WelCome to DilScoop....!!

www.dilscoop.info the best srilankan online cricket forum....!!!

INQUIRY

ඩිල්-ස්කූප් බ්ලොග් වාර්තාකරණය ගැන ඔබේ අදහස් අපට ලියා එවන්න..dil_scoop@live.com

8/21/2010

පොඩි එකාට ඔරවමු - ඉන්දියාව සනසමු!


රුපියල් කාසි වලට වඩා ඩොලර් වලින් ගණුදෙනු කරන එකම දේශීය ක්‍රීඩාව ක්‍රිකට් හරහා නිර්මාණයවී තිබේ. මෙරට ක්‍රිකට් ක්‍රීඩාව ගැන ක්‍රිකට් ලෝකයාගේ නෙත නිරන්තරයෙන්ම ගැටෙති. එබැවින් ජාත්‍යන්තර ක්‍රිකට් කරලියේ නිතරම නිවැරදි දෙය කිරීම මෙරට ක්‍රිකට් ක්‍රීඩකයාගේ සිට ඒ හා බඳී ඇති සියලුදෙනාගේම උත්සාහය විය යුතුව තිබේ.

ජයග්‍රහණයේදී ප්‍රශංසා ලබන මෙරට ජාතික ක්‍රිකට් කණ්ඩායම පරාජයේදී විවිධ දෝස්මුරයන්ට ලක්වේ. අනෙකුත් ක්‍රීඩාවන්වල පරාජයට වඩා ක්‍රිකට් ක්‍රීඩාවේ පරාජය මහ ඉහළින් කතාකරයි. එහෙයින් මෙරට ක්‍රිකට් සෙල්ලම් කිරීමද ලෙහෙසි පහසු කර්තව්‍යක් නොවෙයි.ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන සෑම ක්‍රීඩකයෙකුම ජාතික සම්පතකි.එය රැකගැනීමට ක්‍රිකට් වලට වග කියන බලධාරීන් බොහෝ කැපවන බවක් පෙනේ. ක්‍රීඩකයා දක්වන රංගනය අනුව බලධාරියාගේ මලු පිරෙන බැවින් ක්‍රීඩකයාට බලධාරියා ගොඩාක් ආදරය කරයි. එවැනි ආදරයක් ඉකුත් ඉන්දියාව සමඟ පැවති තරඟයේදී බලධාරීන් විසින් සුරාජ් රන්දිව්ටද ප්‍රසිද්දියේ කලේ ය.

රන්දිව්ට ක්‍රිකට් ලොකු මහත්වරු කර ආදරය එක් තරඟ තහනමක් පැනවීමයි. අනතුරුව තරඟ මුදලද සියයට සියයක්ම කපාදැමීමයි. රන්දිව් කළ වරද වූයේ නිපන්දුවක් යැවීමයි. ඒ නිපන්දුවක් යැවීමෙන් තරඟයක තහනමක් සහ දඩ මුදලකට යටත්වූ ලොව පළමු ක්‍රීඩකයා රන්දිව් විය හැකි ය.


තරඟයක නීති විරෝදී පන්දුවක් යැවීමේ හැකියාව ඕනෑම පන්දු යවන්නෙකුට තිබේ.එහෙත් ක්‍රිකට් නීතිපොතේ සීමා ඉරෙන් ඔබ්බට පෙර පාදය යොමු කර යවන නිපන්දු ලොව සෑම පන්දු යවන්නෙකුම යවා තිබේ. එහෙත් රන්දිව් යැව් නිපන්දුවේ බර පතලකම වූයේ විරෙන්ද්‍ර ශෙවාග්ට ශතකය අහිමි කිරීමේ චේතනාවෙන් නිපන්දුවක් යැවීමේ චෝදනාවයි. ක්‍රිකට් පොතේ එහෙම නීතියක් නොතිබුණද ශ්‍රීලංකා ක්‍රිකට් මහත්වරු එහෙම නීතියක් නිර්මාණය කිරීමට කටයුතු කළේය. ඉන්දියානු කණ්ඩායම ජයග්‍රහණය සඳහා එක් ලකුණකුත් ශෙවාග්ගේ ශතකයට එක් ලකුණකුත්  තිබියදී රන්දිව් යැවූ නිපන්දුවට ශෙවාග් හයේ පහරක් එල්ල කළ නමුත් හයේ පහර අවලංගු වී නිපන්දුවෙන් ඉන්දියාවට ජය හිමි වෙද්දී ශෙවාග් 99 නැවතී සිටියේ ය.

