WelCome to DilScoop....!!

www.dilscoop.info the best srilankan online cricket forum....!!!

INQUIRY

ඩිල්-ස්කූප් බ්ලොග් වාර්තාකරණය ගැන ඔබේ අදහස් අපට ලියා එවන්න..dil_scoop@live.com

12/26/2010

අලුත් වසරට අලුත් පැතුමක් !

ලෝක කුසලාන තරඟාවලිය ගැන බලාපොරොත්තු ඇතිකරමින් 2010 ගෙවී යයි. මේ ගෙවීයන වසර තුළදී ශ්‍රී ලංකාව පැත්තෙන් කතාකරන්නට ඇති එකම සිදුවීම නම් ඕස්ට්‍රේලියාව පරදා එක්දින තරඟාවලියක් ජයග්‍රහනය කිරීමයි. ඒ හැරෙන්නට ගෙවීයන වසරට ශ්‍රී ලංකාවට ලැබුනේ ටෙස්ට් තරඟාවලි 2ක් පමණි. එහිදී ඉන්දියාවට එරෙහිව පැවති තරඟාවලිය ජයගැනීමට අවශ්‍යය තරම් අවස්ථාව තිබියදී අපි එය නැතිකර ගත්තෙමු. එයින් පසුව මෙම තරඟාවලිය ජය ගත්තේනම් ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල ඉහළට පැමිණ අපට වසර නිමා කරන්නට අවස්ථාව තිබිණි.

ටෙස්ට් තරඟවල සාර්ථකම පිතිකරුවා කුමාර් සංගක්කාරයි. තරඟ 6 කදී ලකුණු 695 ක් ලබා ඔහු වසර අවසන් කළේය. ලැබුණු ටෙස්ට් තරඟ ප්‍රමාණයට සාපේක්ෂව එය හොඳ ලකුණු ප්‍රමාණයකි. වඩාත් වටිනා කාරණය වන්නේ තරංග පරණවිතාන ආරම්භක පිතිකරුවෙකු ලෙස සිය සාර්ථකත්වය පවත්වා ගෙන යාමයි. මුරලි තමන්ගේ ටෙස්ට් ජීවිතය අවසන් කළේ මෙම වසරේදීය. එහෙත් වසර නිමවනතුරු ඔහුගේ අනුප්‍රාප්තිකයන් වන මෙන්ඩිස් හෝ රන්දීව් දැනෙන යමක් නොකළහ. රන්දීව් ඉතා හොඳ ආරම්භයක් ගත්තද ස්ථාවර වී නැත.

එක්දින තරඟාවලි 2ක් ජයගැනීමට ශ්‍රී ලංකාවට හැකි වුවද, වඩාත් වටින්නේ ඕස්ට්‍රේලියාවේදී ලද ජයග්‍රහණයයි. මේ වසරේදී ලකුණු දහස පසු කරන්නට තිලකරත්න ඩිල්ෂාන්ට හොඳ අවස්ථාවක් තිබුණද වැස්ස හරස්වී එම අවස්ථාව ඔහුගෙන් උදුරා ගත්තේය. ලකුණු දහස සම්පූර්ණ කරන්නට හැකිවූයේ නම්, ලෝක කුසලානයට යද්දී අනෙක් කණ්ඩායම් ඩිල්ෂාන් සම්බන්ධයෙන් ඇති බිය තවත් වැඩිවනබව පැහැදිලිය. කෙසේ වෙතත් පසුගිය වසරේ පැවති තරඟ වලදී කැපී පෙනෙන දායකත්වය ලැබෙන්නේ ඇන්ජලෝ මැතිව්ස් ගෙනි. තරුණයකු ලෙස ඔහු දැක්වූ දායකත්වය සුවිශේෂය. 48.50 ක් ලෙස තමන්ගේ ඉනිමක සාමාන්‍යය පවත්වාගෙන යෑමට ඇන්ජලෝ සමත්විය. මේ හැකියාව පෙන්වීම නිසාම ලෝකයේ හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස පිළිගැනීමට ලක්වීමට ඇන්ජලෝට හැකිවී තිබේ. ඔහු ඕස්ට්‍රේලියාවේදී දැක්වූ දස්කම් පරිණත ක්‍රීඩකයෙකු ඉතා ඉක්මනින් බිහිවන බවට සාක්ෂි සපයයි.

ඇන්ජලෝ මැතිව්ස් සමඟ තවත් තුන් ඉරියව් ක්‍රීඩකයෙකුගේ බිහිවීම අපට ගෙවීයන වසරේ දකින්නට ලැබුණි. ඒ තිසර පෙරේරා ජාත්‍යන්තර පිටියට පිවිසීමයි. බොහෝ දෙනෙකු විශ්වාස නොකළද ගෙවීයන වසරේ පන්දු යවන්නෙකු ලෙස වැඩිම කඩුලු දවාගෙන ඇත්තේ තිසරය. ඔහු දවාගෙන ඇති කඩුලු ගණන 22 කි. මාලිංග හා කුලසේකර කඩුලු 18 බැගින් දවාගෙන තිබේ. ශ්‍රී ලංකා කණ්ඩායමේ සාර්ථකත්වයට පන්දු යවන්නන්ගෙන් ලබුණු සහයෝගය වැදගත්ය. රන්දීව් හොඳම දඟ පන්දු යවන්නා ලෙස කඩුලු 17ක් දවාගෙන ඇතත්, ඔහු ඒ වෙනුවෙන් ප්‍රතිවාදීන්ට ලබාදී ඇති ලකුණු ප්‍රමාණය වැඩිය. මේ නිසා ඔහු වඩාත් කල්පනාකාරී විය යුතුය.

සමස්ථයක් ලෙස ගෙවීයන්නේ එක් සුන්දර මතකයක් පමණක් ඉතිරිකළ වසරකි. මෙහිදී ඩිල්ෂාන් දඹුල්ලේදී ඉන්දියාවට එරෙහිව ලැබූ ශතකය මතකයට නැගෙයි. එසේම මැතිව්ස් හා මාලිංග බ්‍රිස්බේන්හිදී දියත්කළ සම්බන්ධතාවය සිහියට නැගෙයි. ඉන්දියාවට එරෙහිව එස්. එස්. සී. ටෙස්ට් තරඟයේ පළමු ඉනිමේ ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ පහරදීම තවත් සුවිශේෂී මතකයකි.



