WelCome to DilScoop....!!

www.dilscoop.info the best srilankan online cricket forum....!!!

INQUIRY

ඩිල්-ස්කූප් බ්ලොග් වාර්තාකරණය ගැන ඔබේ අදහස් අපට ලියා එවන්න..dil_scoop@live.com

8/12/2010

ලංකාවේ දිවා රාත්‍රී තරඟ......

ඒ කාලෙ කිව්වෙ "Catches win matches" කියල, ඒත් දැන් කියන්නෙ "Tosses win matches" කියල....

දැන් කට්ට්ය බලනවා ඇති මේ මොකද්ද මේ කියල, ඒත්..  උප මාතෘකාව දැකපු ගමන් ක්‍රිකට් ගැන උනන්දු ඕනම කෙනෙක්ට වැටහෙනව ඇති මොකද්ද මේ කියන්න හදන්නෙ කියල... මේ තත්වය ඉතා දරුණු ලෙස බලපාන්න පටන් ගත්තෙ ඉකුත් වර්ෂ 2,3ක ඉඳල කිව්වොත් වඩාත් නිවැරදියි.....
                                      මේ තත්ත්වය අපට ඉතා පහසුවෙන් දකින්න ලැබෙන්නෙ ඛෙත්තාරාම පිටියෙ සහ දඹුල්ල ජාත්‍යන්තර පිටියෙදියි.... අනෙක් ක්‍රීඩාංගන වල තත්වයන් මෙයින් කෙතරම් අපගමනය වන්නේදැයි කීමට නොහැක, මක් නිසාද යත් ලංකාවෙ දිවා-රාත්‍රී තරඟ දැනට පැවැත්වීමට පහසුකම් ඇත්තේ මෙම ක්‍රීඩාංගන 2හි පමණක් වීම නිසා ය. 
                  රාත්‍රී කාලයේදී මෙම ක්‍රීඩාංගන වලට ඇදවැටෙන පින්න බොහෝ අවස්ථාවලදී ගුප්ත තීරණ ලබා දී ඇත. මෙවැනි තත්වයන් පහුගිය කාලයේදී එකදිගට දකින්නට ලැබුණු අතර ඉකුත් දා නිමාවට පත්වුණු ඉන්දු-නවසීලන්ත තරඟයටත් එය එලෙසම බලපෑවේ ය. රාත්‍රී පින්නෙන් උපරිම ප්‍රයෝජන ගත් ඩැරල් ටෆී ප්‍රමුඛ නවසීලන්ත වේග පන්දු යවන්නන් ඉන්දියානු ඉනිම සුනු විසුනු කරමින් කිසි කෙනෙක් නොසිතූ දැවැන්ත ජයක් වාර්තා කල හ.  

       මීට පෙර ලිපියේදී අපේ තර්ඩ් මෑන් සහෝදරයා උපුටා දක්වමින් දඹුල්ලේ පැවැත්වූ පසුගිය තරඟ පිලිබද දත්ත කිහිපයක් පහත දක්වමි....
  •  මේ 2007 වසරේ සිට දඹුල්ල ක්‍රීඩාංගනයේදී පවත්වනලද තරඟ පිළිබඳ සංඛ්‍යා දත්ත.
    තරඟ = 11
    පළමුව පන්දුවට පහරදුන් කණ්ඩායම = ජය ග්‍රහන 7
    දෙවනුව පන්දුවට පහරදුන් කණ්ඩායම = ජය ග්‍රහන 4 (එක් තරඟයක් බංගලාදේශය හා ඉන්දියාව අතර )
    පිතිකරණ සාමාන්‍යන් -
    පළමුව පන්දුවට පහරදුන් කණ්ඩායම = 29.12
    දෙවනුව පන්දුවට පහරදුන් කණ්ඩායම = 21.70
    පන්දු යැවීමේ සාමාන්‍යන් -
    පළමුව පන්දුවට පහරදුන් කණ්ඩායම = 25.38
    දෙවනුව පන්දුවට පහරදුන් කණ්ඩායම = 33.35

ඉතිං මා මෙම ලිපිය මගින් ඉදිරිපත් කිරීමට උත්සාහ ගත්තේ අන් කිසිවක් නොව, මෙම තත්වය ක්‍රිකට් වල ඉදිරි පැවැත්ම (ක්‍රීඩකයන්ගේ විශේෂයෙන් පිතිකරුවන්ගේ මානසිකත්වය )කෙරෙහි කෙසේ බලපාන්නේ ද යන්න පිළුබඳවයි.....
                   එමෙන්ම ඉදිරි ලෝක කුසලානයට තවත් ඇත්තේ දින 190ක් වැනි ඉතාමත් කෙටි කාල සීමවකි. ලෝක කුසලානයට ඉදිරිපත් කරන තණ තිලි මෙවන් තත්වයක පැවතුන හොත් එය ශ්‍රී ලංකාව අපකීර්තියට පත්වන කරුණක් වනු නොඅනුමාන ය.

මෙයට පිළියමක් වශයෙන් ශ්‍රීලංකා ක්‍රිකට් ආයතනය ගනු ලබන ක්‍රියාමාර්ග ගැන ඩිල්_ස්කූප් අවදියෙන්....!!!!

3 comments:

  1. ඇත්ත වශයෙන්ම..නැවත සෑදූ කෙත්තාරාම පිටිය මීට වෙනස් වේවීද?

    ReplyDelete
  2. දැන් ලංකාවෙ ගහන්නෙ දිවා රාත්‍රී තරඟ විතරමද?
    කොළඹට මැච් එකක් එන්නෙම නැද්ද?

    ReplyDelete
  3. yeah ~ almost all the matches in SL recent past played at Dambulla

    ReplyDelete