එම නිපන්දුව හිතාමතා යොමුකළ බවට පුණුරූපණ නැරඹූ ඕනෑම අයකුට සිතාගැනීමට පහසු වනු ඇත. සීමා ඉරට අඩියක් පමන ඉදිරියේන් පාදය තබා රන්දිව් නිපන්දුව යැව්වේ ය. රන්දිව් ක්‍රිකට් මහත්වරුන්ගේ ක්‍රීඩාවක් බව හොඳින්ම දන්නවා ඇත. නමුත් ක්‍රිකට් මහත්තයෙකු වූ පළියට ක්‍රීඩකයෙකු ලකුණු 99ක් ලබා සිටින විට ශතකය ලබා දීමට අවස්ථාව ශිය යුතු යැයි කිසිඳු පොතක සටහන් වී නොමැත.

රන්දිව්ට චෝදනාව එල්ලවූ පන්දුවාරය ආරම්භකරන විට ඉන්දියාවට ලකිණු5කුත් ශෙවාග්ට එක් ලකුනකුත් අවශ්‍යව තිබුණි. එහිදී රන්දිව්ගේ පළමු පන්දුව කඩුළු රකින සංගක්කර අතින් ගිලිහී ලකුණු 4ක් බවට පත්විණි. එය වයිඩ් පන්දුවකි. නමුත් විනිසුරු එය වයිඩ් පන්දුවක් ලෙස සටහන් නොකලේ ශෙවාග්ට ශතකය ලබාදිය යුතු පාරිශුද්ධ චේතනාවෙන් විය යුතු ය.අනතුරුව රන්දිව් යවන ලද දෙවැනි සහ තෙවැනි පන්දුවලට ශෙවාග්ට ලකුණු ලබාගැනීමට නොහැකි විය. රන්දිව්ට දෝස්මුරයත් සමඟ තරඟ තහනම පැනවූ සිව්වැනි පන්දුව නිපන්දුවක් යන බව විනිසුරු කියනවාත් සමඟ ශෙවාග්  6පහරක් එල්ල කළේ ය.

එය නිපන්දුවක් නොවූයේ නම් ශෙවාග් එල්ලකල 6පහරත් සමඟ ඔහු නොදැවී ලකුණු 105ක් ලෙස සටහන් වනු ඇත. තරඟය නිමවීමෙන් පසුව රන්දිව් ශෙවාග්ට නිපන්දුව යැවීම ගැන සමාවෙන්න යැයි පවසා තිබේ. තරඟයේදී ප්‍රතිවාදියා කෙසේ හෝ මෙල්ල කිරීමේ උත්සාහයෙන් පන්දුයැවූ රන්දිව් තරඟයෙන් අනතුරුව මහත්මයෙක් ලෙස ශෙවාග් ගෙන් සමාව අයැද සිටියේ ය. පසුව රන්දිව් නිපන්දුවක් යැවූයේ ඩිල්ෂාන්ගේ පෙරැත්ත කිරීම මත බව අනාවරණය වී තිබේ.

මුරලි ඉකුත් ඉන්දියානු ටෙස්ට් තරඟාවලියේ පළමු තරඟයෙන්ම සමුගත්තේ ය. අවසන් ටෙස්ට් තරඟයට පිවිසෙන විට මුරලිගේ කඩුලු මල්ල 792ක් ලෙස සටහන් විය. මුරලිගේ ඉලක්කය වූයේ අවසන්ටෙස්ට් තරඟයේදී කඩුලු 8ක් දවාගැනීමයි. ඉන්දියානු නායක දෝනි මාධ්‍යයට පැවසූයේ අකමැත්තෙන් හෝ මුරලිගේ කඩුලු 800 සීමාව වළක්වාලීමට ක්‍රීඩකයන් කටයුතුකළ යුතු බවයි. ඉන් ගම්‍ය වන්නේ මුරලි කඩුලු 800 ලබාගන්නවාට දෝනි අකමැත්තක් නොමැති බවයි. නමුත්  තම කණ්ඩායමට එරෙහිව එය ලබාගන්නවාට ඔහු අකමැති බවයි. ලොව ඕනෑම ක්‍රීඩකයකුගේ සැගවිත් තිබෙන සැබෑ මහත්මා ගතිය එය විය යුතු ය.