මේ සියල්ලටම වඩා අමතක නොවන සිදුවීම 800 වනි ටෙස්ට් කඩුල්ල සම්පූර්ණ කිරීම වෙනුවෙන් මුරලි ගාල්ලේදී ඕජා දවාගත් අවස්ථාවයි. අවසන් කඩුල්ල මුරලිට ලබා දීමට ශ්‍රී ලංකාවේ පන්දු යවන්නන් , පන්දු රකින්නන් දැරූ උත්සාහය අපූරුය. මුරලිගේ සංයමය බිඳෙද්දී ඔහුව කණ්ඩායමේ සඟයන් දිරිමත් කළ ආකාරය සුන්දරය. අවසානයේ මුරලිගේ මුහුනේ ඇඳුණු සිනහව සදාකාලික මතකයකි. 2010 ගෙවෙන්නේ එසේය. එහෙත් ක්‍රීඩකයන් කොතරම් දස්කම් දැක්වූවත් ක්‍රිකට් පාලකයන් නම් අර්බුද රැසකට මුහුණදුන් වසරක් ලෙස මේ වසර ගෙවීයයි. ඔවුන් යමක් කළා යැයි අපට සලකන්නට හැකි වෙන්නේ ජනවාරි දෙවැනි සතිය නිම වෙද්දී ලෝක කුසලානය වෙනුවෙන් සකස්වන පිටි සකසා නිමා වුවහොත් පමණි. නැතහොත් ලබන වසර ඇරඹෙද්දීම ශ්‍රී ලංකාව පරාජයට පත්වනු ඇත.

උපුටා ගැනීම - ඉරිදා ලංකාදීපය 2010 - 12 - 26

12/24/2010

රුවට රුව - 6


Nathan Hauritz හා Tom Felton (Harry Potter හි Draco Malfoy)

12/17/2010

රුවට රුව - 5


ඩර්ක් නැනස් හා ජොනස් ආම්ස්ට්‍රෝන්ග් (රොබින් හුඩ්)

Dil_Scoop නැවත ගොඩනඟමු !

රුවට රුව - 4


ඉන්දීය ක්‍රීඩක සහීර් ඛාන් හා බොලිවුඩ් නළු තුස්ෂාර් කපූර්


Dil_Scoop නැවත ගොඩනඟමු !

12/15/2010

රුවට රුව - 3


තිලකරත්න ඩිල්ෂාන් හා ජොනී ඩෙප්

ප.ලි. :-
Dil_Scoop නැවත ගොඩනඟමු !

12/14/2010

රුවට රුව - 2


නවක ක්‍රීඩක ළහිරු තිරිමාන්න හා යොවුන් නළු කාවින්ග පෙරේරා.

ප.ලි. :-
Dil_Scoop නැවත ගොඩනඟමු !

12/13/2010

රුවට රුව - 1


ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක විරාට් කෝලි හා ශ්‍රී ලාංකික නළු සුදර්ශන බණ්ඩාර.

ප. ලි. - 
ශ්‍රී ලාංකීය ක්‍රිකට් ලෝලීන් වැඩිම පිරිසක් ඇලුම් කළ facebook page ය වූ Dil_Scoop පසුගිය 8 වනදා සිට facebook පාලනාධිකාරිය මඟින් අක්‍රීය කරනු ලැබීය. ඒ සමඟම 70,000 ආසන්න මිතුර මිතුරියන් සංඛ්‍යයාවක් අපට අහිමි විය. කරුණාකර http://www.facebook.com/dilscoop.lk වෙත පිවිස නැවත අප හා එක්වන ලෙස සියළු මිතුර ම්තුරියන්ගෙන් ඉල්ලා සිටිමු.

12/08/2010

Dil_Scoop නැවත ගොඩනංවමු..!

  
අපේ දැවැන්ත ක්‍රිකට් පිටුව නැවත ගොඩනංවමු......!!!!!
ලෝක කුසලානය අත ළඟ සිංහයන්ට ශක්තියක් වෙමු....!!
එන්න අප හා එක්වන්න....!

12/04/2010

කුක් - ට්‍රොට් සුසංයෝගය


ටෙස්ට් ක්‍රිකට් යනු අතිශයින්ම කඩුලු අතර සබඳතාවයන් මතින් ගොඩනැගෙන ක්‍රියාදාමයක් ලෙස සටහන් තැබිය හැකිය.
එදා මෙදා තුර විශේෂිත ක්‍රීඩකයන් දෙදෙනෙකු එක්ව දිගුකාලීනව ගොඩනගන සබඳතාවන් කිසිදින ක්‍රිකට් වංශකතාවෙන් අතුගා දැමිය නොහැකිය.

එවන් සබඳතාවන් ගෙන හැර දැක් වූව හොත් ඇන්ඩෘ ජෝන්ස් - මාටින් ක්‍රෝ , බානස් - බ්‍රැඩ්මන් , ඉජාස් - ඉන්සමාම් , ඩ්‍රාවිඩ් - ටෙන්ඩුල්කාර් මෙන්ම විශිෂ්ටතමයන් දෙදෙනා වන සංගක්කාර - මහේල  උදාහරණ ලෙස දැක්විය හැක.
මෙලෙස ලේබල් ගත ක්‍රීඩකයන් දෙදෙනෙක් කඩුල්ලේ සිටින විට ප්‍රතිවාදීන් වෙත එල්ල වන පීඩනය ක්‍රීඩා පිටියෙන් පිටත සිටින පුද්ගලයෙකුට කිසිවිටක නොදැනෙයි. ඒ බව ලොව විශිෂ්ටතම ක්‍රීඩකයන් පවා විවිධ අවස්ථාවලදී පවසා ඇත.
මෙලෙස මා පැවසීමට උත්සාහ දැරුවේ ටෙස්ට් පිටියේ නවතම පුරුක් 2 වන ට්‍රොට් - කුක් සුසංයෝගය ගැනයි. මා දකින අයුරට මොවුන් දෙදෙනා ඉදිරි දශකය පුරාවට ටෙස්ට් පිටියේ යම් පෙරලියක් සිදු කරනු ඇත.
දැනට පැවැත්වෙන අළුබඳුන ටෙස්ට් තරඟාවලියේ ක්‍රීඩාකල තරඟ 2දීම මොවුන් දෙදෙනා දැවැන්ත සබඳතාවයන් පවත්වමින් ප්‍රබල කැංගරුවන් සම්පූර්ණයෙන්ම පරාජයට පත්කිරීමට සමත් විය පළමු තරඟයේදී නොබිඳුනු ලකුනු 329*ක සබඳතාවයක් පැවත්වූ ට්‍රොට්-කූක් දෙදෙන දෙවන තරඟයේදීද තම අණසක පතුරුවමින් ලකුනු 173ක සබඳතාවක් පැවැත්වීය. මේම තත්ත්වය එංගලන්ත ක්‍රිකට් වෙත දක්වන සහයෝගය අපරිමිතයි.

