WelCome to DilScoop....!!

www.dilscoop.info the best srilankan online cricket forum....!!!

INQUIRY

ඩිල්-ස්කූප් බ්ලොග් වාර්තාකරණය ගැන ඔබේ අදහස් අපට ලියා එවන්න..dil_scoop@live.com

12/26/2010

අලුත් වසරට අලුත් පැතුමක් !

ලෝක කුසලාන තරඟාවලිය ගැන බලාපොරොත්තු ඇතිකරමින් 2010 ගෙවී යයි. මේ ගෙවීයන වසර තුළදී ශ්‍රී ලංකාව පැත්තෙන් කතාකරන්නට ඇති එකම සිදුවීම නම් ඕස්ට්‍රේලියාව පරදා එක්දින තරඟාවලියක් ජයග්‍රහනය කිරීමයි. ඒ හැරෙන්නට ගෙවීයන වසරට ශ්‍රී ලංකාවට ලැබුනේ ටෙස්ට් තරඟාවලි 2ක් පමණි. එහිදී ඉන්දියාවට එරෙහිව පැවති තරඟාවලිය ජයගැනීමට අවශ්‍යය තරම් අවස්ථාව තිබියදී අපි එය නැතිකර ගත්තෙමු. එයින් පසුව මෙම තරඟාවලිය ජය ගත්තේනම් ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල ඉහළට පැමිණ අපට වසර නිමා කරන්නට අවස්ථාව තිබිණි.

ටෙස්ට් තරඟවල සාර්ථකම පිතිකරුවා කුමාර් සංගක්කාරයි. තරඟ 6 කදී ලකුණු 695 ක් ලබා ඔහු වසර අවසන් කළේය. ලැබුණු ටෙස්ට් තරඟ ප්‍රමාණයට සාපේක්ෂව එය හොඳ ලකුණු ප්‍රමාණයකි. වඩාත් වටිනා කාරණය වන්නේ තරංග පරණවිතාන ආරම්භක පිතිකරුවෙකු ලෙස සිය සාර්ථකත්වය පවත්වා ගෙන යාමයි. මුරලි තමන්ගේ ටෙස්ට් ජීවිතය අවසන් කළේ මෙම වසරේදීය. එහෙත් වසර නිමවනතුරු ඔහුගේ අනුප්‍රාප්තිකයන් වන මෙන්ඩිස් හෝ රන්දීව් දැනෙන යමක් නොකළහ. රන්දීව් ඉතා හොඳ ආරම්භයක් ගත්තද ස්ථාවර වී නැත.

එක්දින තරඟාවලි 2ක් ජයගැනීමට ශ්‍රී ලංකාවට හැකි වුවද, වඩාත් වටින්නේ ඕස්ට්‍රේලියාවේදී ලද ජයග්‍රහණයයි. මේ වසරේදී ලකුණු දහස පසු කරන්නට තිලකරත්න ඩිල්ෂාන්ට හොඳ අවස්ථාවක් තිබුණද වැස්ස හරස්වී එම අවස්ථාව ඔහුගෙන් උදුරා ගත්තේය. ලකුණු දහස සම්පූර්ණ කරන්නට හැකිවූයේ නම්, ලෝක කුසලානයට යද්දී අනෙක් කණ්ඩායම් ඩිල්ෂාන් සම්බන්ධයෙන් ඇති බිය තවත් වැඩිවනබව පැහැදිලිය. කෙසේ වෙතත් පසුගිය වසරේ පැවති තරඟ වලදී කැපී පෙනෙන දායකත්වය ලැබෙන්නේ ඇන්ජලෝ මැතිව්ස් ගෙනි. තරුණයකු ලෙස ඔහු දැක්වූ දායකත්වය සුවිශේෂය. 48.50 ක් ලෙස තමන්ගේ ඉනිමක සාමාන්‍යය පවත්වාගෙන යෑමට ඇන්ජලෝ සමත්විය. මේ හැකියාව පෙන්වීම නිසාම ලෝකයේ හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස පිළිගැනීමට ලක්වීමට ඇන්ජලෝට හැකිවී තිබේ. ඔහු ඕස්ට්‍රේලියාවේදී දැක්වූ දස්කම් පරිණත ක්‍රීඩකයෙකු ඉතා ඉක්මනින් බිහිවන බවට සාක්ෂි සපයයි.

