WelCome to DilScoop....!!

www.dilscoop.info the best srilankan online cricket forum....!!!

INQUIRY

ඩිල්-ස්කූප් බ්ලොග් වාර්තාකරණය ගැන ඔබේ අදහස් අපට ලියා එවන්න..dil_scoop@live.com

8/09/2010

තුන්කොන් සටනට ප්‍රවේශයක්

ඉන්දු-ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලිය කතා කරන්නට යමක් ඉතිරි කර ආරම්භ වී සිතන්නට යමක් ඉතිරි කර අවසන් විය.අවසන් තරගයේදී සිදුවූ අතපසුවීම් දැක ඇති වුණු කළකිරීම අජන්තගේ සාර්ථකත්වය නිසාවෙන් යටපත් වුවද අතට ලැබුණු දේ කටට නොවැටුනාදැයි දෙගිඩියාවක් ඇතිවීම පුදුමයක් නොවේ.කෙසේ වෙතත් ක්‍රීඩාවේ ස්වභාවය එයයි.එය පිළිගැනීම සිතට අපහසු නම් අවාසනාව, නොසැලකිලිමත්කම වැනි වචන භාවිතය මගින් තම සිත සනසා ගැනීම සුදුසුය. (මා භාවිතා කරන ක්‍රමය).කෙසේ හෝ කලකට පසුවවත් වෙලකට බැස්ස එක පිළිපදව අපි සතුටු විය යුත්තෙමු.
2010/08/10 දින ඇරඹෙන තුන් කොන් තරගාවලිය ටිකක් සැර වෙන පාටක් පෙනෙන්නට තිබේ.කණ්ඩායම් තුනම ක්‍රිකට් ලොව කා‍‍ වතුර බිව් උදවියය.නවසීලන්තය අපේ ලංකා කොල්ලන්ට ඊයේ පෙරේදා දවසක සැරටම සලකා ඇත. (Sri Lanka Board President's XI v New Zealand, Tour match, SSC, August 4, 2010).ලකුණු පුවරුව.රොස් ටේලර්ගේ නායකත්වය කෙසේ ශ්‍රී ලංකා කණ්ඩායමට බලපාවීදැයි කීමට තාම කල් වැඩිය.කෙසේ වෙතත් අවසන් ටෙස්ට් තරග ජයග්‍රහණයේ උණුසුම සමග ඉන්දියානුවන් මෙම තරගාවලියට අවතීර්ණ වනු නිසැකය.එහෙත් ටෙස්ට් හා එක්දින යන වෙනස් තත්වයන් පටලවා ගැනීම වරදකි.පෙරදී නවසීලන්තය හා ශ්‍රී ලංකාව අතර තරග කිහිපයම ලංකාව ඇනගත්තතේය.නමුත් අප කණ්ඩායම ශක්තිමත්ය,පරිපූර්ණය.ලොව ශක්තිමත්ම පන්දු බළඇණියට හිමිකම් කියන්නෝය.
මේ කරුණු අනුව මෙම තරගාවලිය උණුසුම් වනු නොඅනුමානය.ඉදින් මේ උණුසුම සමග අපේ කණ්ඩායම කුසලානය ඔසවනු දැකීම සතුටකි.එක්දින ලොව හෙල්ලූ අපේ වීරයන්ට මෙය දෙයක් නොවනු ඇත.නමුත් හොදම දෙය වනු‍යේ මේ කුසලානය මගින් ලෝක කුසලානයටත් පාඩම් එකතුකර ගැනීමයි.ශ්‍රී ලංකාව...ඔබට අපේ සුභ පැතුම් !.

වාර්තාව : vudara



3 comments:

  1. නියම වීරයින් බලාගන්න හොදම අවස්තාවක් ඒ වගේම තරගාවලිය ලoකාව තුල පැවැත්වීම තුල ලoකා කණ්ඞායමට වැඩි වාසි හිමිවන හෙයින්
    එහි උපරිම පල නෙලාගැනීමට ලoකා කණ්ඩායම උත්සුක විය යුතුය.

    ReplyDelete
  2. ඇත්ත වශයෙන්ම.ශ්‍රී ලංකා කණ්ඩායම අවස්ථාවෙන් උපරිමය නෙළාගත යුතුයි.

    ReplyDelete