ඉදිරි දශකයේදී ඉතා හොඳ ටෙස්ට් ක්‍රීඩකයන් රැසක් ලෝක ක්‍රිකට් පොතට එක්වන ලකුනු පෙනෙන්නට ඇත ඩැරන් බ්‍රාවෝ , චේටෙශ්වර් පුජාර කදිම නිදසුන් වෙයි..
මෙවන් තත්ත්වයන් මත ශ්‍රීලංකාව ඉදිරි කාලයේදී ටෙස්ට් පිටියට දායක කරන තුරුම්පු කෙසේ වෙයි දැයි අප ඉවසිල්ලෙන් බලා සිටිමු...!!!

11/30/2010

පල්ලෙකැලේ ක්‍රීඩාංගනය - [ PCG ]

පල්ලෙ කැලේ මුත්තයියා මුරලිදරන් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියේ වැඩ කටයුතු අවසානයට පැමිණ ඇත. හෙට දින(දෙසැ 1 ) කොදෙව් ශ්‍රී ලංකා අවසන් ටෙස්ට් තරඟය පැවැත්වීමට නියමිත පල්ලෙකැලේ ක්‍රීඩාපිටියේ ගුවන් ගත දර්ශනය ඉතාමත් චමත්කාර ජනක දර්ශනීය සිතුවමක් මවයි...    
ශ්‍රී ලංකවේ පමනක් නොව ආසියාවේම ආකර්ෂණීයම ක්‍රිකට් ක්‍රීඩාංගණය මේය වනු නිසැකය....!



11/03/2010

අපි සිංහ වංශයේ.. ඔබ..?

ශ්‍රී ලංකා - ඕස්ට්‍රේලියා ප්‍රථම එක්දින තරඟය මෙල්බෝර්න් හිදී මීට සුලු වේලාවකට පෙර අවසන් වූයේ ශ්‍රී ලංකාවට අරුම පුදුම තියුනු ජයක් අත්කර දෙමිනි....


කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් කැන්ගරු ඉනිම සුනු විසුනු කරන්නට තිසර පෙරේරා ප්‍රමුඛ සිංහ පන්දු බල ඇණිය සමත් විණි....
කෙසේ හෝ මයික් හසී ගේ දක්ෂ පිතිකරණය (71* ) නිසා කැන්ගරු ඉනිම පන්දුවාර 50 අවසනදී දිස් වූයේ කඩුලු 8කට ලකුණු 239ක් ලෙසිනි..

240ක පහසු ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ඩිල්ෂාන් - තරන්ග ආරම්භක යුගලයම වේලාසනම ක්‍රීඩාගාරයට යැවීමට කැන්ගරුවන් සමත් විය. කෙසේ නමුත් 3 වන කඩුල්ලට තරමක සබඳතාවක් ගොඩනැගීමට සංගා(49)- මහේල(19) සමත් වූවත්, මහේලහේ දැවීයාමෙන් ඇද වටුනු ශ්‍රීලංකා ඉනිම නැවතුනේ ලකුනු 107 කට කඩුලු 8ක් වශයෙනි.
9 වෙනි කඩුල්ලට එක්වූ ඇන්ජෙලෝ මැතිව්ස්(77*) සහ ලසිත් මාලිංග(56) ශ්‍රී ලංකා ඉණිමට සවියක් වූයේ දුටු ගැමුණු රජතුමාගේ යෝධයින් දෙදෙනෙකු ලෙසිනි... වාර්තාගත ලකුනු 133ක්  9 වන කඩුල්ලට රැස් කිරීමට මේ දෙදෙනා සමත් විය... අවසන් මොහොතේ ලසිත් දුවද්දී දැවී ගිය හෙයින්, පිටියට වන් මුරලි කැන්ගරු නායක ක්ලාක්ගේ පන්දුවකට  4 පහරක් එල්ල කොට 44 වන පන්දුවාරයේදී ලංකාවට ජය ගෙනදීමට සමත් විය.

කාලාන්තරයකට මතකයෙන් තුරන් නොවන තරඟයක් වූ මෙයට මෙල්බෝන් හි වෙසෙන දහස් ගනන් ලාංකිකයන් දැක්වූ සහයෝගය ද අගය කොට සළකමු....!

සිංහයෝ 1-0ක් ලෙසතරඟාවලියේ පෙරමුණ ගෙන සිටී.....
ජය ජය ශ්‍රී ලංකා....!!!!!

10/31/2010

ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්..!


කැන්ගරුවන් පරදා කඩුළු 7කින් සිංහයන් ජය ගනී.....!!
තුන් ඉරියව් දස්කම් පෑ සිංහයන්ට අපෙන් සුභ පැතුම්..!
ජය ජය ශ්‍රීලංකා...!!

10/05/2010

සංගා වසරේ දක්ෂතම හා ජනප්‍රියම ක්‍රිකට් ක්‍රීඩකයා ...

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක කුමාර සංගක්කාර ඊයේ රාත්‍රී කොළඹ වෝටර්ස් එජ් හීදී පැවත්වූ "සියැට් සම්මාන උළලේ" දී වසරේ දක්ෂතම හා ජනප්‍රියම ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානයෙන් පිදුම් ලැබිය..



