ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර, එහිදී අදාළ පුහුණුකරුවන්ට පිරිනමන ලද පුහුණු සහතිකය අන්තර්ජාතික ක්‍රිකට්‌ කවුන්සිලයේද(අයි. සී. සී.) අනුමැතිය ලද පුහුණු සහතිකයක්‌ වීම සුවිශේෂී වෙයි. පසුගිය 09 වැනිදා ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයේ පැවැති සහතික පත් ප්‍රධානයේදී ක්‍රිකට්‌ සභාපති ඩී. එස්‌. ද සිල්වා මහතා අදහස්‌ දැක්‌වූ අයුරු. මෙම අවස්‌ථාවට ලේකම් නිශාන්ත රණතුංග සහ ශ්‍රී ලංකා ක්‍රිකට්‌ අධ්‍යක්‍ෂ ඈෂ්ලි ද සිල්වා යන මහත්වරුන් සහභාගි වූහ

    ReplyDelete