ඇන්ජලෝ මැතිව්ස් සමඟ තවත් තුන් ඉරියව් ක්‍රීඩකයෙකුගේ බිහිවීම අපට ගෙවීයන වසරේ දකින්නට ලැබුණි. ඒ තිසර පෙරේරා ජාත්‍යන්තර පිටියට පිවිසීමයි. බොහෝ දෙනෙකු විශ්වාස නොකළද ගෙවීයන වසරේ පන්දු යවන්නෙකු ලෙස වැඩිම කඩුලු දවාගෙන ඇත්තේ තිසරය. ඔහු දවාගෙන ඇති කඩුලු ගණන 22 කි. මාලිංග හා කුලසේකර කඩුලු 18 බැගින් දවාගෙන තිබේ. ශ්‍රී ලංකා කණ්ඩායමේ සාර්ථකත්වයට පන්දු යවන්නන්ගෙන් ලබුණු සහයෝගය වැදගත්ය. රන්දීව් හොඳම දඟ පන්දු යවන්නා ලෙස කඩුලු 17ක් දවාගෙන ඇතත්, ඔහු ඒ වෙනුවෙන් ප්‍රතිවාදීන්ට ලබාදී ඇති ලකුණු ප්‍රමාණය වැඩිය. මේ නිසා ඔහු වඩාත් කල්පනාකාරී විය යුතුය.

සමස්ථයක් ලෙස ගෙවීයන්නේ එක් සුන්දර මතකයක් පමණක් ඉතිරිකළ වසරකි. මෙහිදී ඩිල්ෂාන් දඹුල්ලේදී ඉන්දියාවට එරෙහිව ලැබූ ශතකය මතකයට නැගෙයි. එසේම මැතිව්ස් හා මාලිංග බ්‍රිස්බේන්හිදී දියත්කළ සම්බන්ධතාවය සිහියට නැගෙයි. ඉන්දියාවට එරෙහිව එස්. එස්. සී. ටෙස්ට් තරඟයේ පළමු ඉනිමේ ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ පහරදීම තවත් සුවිශේෂී මතකයකි.



මේ සියල්ලටම වඩා අමතක නොවන සිදුවීම 800 වනි ටෙස්ට් කඩුල්ල සම්පූර්ණ කිරීම වෙනුවෙන් මුරලි ගාල්ලේදී ඕජා දවාගත් අවස්ථාවයි. අවසන් කඩුල්ල මුරලිට ලබා දීමට ශ්‍රී ලංකාවේ පන්දු යවන්නන් , පන්දු රකින්නන් දැරූ උත්සාහය අපූරුය. මුරලිගේ සංයමය බිඳෙද්දී ඔහුව කණ්ඩායමේ සඟයන් දිරිමත් කළ ආකාරය සුන්දරය. අවසානයේ මුරලිගේ මුහුනේ ඇඳුණු සිනහව සදාකාලික මතකයකි. 2010 ගෙවෙන්නේ එසේය. එහෙත් ක්‍රීඩකයන් කොතරම් දස්කම් දැක්වූවත් ක්‍රිකට් පාලකයන් නම් අර්බුද රැසකට මුහුණදුන් වසරක් ලෙස මේ වසර ගෙවීයයි. ඔවුන් යමක් කළා යැයි අපට සලකන්නට හැකි වෙන්නේ ජනවාරි දෙවැනි සතිය නිම වෙද්දී ලෝක කුසලානය වෙනුවෙන් සකස්වන පිටි සකසා නිමා වුවහොත් පමණි. නැතහොත් ලබන වසර ඇරඹෙද්දීම ශ්‍රී ලංකාව පරාජයට පත්වනු ඇත.

උපුටා ගැනීම - ඉරිදා ලංකාදීපය 2010 - 12 - 26

12/24/2010

රුවට රුව - 6


Nathan Hauritz හා Tom Felton (Harry Potter හි Draco Malfoy)

12/17/2010

රුවට රුව - 5


ඩර්ක් නැනස් හා ජොනස් ආම්ස්ට්‍රෝන්ග් (රොබින් හුඩ්)

Dil_Scoop නැවත ගොඩනඟමු !

රුවට රුව - 4


ඉන්දීය ක්‍රීඩක සහීර් ඛාන් හා බොලිවුඩ් නළු තුස්ෂාර් කපූර්


Dil_Scoop නැවත ගොඩනඟමු !

12/15/2010

රුවට රුව - 3


තිලකරත්න ඩිල්ෂාන් හා ජොනී ඩෙප්

ප.ලි. :-
Dil_Scoop නැවත ගොඩනඟමු !

12/14/2010

රුවට රුව - 2


නවක ක්‍රීඩක ළහිරු තිරිමාන්න හා යොවුන් නළු කාවින්ග පෙරේරා.

ප.ලි. :-
Dil_Scoop නැවත ගොඩනඟමු !

12/13/2010

රුවට රුව - 1


ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක විරාට් කෝලි හා ශ්‍රී ලාංකික නළු සුදර්ශන බණ්ඩාර.