  
මෙහිදී පිරිනැමුණු සෙසු සම්මාන මෙසේය''''

  • ² jif¾ úYsIag;u fgiaÜ ms;slrejd ( ;s,dka iurùr
    ² jif¾ úYsIag;u fgiaÜ mkaÿ hjkakd ( rx.k fyar;a
    ² jif¾ úYsIag;u tlaÈk mkaÿ hjkakd ( ,is;a ud,sx.
    ² jif¾ úYsIag;u tlaÈk ms;slrejd ( ;s,lr;ak ä,aIdka
    ² jif¾ úYsIag;u tlaÈk ;=ka bßhõ lS%vlhd ( wekacf,da ue;sõia
    ² jif¾ úYsIag;u ke.Stk lS%vlhd ( ÈfkaIa pkaÈud,a
    ² jif¾ úYsIag;u ms;sldßKsh ( YIsl,d isßj¾Ok
    ² jif¾ úYsIag;u mkaÿ hjkaksh ( iaúks o w,aúia
    ² jif¾ úYsIag;u ;=ka bßhõ lS%äldj ( tIdks f,dl=iQßh
    ² jif¾ úYsIag;u 19 ka my< ms;slrejd ( Ndkql rdcmCI
    ² jif¾ úYsIag;u 19 ka my< mkaÿ hjkakd ( pß;a chïm;s
    ² jif¾ úYsIag;u 19 ka my< ;=ka bßhõ lS%vlhd( p;=r mSßia
    ² jif¾ úYsIag;u 19 ka my< ke.S tk lS%vlhd ( iks; o ue,

9/23/2010

පාකිස්ථාන ක‍්‍රිකට් කණ්ඩායම තහනම් කල යුතුයි - ඉයන් බොතම්


තරඟ පාවාදීම් චෝදනා එල්ල වී සිටින පාකිස්ථාන කණ්ඩායමට ජාත්‍යන්තර තරග තහනමක් පැනවිය යුතු බව එංගලන්තයේ හිටපු සුපිරි කි‍්‍රකට් ක‍්‍රීඩකයෙකු වන ශ‍්‍රීමත් ඉයන් බොතම් පවසයි. ඔහු කියා සිටින්නේ ක‍්‍රිකට් තරගවල පවතින ජීව ගුණය පේ‍්‍රක්ෂකයාට ලබාදීමට නම් තරග පාවාදීම් සහමුලින්ම තුරන් කළ යුතු බවය. ඒ සඳහා ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලය පාකිස්ථාන කණ්ඩායමට එරෙහිව පරීක්ෂණ අවසන් කරන තුරු ජාත්‍යන්තර තරග සඳහා තහනමක් පැනවිය යුතු බව ශ‍්‍රිමත් ඉයන් බොතම් පවසා ඇත. කෙසේ වෙතත් පාකිස්ථාන ක‍්‍රිකට් සම්මේලනයේ ප‍්‍රධානි ඉජාස් බට් මිට පෙර ප‍්‍රකාශ කර සිටියේ තරග පාවාදීම්වලට එංගලන්ත කණ්ඩායමේ ක‍්‍රිඩකයන් ද සම්බන්ධ වී ඇති බවත් ඔවුන් පිළිබඳවද පරීක්ෂණයක් පැවැත්විය යුතු බවත්ය.

උපුටා ගැනීම - lankacnews

උදානගෙන් පශ්චාත් විස්කම්..!!

දකුනු අප්‍රිකාවේ පැවැත්වෙන චැම්පියන්ස් ලීග් විස්සයි විස්ස තරඟාවලියේ දිගින් දිගටම අසාර්ථකත්වයට පත්වූ වයඹ කණ්ඩායම ඊයේ(22) තමන් සහභාගී වූ අවසාන තරඟයේදී සුවිශේෂී දස්කම් පාන්නට සමත් කම් දැක්වූවා.

නවසීලන්ත සෙන්ට්‍රල් දිස්ත්‍රික් කණ්ඩායම සමඟ පැවති තරඟයේදී කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් වයඹ නියමිත පන්දුවාර 20 අවසනදී කඩුළු 6කට ලකුනු 144ක් ලබා ගත්තා. පිත්තෙන් කැපීපෙනෙන දස්කම් වාර්තා නොවූ වත්, පන්දුව අතට ගත් වයඹ පන්දුයවන්නන් සහ පන්දු රකින්නන් ප්‍රතිවාදීන් අන්ත අසරණ පරාජයක ගිල්වීමට සමත් විය.


මුල්ම බිඳලීම අජන්ත මෙන්ඩිස් විසින් තරඟයේ 2වන පන්දුවාරයේදී සිදුකරද්දී අනතුරුව කැපී පෙනෙන පන්දුවාරයක් දියත් කල ඉසුරු උදාන කඩුළු ත්‍රිත්වයක් ලබාගැනීමට සමත් විය. මුල් කඩුළු 2 කඩුළු රකින්නගේ ආධාරයෙන් බිඳලූ උදාන, හැට්‍රික් කඩුල්ල ලෙස ජෝර්ජ් වෝකර් කෙලින්ම කඩුල්ලේ පන්දුව දවටා පිටියෙන් ඉවත් කිරීමට සමත් විය.

එමන්ම අජන්ත මෙන්ඩිස් සහ රංගන හේරත් ඉතාමත් මැනවින් පන්දු යවමින් සෙන්ට්‍රල් දිස්ත්‍රික් කණ්ඩායම ලකුණු 75කට සීමා කරමින් තරඟයේ ජයග්‍රහණය තමන් නතු කරගැනීමට සමත් විය. මෙහිදී පන්දු රැකීමද ඉතාමත් විශිෂ්ට මට්ටමක පැවතිණි. විශේෂයෙන්ම මුබාරක් රැකගත් උඩපන්දුව අති විශිෂ්ට අග්‍රගණ්‍ය උඩපන්දුවක් ලෙස ජාත්‍යන්තර විචාරකයන්ගේ පැසසුමට පාත්‍ර විය.


වයඹ එකදිගට ලැබූ පරජයන්ගෙන් හෙම්බත්ව සිටි ක්‍රීඩා ලෝලීන්ට නම් මෙය අතිශය ප්‍රබෝධයක් එක් කළ තරඟයක් වුවද බොහෝ දෙනා පැවසූයේ.. "වයඹ ඔබ මෙවරත් පරක්කුයි.." යන්නයි..!

මීලඟ චැම්පියන්ස් තරඟයේදී ශ්‍රීලංකාව නියෝජනය කරන කණ්ඩායමක ජයග්‍රහණය අපේක්ෂාවෙන් අපි ඔවුන්ට සුබ පතමු...
සිංහයන්ට ජය..!!

9/03/2010

ඩිල්ෂාන් පසුපස කුමන්ත්‍රණයක්...!







ශ්‍රී ලංකා කණ්ඩායම නැවතත් සුපුරුදු දක්ෂතා අතරට පැමිණෙනවාත් සමඟම මාධ්‍ය වෙතින් පළවන ඇතැම් පුවත් කිසිඳු පදනමකින් තොරව පළවන ඒවා බව පෙනීගොස් තිබේ....

