

එක්දින තරඟාවලි 2ක් ජයගැනීමට ශ්‍රී ලංකාවට හැකි වුවද, වඩාත් වටින්නේ ඕස්ට්‍රේලියාවේදී ලද ජයග්‍රහණයයි. මේ වසරේදී ලකුණු දහස පසු කරන්නට තිලකරත්න ඩිල්ෂාන්ට හොඳ අවස්ථාවක් තිබුණද වැස්ස හරස්වී එම අවස්ථාව ඔහුගෙන් උදුරා ගත්තේය. ලකුණු දහස සම්පූර්ණ කරන්නට හැකිවූයේ නම්, ලෝක කුසලානයට යද්දී අනෙක් කණ්ඩායම් ඩිල්ෂාන් සම්බන්ධයෙන් ඇති බිය තවත් වැඩිවනබව පැහැදිලිය. කෙසේ වෙතත් පසුගිය වසරේ පැවති තරඟ වලදී කැපී පෙනෙන දායකත්වය ලැබෙන්නේ ඇන්ජලෝ මැතිව්ස් ගෙනි. තරුණයකු ලෙස ඔහු දැක්වූ දායකත්වය සුවිශේෂය. 48.50 ක් ලෙස තමන්ගේ ඉනිමක සාමාන්‍යය පවත්වාගෙන යෑමට ඇන්ජලෝ සමත්විය. මේ හැකියාව පෙන්වීම නිසාම ලෝකයේ හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස පිළිගැනීමට ලක්වීමට ඇන්ජලෝට හැකිවී තිබේ. ඔහු ඕස්ට්‍රේලියාවේදී දැක්වූ දස්කම් පරිණත ක්‍රීඩකයෙකු ඉතා ඉක්මනින් බිහිවන බවට සාක්ෂි සපයයි.

ඇන්ජලෝ මැතිව්ස් සමඟ තවත් තුන් ඉරියව් ක්‍රීඩකයෙකුගේ බිහිවීම අපට ගෙවීයන වසරේ දකින්නට ලැබුණි. ඒ තිසර පෙරේරා ජාත්‍යන්තර පිටියට පිවිසීමයි. බොහෝ දෙනෙකු විශ්වාස නොකළද ගෙවීයන වසරේ පන්දු යවන්නෙකු ලෙස වැඩිම කඩුලු දවාගෙන ඇත්තේ තිසරය. ඔහු දවාගෙන ඇති කඩුලු ගණන 22 කි. මාලිංග හා කුලසේකර කඩුලු 18 බැගින් දවාගෙන තිබේ. ශ්‍රී ලංකා කණ්ඩායමේ සාර්ථකත්වයට පන්දු යවන්නන්ගෙන් ලබුණු සහයෝගය වැදගත්ය. රන්දීව් හොඳම දඟ පන්දු යවන්නා ලෙස කඩුලු 17ක් දවාගෙන ඇතත්, ඔහු ඒ වෙනුවෙන් ප්‍රතිවාදීන්ට ලබාදී ඇති ලකුණු ප්‍රමාණය වැඩිය. මේ නිසා ඔහු වඩාත් කල්පනාකාරී විය යුතුය.
සමස්ථයක් ලෙස ගෙවීයන්නේ එක් සුන්දර මතකයක් පමණක් ඉතිරිකළ වසරකි. මෙහිදී ඩිල්ෂාන් දඹුල්ලේදී ඉන්දියාවට එරෙහිව ලැබූ ශතකය මතකයට නැගෙයි. එසේම මැතිව්ස් හා මාලිංග බ්‍රිස්බේන්හිදී දියත්කළ සම්බන්ධතාවය සිහියට නැගෙයි. ඉන්දියාවට එරෙහිව එස්. එස්. සී. ටෙස්ට් තරඟයේ පළමු ඉනිමේ ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ පහරදීම තවත් සුවිශේෂී මතකයකි.
මේ සියල්ලටම වඩා අමතක නොවන සිදුවීම 800 වනි ටෙස්ට් කඩුල්ල සම්පූර්ණ කිරීම වෙනුවෙන් මුරලි ගාල්ලේදී ඕජා දවාගත් අවස්ථාවයි. අවසන් කඩුල්ල මුරලිට ලබා දීමට ශ්‍රී ලංකාවේ පන්දු යවන්නන් , පන්දු රකින්නන් දැරූ උත්සාහය අපූරුය. මුරලිගේ සංයමය බිඳෙද්දී ඔහුව කණ්ඩායමේ සඟයන් දිරිමත් කළ ආකාරය සුන්දරය. අවසානයේ මුරලිගේ මුහුනේ ඇඳුණු සිනහව සදාකාලික මතකයකි. 2010 ගෙවෙන්නේ එසේය. එහෙත් ක්‍රීඩකයන් කොතරම් දස්කම් දැක්වූවත් ක්‍රිකට් පාලකයන් නම් අර්බුද රැසකට මුහුණදුන් වසරක් ලෙස මේ වසර ගෙවීයයි. ඔවුන් යමක් කළා යැයි අපට සලකන්නට හැකි වෙන්නේ ජනවාරි දෙවැනි සතිය නිම වෙද්දී ලෝක කුසලානය වෙනුවෙන් සකස්වන පිටි සකසා නිමා වුවහොත් පමණි. නැතහොත් ලබන වසර ඇරඹෙද්දීම ශ්‍රී ලංකාව පරාජයට පත්වනු ඇත.
උපුටා ගැනීම - ඉරිදා ලංකාදීපය 2010 - 12 - 26