ප. ලි. - 
ශ්‍රී ලාංකීය ක්‍රිකට් ලෝලීන් වැඩිම පිරිසක් ඇලුම් කළ facebook page ය වූ Dil_Scoop පසුගිය 8 වනදා සිට facebook පාලනාධිකාරිය මඟින් අක්‍රීය කරනු ලැබීය. ඒ සමඟම 70,000 ආසන්න මිතුර මිතුරියන් සංඛ්‍යයාවක් අපට අහිමි විය. කරුණාකර http://www.facebook.com/dilscoop.lk වෙත පිවිස නැවත අප හා එක්වන ලෙස සියළු මිතුර ම්තුරියන්ගෙන් ඉල්ලා සිටිමු.

12/08/2010

Dil_Scoop නැවත ගොඩනංවමු..!

  
අපේ දැවැන්ත ක්‍රිකට් පිටුව නැවත ගොඩනංවමු......!!!!!
ලෝක කුසලානය අත ළඟ සිංහයන්ට ශක්තියක් වෙමු....!!
එන්න අප හා එක්වන්න....!

12/04/2010

කුක් - ට්‍රොට් සුසංයෝගය


ටෙස්ට් ක්‍රිකට් යනු අතිශයින්ම කඩුලු අතර සබඳතාවයන් මතින් ගොඩනැගෙන ක්‍රියාදාමයක් ලෙස සටහන් තැබිය හැකිය.
එදා මෙදා තුර විශේෂිත ක්‍රීඩකයන් දෙදෙනෙකු එක්ව දිගුකාලීනව ගොඩනගන සබඳතාවන් කිසිදින ක්‍රිකට් වංශකතාවෙන් අතුගා දැමිය නොහැකිය.

එවන් සබඳතාවන් ගෙන හැර දැක් වූව හොත් ඇන්ඩෘ ජෝන්ස් - මාටින් ක්‍රෝ , බානස් - බ්‍රැඩ්මන් , ඉජාස් - ඉන්සමාම් , ඩ්‍රාවිඩ් - ටෙන්ඩුල්කාර් මෙන්ම විශිෂ්ටතමයන් දෙදෙනා වන සංගක්කාර - මහේල  උදාහරණ ලෙස දැක්විය හැක.
මෙලෙස ලේබල් ගත ක්‍රීඩකයන් දෙදෙනෙක් කඩුල්ලේ සිටින විට ප්‍රතිවාදීන් වෙත එල්ල වන පීඩනය ක්‍රීඩා පිටියෙන් පිටත සිටින පුද්ගලයෙකුට කිසිවිටක නොදැනෙයි. ඒ බව ලොව විශිෂ්ටතම ක්‍රීඩකයන් පවා විවිධ අවස්ථාවලදී පවසා ඇත.
මෙලෙස මා පැවසීමට උත්සාහ දැරුවේ ටෙස්ට් පිටියේ නවතම පුරුක් 2 වන ට්‍රොට් - කුක් සුසංයෝගය ගැනයි. මා දකින අයුරට මොවුන් දෙදෙනා ඉදිරි දශකය පුරාවට ටෙස්ට් පිටියේ යම් පෙරලියක් සිදු කරනු ඇත.
දැනට පැවැත්වෙන අළුබඳුන ටෙස්ට් තරඟාවලියේ ක්‍රීඩාකල තරඟ 2දීම මොවුන් දෙදෙනා දැවැන්ත සබඳතාවයන් පවත්වමින් ප්‍රබල කැංගරුවන් සම්පූර්ණයෙන්ම පරාජයට පත්කිරීමට සමත් විය පළමු තරඟයේදී නොබිඳුනු ලකුනු 329*ක සබඳතාවයක් පැවත්වූ ට්‍රොට්-කූක් දෙදෙන දෙවන තරඟයේදීද තම අණසක පතුරුවමින් ලකුනු 173ක සබඳතාවක් පැවැත්වීය. මේම තත්ත්වය එංගලන්ත ක්‍රිකට් වෙත දක්වන සහයෝගය අපරිමිතයි.

ඉදිරි දශකයේදී ඉතා හොඳ ටෙස්ට් ක්‍රීඩකයන් රැසක් ලෝක ක්‍රිකට් පොතට එක්වන ලකුනු පෙනෙන්නට ඇත ඩැරන් බ්‍රාවෝ , චේටෙශ්වර් පුජාර කදිම නිදසුන් වෙයි..
මෙවන් තත්ත්වයන් මත ශ්‍රීලංකාව ඉදිරි කාලයේදී ටෙස්ට් පිටියට දායක කරන තුරුම්පු කෙසේ වෙයි දැයි අප ඉවසිල්ලෙන් බලා සිටිමු...!!!