මෙයට ආසන්නතම අවස්ථාව ලෙස ඩිල්ෂාන් සම්බන්ධව පළ වූ දූෂමාණ ආරංචිය දැක්විය හැකිය.

තිලකරත්න ඩිල්ෂාන් සහ තවත් ක්‍රීඩකයින් දෙදෙනෙකු අලලා පසුගිය දින කිහිපය තුළ ඇතම් අසත්‍ය ආරංචි අන්තර්ජාලය ඇතුළු ඇතැම් මාධ්‍ය වෙතින් ප්‍රකාශයට පත් කෙරිණි. 


 ”ලෝක කුසලානය හෙට අනිද්දා නිසා ක්‍රීඩකයින්ගේ මානසිකත්වය අඩපණ කිරීමට විවිධ දෙස් විදෙස් ක්‍රමන්ත්‍රණ මේ වනවිට ලෝක ක්‍රිකට් ක්ෂේත්‍රය පුරා ක්‍රියාත්මක වෙමින් පවතිනවා.මේවා ඒවායේ එක් පැතිකඩක් විතරයි.අපි සුදුසු නිවේදනයක් අවශ්‍යතාවය පරිදි නිකුත් කරනවා.ඒ නිසා දැන්ම මේ ගැන වෙහෙස වෙන්න එපා”යැයි ක්‍රිකට් අතුරු කමිටුවේ මාධ්‍ය ප්‍රකාශක, බ්‍රයන් තෝමස් “විමසුම.com”වෙත ප්‍රකාශ කර තිබේ.


ක්‍රිකට් ක්‍රීඩකයින් සඳහා ඇති කාන්තා ආකර්ශනය මත යම් යම් සිද්ධීන් ‍බොහෝ සංචාර අතරතුර සිදුවීම සෑම පිළකම පාහේ සිදුවන බවත්, මේ අවස්ථාවේ ඩිල්ෂාන් සම්බන්ධ සිද්ධි කරළියට එන්නේ මීළඟ ලෝක කුසලාන ක්‍රිකට් සංචිතයට ඇතුළත් වීමට බලාපොරොත්තුවෙන් මේ වනවිට කණ්ඩායමේ නිත්‍ය ස්ථාන අහිමි වී ඇති ඇතැම් ක්‍රීඩකයින් හරහා වියහැකි බව මාධ්‍යවේදී රණතුංග මහතාගේ ප්‍රකාශයෙන් හෙළිදරව් වෙයි.


Quated from Sunday's Lankadeepa.....05/09/2010


මේ අතර තුර තවත් චෝදනාවක් රාජ්කොට් තරඟය සම්බන්ධව ඉන්දියන් ටයිම්ස් පුවත්පත වාර්තා කොට තිබේ. 


කෙසේ නමුත් සංගක්කාර සියලු චෝදනා ප්‍රතික්ෂේප කරයි..

8/27/2010

ගහෙන් වැටුණ මිනිහට ගොනා ඇනීමේ ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ක්‍රමවේදය



රූඩි කර්ස්‌ටන් විසින් සංගක්‌කාරගේ දැවී ගිය ක්‍රීඩකයකු යෑයි දැනුම් දුන් තරගයේදී තරගයෙන් අනතුරුව තම කණගාටුව පළ කිරීමට කර්ස්‌ටන් විනිසුරුවරයා සංගක්‌කාර මුණ ගැසුණු අවස්‌ථාව.

---------------------------------------------------------------
ඉදිරි වසරේ පැවැත්වීමට නියමිත ලෝක කුසලාන ක්‍රිකට්‌ තරගාවලියට පෙර සූදානමක්‌ වශයෙන් සංවිධානය කෙරුණු ශ්‍රී ලංකා - නවසීලන්ත - ඉන්දියා තුන්කොන් තරගාවලියේ අවසානය සනිටුහන් කරනු ලබන අවසන් මහ තරගය හෙවත් මයික්‍රොමැක්‌ස්‌ කුසලානයේ හිමිකරුවන් තේරීම හෙට (28 වැනිදා) රංගිරි දඹුලු අන්තර්ජාතික ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා තරග වැදීමට සත්කාරක ශ්‍රී ලංකා කණ්‌ඩායමත් අසල්වැසි ඉන්දීය කණ්‌ඩායමත් සුදුසුකම් ලබා සිටියි.

මෙවර තරගාවලිය යටතේ නවසීලන්තයට සහ ඉන්දියාවට ජයග්‍රහණ වාර්තා කරමින් ශ්‍රී ලංකාව අදාළ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගත් අතර ශ්‍රී ලංකාවට සහ නවසීලන්තයට එරෙහිව තරග ජයග්‍රහණ වාර්තා කරමින් ඉන්දීය කණ්‌ඩායම අදාළ අවසන් මහ තරග අවස්‌ථාව උදා කර ගත්තේය.

පසුගිය මස 10 වැනිදායින් ඇරඹි අදාළ තුන්කොන් තරගාවලියේදී ශ්‍රී ලංකාවේ මීට පෙර පැවැති තරගාවලිවලට වඩා තරමක්‌ වෙනස්‌ අන්දමින් ක්‍රියාත්මක වීම සුවිශේෂී විය. එහිදී තරගයක්‌ පැවැත්වීමෙන් අනතුරුව දිනයක්‌ අතිරේක දිනයක්‌ වශයෙනුත් අනෙක්‌ දිනය විවේක දිනය වශයෙන් සෑම තරගයක්‌ අවසනදීම ලබාදීම අදාළ සුවිශේෂීතාව වේ.

එයත් සමගම එක්‌ ක්‍රීඩාංගණයක්‌ සියලුම තරග පැවැත්වීම ඇතුලු තවත් විශේෂ සිදුවීම් රැසක්‌ වාර්තා වූ අදාළ තරගාවලියේදී සුරාඡ් රන්දීව් විසින් නිපන්දුවක්‌ යෑව්වේ යෑයි කියන සිදුවීමද මෙම තරගාවලියේදී සුවිශේෂී ගොන්නට එකතු වන තවත් කරුණක්‌ විය.

