WelCome to DilScoop....!!

www.dilscoop.info the best srilankan online cricket forum....!!!

INQUIRY

ඩිල්-ස්කූප් බ්ලොග් වාර්තාකරණය ගැන ඔබේ අදහස් අපට ලියා එවන්න..dil_scoop@live.com

2/06/2011

තෙන්ඩුල්කාර් - දෝනි ලෝක කුසලාන අවදානමක....

2011 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට තවත් ඇත්තේ සති 2ක කටත් අඩු කාලයකි. ලෝක කුසලාන උණුසුම ලොවපුරා පැතිරෙද්දී එය ආසියානු කලාපයේ වසංගතයක් සේ පැතිරෙමින් පවතියි. එම උණුසුම තවත් තීව්‍ර කරන පුවතක් මේ වන විට ඉන්දියාවෙන් වාර්තා වී තිබේ.
සචින් තෙන්ඩුල්කාර් සහ මහේන්ද්‍ර සිං දෝනි යනු ඉන්දීය කණ්ඩායම සතු ප්‍රබලතම සහ වැදගත්ම තුරුම්පු දෙකකි. මොවුන් දෙදෙනා මේ වනවිට ලොව්ක කුසලාන තහනමක පැටලීමට දොර‍ටු විව්ර්ත කරගෙන සිටියි.

අයි.සී.සී. ය තවමත් නිළවචයෙන් යමක් මේ පිළිබඳව පළකර  නැතත් ඉන්දියානු මාධ්‍ය වලින් අනාවරණය වන පරිදි මොවුන් දෙදෙනා මෙම අර්බුදයට මැදිව සිටින්නේ අනුග්‍රාහක ආයතන සමඟ ගිවිසුම් ඇතිකරගැනීම නිසාවෙනි. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය මීට පෙර නීතියක් නිකුත් කර ඇත්තේ මෙවර ලෝක කුසලාන තරඟාවලියේ තරඟ පැවැත්වෙන කාලසීමාවන් ඇතුළත නිළ අනුග්‍රාහක ආයතන සමඟ හැර වෙනත් කිසිඳු ආයතනයක් සමග ක්‍රීඩකයන්ට ගිවිසුම් අත්සන් කිරීම තහනම් බවයි. මෙවර ලෝක කුසලාන නිළ අනුග්‍රාහකයන් වන්නේ "පෙප්සි" සහ "හීරෝ හොන්ඩා" සමාගම් පමණි. එහෙත්  ටෙන්ඩුල්කාර් විසින් "කොකා කෝලා" සමාගම සමග ද මහේන්ද්‍ර සිං දෝනි විසින් , "සෝනි" සහ "ටී.වී.එස්." සමාගම් සමග ද මේ වන විටත් ගිවිසුම් අත්සන් කර ඇති බව වාර්තා වෙයි.
  මේ තත්ත්වය මත දෝනි සහ තෙන්ඩුල්කාර් ලෝක කුසලාන තරඟ තහනමක අවදානමකට ලක්ව ඇති බව ජාත්‍යන්තර මාද්‍ය වාර්තා කරයි.
කුමකින් කුමක් සුදුවේ දැයි අපි උපේක්ෂාවෙන් බලා සිටිමු.

2 comments:

  1. apo ooka awulak wen nae, un dennawa thahanam kaloth Indiawa World Cup eken ayin wenawa kiyay, ehema unoth ICC eka World Cup eka nawaththanna ye.
    mona de unath oya 2na wa suspend karanne ne, eka sure

    ReplyDelete
  2. ICC ලොක්කත් මම දන තරමට ඉන්දියානුවෙක් , අනික ඉන්දියාව ලෝක කුසලානෙන් අයින් උනොත් ක්‍රිකට් මාර්කට් එක ඉවරයි . මොකද ලෝකේ අනික් සියලුම රටවල ක්‍රිකට් බලන රසික සංඛ්‍යාවට ( එකතුවට ) වඩා ඉන්දියාවේ ක්‍රිකට් බලන ගාන වැඩියි

    ReplyDelete