ඉන්දියාවේ හර්බජාං සිං, ඉෂාන්ට් ෂර්මා සහ ගංගුලි වැනි ක්‍රීඩකයන් බොහෝ අවස්ථාවල ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ මානසිකත්වයට බලපාන කියුම් කියනි දක්නට ලැබේ. එහිදී මහත්වරුන් ලෙස එය ශ්‍රීලංකා ක්‍රීඩකයෝ ඉවසා දරා සිටිති. ඉන්දියානු ක්‍රිකට් බලධාරීහු නිහඬව කල් මරති.

ශෙවාග් 99න් නැවතීමෙන් ලකුණු වැටුනේ ද්‍රීලංකා ක්‍රිකට් ආයතනයේ වගකිවයුතු, බලධාරීන්ටය.  ලකුණු කැපුනේ රට වෙනුවෙන් වැර වීරිය අදින ක්‍රීඩකයෙකුගේ ය. රන්දිව් කළ වැරැද්ද තරඟකාරීත්වය අනුව කළ දෙයක් විය හැකිය. එහෙත් මෙරට ක්‍රිකට් ආයතනයේ බලධාරීන්ගේ තරඟය  ඩොලර් ද.? රන්දිව් හිතාමතා නිපන්දුව යැවූ වරද පිලිගත්තේ නම් ඔහුට දඬුවම් දිය යුත්තේ ශෙවාග් ගේ ශතකය අහිමි කලාට නොව, සිතාමතා ප්‍රතිවාදීන්ට ලකුණු ලබාදීම  ව්නුවෙනි. එය එසේ කළානම් කවුරුත් නාගන්නේ නැත.

ලෝක ක්‍රිකට් අධිරාජය වර්තමානයේ ඉන්දියාව සතුව තිබේ. ඔවුන් ක්‍රිකට් වෙනුවෙන් ලොව වැඩිම මුදලක් වියදම් කරන රට බවට පතව ඇත.එයට ලොල් බඳිමින් ලකුණු දාගැනීමට රන්දිව්ලාගේ නාමය පාවාදිය නොහැකිය. සිද්ධිය වී හමාරය. හෙටදින රන්දිව් පිටියට බසින විට ඉන්දියානු ප්‍රේක්ෂකයෝ ඔහු දිහා වපරැසින් බලන විට වගකිව යුත්තේ රන්දිව් ද? නැතහොත් ඔහුට දඬුවම් දුන් පාලනාධිකරණයද? එය අනාගතයේ මාතෘකාවට  බඳුන් වෙනු ඇත.


                                   [ අසේල විතාන ]
-මෙම ලිපිය උපුටා ගත්තේ දිවයින ඉරිදා සංග්‍රහයෙනි.-



10 comments:

  1. පුන පුනා ඔප්පු වන්නේ කොන්ද පන නැති ශ්‍රී ලාංකිකත්වයයි!

    ReplyDelete
  2. සහතික ඇත්ත.මුරලි ගියෙත් ක්‍රිකට් ආයතන එක්ක වලි දාගෙන කියනවා.මුබාරක් ලකුණක් ගැහුවොත් අපේ ක්‍රිකට් පාලක මණ්ඩලේට හොඳයි.චන්දිමාල් 220න ගැහුවත් ඒ කොල්ලට අවස්තාව දෙන්නේ නෑ එයා නවකයෙක් කියලා.....

    ReplyDelete
  3. රන්දිව් අපේ එකෙකි...ඒත් ඩිල්ශාන්ගේ හෝ වෙන senior කෙනෙකුගේ බහට නතුව ඌ කලේ ගොං වැඩකි...ක්‍රීඩාවේදී aggressive වියයුතුය....නමුත් අවැසි විට අවැසි තැනදීය..කුපාඩි වැඩක් කොලත් එය මාට්ටු නොවන්නට කලයුතුය...මේ සිදුවීමෙන් එලියට ආ අපේ ක්‍රීඩාශීලීත්වය පිළිබඳ බොරු පුරාජේරුව වසාගන්නට ක්‍රිකට පාලක මණඩලය කොලේ ජෝන් වැඩකි...:(.
    මන්ද පිත්තේ පන්දුව වැදුනුබව දැන දැනත් පිතිකරුවන් විනිසුරු තීරණ දෙන තුරු හා පැටවුන් මෙන් බලාසිටින...බිම වැටුනු උඩ පඳු රැක ගත්තායැයි කියන..වර්තමාන ක්‍රිකට් ක්‍රීඩාවේ ක්‍රීඩාශීලීත්වය ගැන කතා කිරීම පවා විහිලුවකි..