ඉන්දීය කණ්‌ඩායමේ ජයග්‍රහණයට මෙන්ම ඉන්දීය පිතිකරු විරේන්ද්‍ර සෙවැග්ගේ ශතකයට එක්‌ ලකුණක්‌ තිබියදී සෙවැග්ට ශතකය අහිමි කිරීම වෙනුවෙන් රන්දීව් හිතාමතාම නිපන්දුවක්‌ යවන ලද්දේ යෑයි රන්දීව්ට සහ ශ්‍රී ලංකා කණ්‌ඩායමට චෝදනා ගොනු විය.

ලෝකයේ ක්‍රිකට්‌ ක්‍රZSඩා කරනු ලබන කණ්‌ඩායම් අතුරින් විනීතම කණ්‌ඩායමට හිමි සම්මානය දෙවරක්‌ දිනා සිටින ශ්‍රී ලංකා කණ්‌ඩායමට මෙම සිදුවීම විශාල අතුල් පහරක්‌ වී යෑයි ශ්‍රී ලංකා ක්‍රිකට්‌ පාලනාධිකාරියේ මතය විය.

එහිදී ප්‍රථමයෙන්ම රන්දීව්ට සහ ශ්‍රී ලංකා කණ්‌ඩායමට එරෙහිව කඳවුරු බැඳීමට ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය පෙළැඹීම කැපී පෙනෙන සිදුවීමක්‌ විය. තම පාලනය යටතේ ක්‍රීඩා කරනු ලබන ශ්‍රී ලංකා කණ්‌ඩායමේ ක්‍රීඩකයන් විසින් කරන ලදැයි කියන අදාළ අකටයුත්ත සම්බන්ධයෙන් හදිසි රැස්‌වීමක්‌ කැඳවමින් රැස්‌වූ අතුරු කමිටු සාමාජිකයන් අදාළ වරදට වරදකරු වූ සහ එයට උල් පන්දුම් දුන් අයට දඬුවම් මෙන්ම කණ්‌ඩායමේ නායකයාටද තරයේ අවවාද කිරීමට පෙළැඹිණ.

එහෙත් මෙහිදී සැලකිල්ලට ගත යුතු ප්‍රධානම කරුණ වන්නේ රන්දීව් විසින් එය හිතාමතාම කළේද නැතහොත් අත්වැරදීමකින් සිදුවූයේද යන්න වැඩිදුරටත් සලකා බැලීම වෙයි. රන්දීව් එසේ කළේ නම් එය වැරදි ක්‍රියාවක්‌ වන නමුත් ඔහු කර ඇත්තේ ක්‍රිකට්‌ ක්‍රීඩාවට අදාළ නීති කැඩීමක්‌ හෝ වෙනයම් අකටයුත්තක්‌ නොවන බව තරයේ මතක තබා ගත යුතු කරුණක්‌ වේ.

එහිදී රන්දීව් කර ඇත්තේ නිපන්දුවක්‌ යෑවීම පමණි. එවැනි දෙයක්‌ ක්‍රිකට්‌ නීති පොතට අනුව දඩ ගැසීමක්‌ හෝ තරග තහනමකට කිසි සේතම ඔබින සිදුවීමක්‌ නොවිණ. එසේ සිදුවූයේ නම් එය තරග තීරක ලෙස කටයුතු කරන පුද්ගලයා වන ඇලන් හර්ස්‌ට්‌ගේ වගකීමක්‌ වේ. එහෙත් රන්දීව් විසින් කළ එම සිදුවීම පිළිබඳව තරග තීරකවරයා කිසිවක්‌ නොකීවේය. මන්ද යත් රන්දීව් විසින් කර ඇත්තේ සාමාන්‍ය පරිදි නිපන්දුවක්‌ යෑවීම නිසාවෙනි.

කරුණු කාරණා එසේ වුවද සුරාඡ් රන්දීව්ට එක්‌ තරගයක තහනමක්‌ද සමගින් එම තරගයේ සම්පූර්ණ තරග ගාස්‌තුවද, අදාළ නිපන්දුව යෑවීම සම්බන්ධයෙන් උල් පන්දම් දුන්නේ යෑයි කියන ටී. එම්. ඩිල්ෂාන්ට එම තරගයේ සම්පූර්ණ තරග ගාස්‌තුවද සහ මින් ඉදිරියට එවැනි කටයුත්තක්‌ තම නායකත්වය යටතේ සිදුනොවිය යුතු යෑයි ශ්‍රී ලංකා නායක කුමාර් සංගක්‌කාරටත් අවවාද කිරීමක්‌ද සිදුවිය.

මෙම ලිපිය සටහන් තැබීමේ අරමුණ වනුයේ රන්දීව් සුදනකු කරවීමවත්, එම සිදුවීම නැවතත් උකහා දැක්‌වවීමවත්, නොව මෙම සිදුවීම හරහාම එම තරගාවලිය යටතේ සිදුවූ තවත් අපූරු සිදුවීමක්‌ පිළිබඳවය.

මෙම සිදුවීමේ කතා නායකයා මෙන්ම එම අකරතැබ්බට මුහුණ දීමට සිදුවූයේද ශ්‍රී ලංකා කණ්‌ඩායමේ නායක කුමාර් සංගක්‌කාරටය.

රන්දීව්ගේ සිදුවීමෙන් අවවාද ලැබීමෙන් දින කිහිපයක්‌ ගෙවී යැමටත් පෙර මෙම හෙණ ගෙඩිය ශ්‍රී ලංකා නායකයාගේ හිස මතට කඩාගෙන වැටුණේ නවසීලන්තය සමග ඉකුත් 20 වැනිදා පැවැති තරගය ක්‍රීඩා කිරීමෙන් අනතුරුවය.

රන්දීව්ගේ සිදුවීමේදී ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයට හරහට හිටියා සේම මෙම සිදුවීමේදී සංගක්‌කාරගේ හරහට සිටියේ මෙම තරගාවලිය විනිශ්චය කිරීමට ශ්‍රී ලංකාවෙන් යොදවා ඇති විනිසුරුවන් තිදෙනාය.

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර වර්ෂාව හේතුවෙන් පසුගියදා අත්හැර දැමුණු තරගයේදී පන්දු යවමින් සිටි නේදන් මැකලම්ට අවහිර වන අයුරින්(ඇඟේ හැප්පීමෙන්) සංගක්‌කාර තණතීරුවේදී ලකුණු කරා දිව යැම මත ඔහු(මැකලම්) විසින් විනිසුරුවන්ට පැමිණිලි කර තිබුණි.

මැකලම්ගේ පැමිණිලි කිරීම මත තරගයෙන් අනතුරුව තරග තීරකවරයාට හට වාර්තාවක්‌ ලබාදීමට එම තරගයේ විනිසුරුවන් ලෙස කටයුතු කළ විනිසුරුවන් කටයුතු කළහ. එම විනිසුරුවන් අතර ශ්‍රී ලංකාවේ තිදෙනකු පසුවූ අතර, රැන්මෝ මාටිනස්‌, ටී. එච්. කේ. විඡේවර්ධන, සහ කුමාර් ධර්මසේන එම තිදෙනා විය.

රන්දීව්ගේ සිදුවීමෙන් පසු අවවාද ලැබ සිටින සංගක්‌කාරට මෙම හෙණ ගෙඩිය පාත් වූයේ ගහෙන් වැටුණ මිනිහට ගොනා ඇන්නා වගේ යන පිරුළ මොනවට විදහා දක්‌වමින්. රන්දීව්ගේ සිදුවීමෙන් පසු තරමක පහත් මානසික මට්‌ටමක පසුවූ ශ්‍රී ලංකා නායකයාට එල්ල වී තිබෙන මෙම චෝදනාවද තරගයක ලැබෙන මුදලින් කොටසක්‌ දඩ වශයෙන් වීමට තරමට ප්‍රමාණවත් සිදුවීමක්‌ වීම සහ පිට පිටම වූ එක හා සමාන සිදුවීම් මගින් තමාගේ නමටද කැළලක්‌ එක්‌වනු ලබන බව සංගක්‌කාරට වැටෙහෙන්නට ඇත.

එහෙත් ඒ පිළිබඳ පරීක්‍ෂණ පැවැත්වූ තරග තීරක ඇලන් හර්ස්‌ට්‌ මහතා එම සිදුවීම පිළිබඳව රූපවාහිනී පුනරූපණ නැරඹීමෙන් පසු නිගමනයකට එළැඹුණේය. එහිදී ඔහුගේ තීරණය වූයේ මෙම සිදුවීම තුළ සංගක්‌කාරගේ කිසිදු වැරැද්දක්‌ නොමැති බවයි.

හර්ස්‌ට්‌ගේ නිගමනය අනුව සංගක්‌කාර නිවැරැදි කරු විය. ඉන් පැය කිහිපයකින් අනතුරුව පවත්වන ලද පුවත්පත් සාකච්ඡාවකදී මාධ්‍යවේදියකුගේ පැනයකට සංගක්‌කාර ඒ පිළිබඳව පිළිතුරක්‌ ලබා දුණි. තරගයකට පෙර මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වීම සාමාන්‍ය සිරිතක්‌ වන අතර, එහිදී මාධ්‍යවේදීන් අසනු ලබන සෑම ප්‍රශ්නයකටම කණ්‌ඩායම් නායකයා පිළිතුරු දිය යුතු වෙයි.

එම මාධ්‍ය හමුවේදීද නවසීලන්ත සමග තරගයේදී තමාට මුහුණදීමට සිදුවූ සිදුවීම පිළිබඳ පැනයක්‌ නැගෙන්නට ඇත. එයට පිළිතුරු අනිවාර්යයෙන්ම සංගක්‌කාර දිය යුතුද විය.

එහිදී සංගක්‌කාර පවසා ඇත්තේ මේ සිදුවීම පිළිබඳව විනිසුරුවන් කටයුතු කර ඇත්තේ සිදුවීමේ එක්‌ පැත්තක්‌ පමණක්‌ අරගෙන බවයි.

සංගක්‌කාර විසින් ලබා දුන් එම ප්‍රකාශයේ කිසිදු වැරැද්දක්‌ නොමැත. එයින් ගම්‍ය වන්නේ අසන ලද පැනයකට ඔහුගේ අදහස ඉදිරිපත් වීමය.

නමුත් දැන් එහි නවතම පැත්තක්‌ නිර්මාණය වී තිබේ. එනම් තරගාවලියක්‌ පැවැත්වෙන අතරතුරදී විනිසුරුවන්ට විරුද්ධව ප්‍රකාශයක්‌ කළේ යෑයි සංගක්‌කාරට චෝදනා ගොනු කරන්නට අදාළ ශ්‍රී ලංකා විනිසුරුවන් කටයුතු කිරීමයි. මෙවර චෝදනාව යොමුවන්නේ තරග තීරකට හෝ අන්තර්ජාතික ක්‍රිකට්‌ සභාවටවත් නොවේ. මෙවර එය යොමු වන්නේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට්‌ විනිසුරු සංගමයට වේ.(වාර්තා වන අන්දමට මේ සඳහා පාකිස්‌තානු විනිසුරු අසාද් රවුෆ්ද අත්සන් තබා තිබේ)

මෙය රජ ගහේ මෝඩ ක්‍රියාවකැයි හැඟේ. මෙතනින් බැරිනම් අතනින් හරි වැඩේ දෙනවා යෑයි විනිසුරුවන් හිතන්නට ඇත. සංගක්‌කාරද ක්‍රිකට්‌ පිටියේදී නාහෙට අහන්නකු නොවන බව සියලු දෙනා දන්නා පොදු න්‍යායකි. පිටියේදී යම් ගැටලුවක්‌ පැන නැගෙන්නේද එහිදී එල්ලී එල්ලී යැමේ ස්‌වභාවයක්‌ සංගා තුළ තිබේ. මෙය වරෙක සුබ අතට හැරෙන්නත් වරෙක අසුබ අතට හැරෙන්නත් ඉඩ කඩ බෙහෝය. සංගාගේ එම දඩබ්බර ගතියට මට්‌ටුවක්‌ ලබාදීම වෙනුවෙන් මේ පිළිබඳව තවදුරටත් ශ්‍ර්‍රS ලංකා විනිසුරුවන්ගේ සංගමයට පැමිණිලි කොට එහිදී ශ්‍රී ලංකා නායකයාට දඬුවමක්‌ ලබාදීම ශ්‍රී ලංකා විනිසුරුවන්ගේ අදහස වන්නට බොහෝ දුරට ඉඩ ඇත.