    ReplyDelete
  4. මාරම ලිපිය.. ස්තූතියි දැනුවත් කිරීමට.
    සහතික තිත්ත ඇත්ත..

    ReplyDelete
  5. ක්‍රිකට් වලදි ලෝකෙ කරකැවෙන්නෙ ඉන්දියාව වටේ :D

    ReplyDelete
  6. mamanam ape palaka mandalayata tamai warada pawaranne

    ReplyDelete
  7. හෙට තරඟයද වැස්ස නොවැටුනද පරාජයට පත්වීමට බොහෝ දුරට ඉඩ ඇත.මන්ද හෙට ද තරඟ වදින්නේ ඉන්දියාව බැවිනි. ලංකාවේ ක්‍රිකට් හා දේශපාලනය දෙකම දැන් එකවගේය. ජේශ්ඨයෝ $ පසුපස හඹා යාමට පුරුදුවී සිටී.ඒ IPL තරඟාවලියේදී තමාට කැපිල්ලක් වේ යැයි බියෙන් විය හැක.

    දැන් සන්ගක්කාරගේ නායකත්වය පිලිබඳවද යම් යම් ගැටළු මතුවෙමින් පවතී. ඒ ඔහු ඉතාමත් තීරනාත්මක තරඟ වලදී පන්දු යවන්නන්, පිතිකරුවන් හා පන්දු රකින්නන් යොදවන ආකාරය අනුවය.එමෙන්ම ඔහුගේ මෑතකාලීන ක්‍රීඩා විලාශයද විශේෂයෙන්ම ඉන්දියාවට එරෙහිව ඉතාමත් දුර්වලය.එය ඔහුගේ හෝ ඊට ඉහලින් ලැබෙන හෝ තීන්දු තීරන විය හැක.

    මෙහිදී සුරාජ් ට පමනක් වරද පැටවීමට නොක්කෙ ඔහුගේ පලමු පන්දුව සන්ගක්කාර රැක නොගැනීම පිළිබඳ ඔහුටද, එය wide පන්දුවක් ලෙස සඳහන් නොකල විනිසුරුද එහි කොටසක් අයත් වන නිස්සය.
    එය එසේ තිබියෙදී සන්ගක්කාර තම කන්ඩායමට බැන වැදී ඇති අතර (විශේශයෙන්ම සුරාජ්ට) රන්දිව් හඬා ඇති බවද පැවසේ.

    මේ ආකාරයට අපේ අයම අනුන්ට පු_ දෙන්නට ගොස් ලන්කාවේ ක්‍රිකට් වලට හා ක්‍රීඩකයන්ට වන හානිය පිළිබඳව ක්‍රීඩා ලොලින් ලෙස අපට ඇත්තෙ දුකක් හා කණගාටුවකි

    ReplyDelete
  8. http://cricket-online.tv/cricket-controversies-vol-1-sangakkara-and-opposition-hundreds/

    ReplyDelete
  9. sahathika aththa.... harima sauththu wadak thamai sri lanka cricket buwala karala thiyenne..... batsman 100 gahana eka walakwanne nathuwa uta centurya ganna deela athpudi gahanawata wadiya hondai cricket gahanne nathuwa gedarata wela piti ketuwanan....... 99 inna hamotama century gahanna dena neethiyak looke kohewath nane..... meka maha amana ratak.

    ReplyDelete
  10. sahathika aththa.ape lanakawe kridakange paththa ganne nathi kriketpalaka mandalekin thiyena theruma mokadda?????un indiyawata puka dena 1 simawak aththema na.
    lanakawe kriket palaka mandale kridakayan wenuwen inna ony.waraddak kala nam ekata daduwam denna icc 1 innawa.Randiw karapu wade 100%k hari.aaa wagema ohu mahath mayek widihata wada karala thiyenawa....tharaga pawa nodi rata gana hagi men sellan karana mewani kridakayo sri lankawata sampathak.ape cricket palaka manda leta hena gahapan

    ReplyDelete