විනිසුරු තීරණ ලබා දීම සම්බන්ධයෙන් සංගක්‌කාර සිටින්නේ ලොව සෙසු පිතිකරුවන්ට වඩා උතුම් ස්‌ථානයකය. පිත්තේ පිරෙන්නට පන්දුව වැදී එය විනිසුරු ලබා දැවී යැමක්‌ ලෙස සංඥ නොකරන්නේ නම් ක්‍රීඩා පිටියේදී රැඳී සිටින පිතිකරුවන් ලොව ඕනෑ තරම් සිටියි. එහෙත් එවැනි නරක සිරිතක්‌ සංගාගේ නැත. ඔහුගේ පිත්තේ පන්දුව වැදුණද එය උඩ පන්දුවක්‌ වූයේ නම් විනිසුරු දිහා නොබලාම ආපසු ක්‍රීඩා ගාරයට යැම සංගා සතු උතුම් ගුණාංගයක්‌ වේ. (මෙම ගුණය හිටපු නායක මහේල ජයවර්ධනද තුළද තිබේ) මෙවැනි අවස්‌ථාවන් වාර්තා වීම් ක්‍රිකට්‌ වචනයෙන්ම කියතොත් සංගාගේ දිවියේ "ඇම්මටම" තිබේ.

එහි එක්‌ අවස්‌ථාවක්‌ ලෙස පසුගිය 2007 වසරේ ශ්‍රී ලංකා කණ්‌ඩායම ඔස්‌ටේ්‍රලියාවේ කරන ලද ටෙස්‌ට්‌ තරග සංචාරයෙන් හුවා දැක්‌විය හැක. ශ්‍රී ලංකා කණ්‌ඩායමට ජයග්‍රහණයට තවත් ලකුණු 92 ක්‌ සහ සංගක්‌කාරගේ ද්විත්ව ශතකයට තවත් ලකුණු 08 ක්‌ ඒ වන විට අවශ්‍යව තිබුණේය. පන්දුවාරය ක්‍රියාත්මක කරමින් සිටි ස්‌ටුවර්ට්‌ ක්‌ලාක්‌ විසින් එවන ලද කෙටි පන්දුවකට පුල් පහරක්‌ එල්ල කිරීමට සංගක්‌කාර පෙළැඹුණු නමුත් එය ඔහුගේ පිත්තේ නොවැදී උරහිස ප්‍රදේශයේ වැදී ඉහළ ගිය පන්දුව උඩ පන්දුවක්‌ ලෙස පොන්ටින් රැක ගත්තේ යෑයි ඉල්ලීමක්‌ කළහ. ප්‍රතිඵලය දැවී යැමක්‌ විය.

අමු අමුවේ උරහිසේ වදිනා අයුරු සියලු දෙනාම දැක්‌කද ඒ වන විට ප්‍රධාන විනිසුරු ලෙස කටයුතු කළ රූඩි කර්ස්‌ටන් එය නොදැකීම මත දැවී යැමක්‌ ලෙස සටහන් කළේය. එහි ප්‍රථිඵලය වූයේ නිකරුණේ සංගක්‌කාර දැවී යැමත්, ශ්‍රී ලාංකික පිතිකරුවකු ඔස්‌ටේ්‍රලියාවේදී රැස්‌ කරන ලද ද්විත්ව ශතකය නොමැති වීමත් සහ තරගය ශ්‍රී ලංකාවට පරාජය වීමට සිදුවීමත් යන කාරණා ගොන්නම එකට එකතුවීමය. නමුත් ඒ සිදුවීම පිළිබඳව සංගා ඒ වන විට වාද කිරීමට නොගියේය. ඔහු විනිසුරුගේ තීරණයට හිස නමා පිටියෙන් පිට විය.

එම සිදුවීමෙන් පසු නැවත පුනරූපන නැරඹූ රූඩි කර්ස්‌ටන් විනිසුරු ඒ පිළිබඳව සංගක්‌කාර කණගාටුව පළ කිරීමද පසුව අපිට දැන ගැනීමට හැකි විය. ඒ පිළිබඳව අදහස්‌ දක්‌වා ඇති සංගක්‌කාර පවසා සිටියේ මනුස්‌සයන් අතින් වැරදි සිදුවන බවයි .එවන් හොඳ ගුණාංග සංගා සතුවේ.

විනිසුරුවන් ගත් කළ ක්‍රීඩා පිටියේ විඡ්ජා කාරයන් යෑයි ඔවුන් අධි තක්‌සේරුවෙන් සිටින අය වෙයි. කරන වැඩේ හරි හෝ නරක හෝ ඔවුන් ඒ කිසි දෙයක්‌ ගණන් ගන්නේ නැත. ලබා දෙන තීරණ සම්බන්ධයෙන් ඔවුන් එතරම් තකන්නේද නැත. එහෙයින් ඔවුන්ගේ අතින් එපමණටම වැරදි වන අතර ඒවාට දඬුවම් ලබාදීමක්‌ සිදු නොවෙයි. වැරදි කළද ඔවුන් නොකළ ලෙසට දිගටම එම කටයුත්තේ නිරත වෙයි.

මෙම තුන්කොන් තරගාවලියේදීද එවැනි වැරදි තීරණ තොගයක්‌ම ලබාදීමට තරගාවලියේ විනිසුරුවන් කටයුතු කළහ.

පියවි ඇහැට පේන දෙයින් එකවර තීරණයක්‌ ගැනීම අපහසු කරුණක්‌ බව අපි දනිමු. එහෙත්, ජාත්‍යන්තර තරග විනිසුරුවකු විය යුත්තේ එවැනි ඕනෑම අභියෝගයකට මුහුණ දීමට හැකි අයකුට වෙයි. එසේ නැතිනම් ක්‍රිකට්‌ දන්නා ඕනෑම කෙනකුට ඔය කෙහෙම්මල කළ හැකිය. එහි ගුණාත්මක භාවය රඳවා ගැනීම විනිසුරු සතු වගකීම වෙයි.

ඇලන් හර්ස්‌ට්‌ තීරකවරයා හරි තීරණය ගත් නිසා සංගා බේරුණේය. නමුත් දැන් එය වෙන පැත්තකට යොමුවී තිබේ. එහි ප්‍රථිඵලය කුමක්‌ වේ දැයි අපි නොදනිමු.

එහෙත් මතක්‌ කර දීමට කැමැති දෙයක්‌ වෙයි. එනම් විනිසුරුවන් කරන වැරැදි වලට දඩ ගැසීමක්‌ සිදු කෙරෙන්නේ නම් ඒ පිළිබඳව වග විභාගය පැවැත්වෙන්නේ නම් එහිදී ඔවුන්ට කොපමණ මුදලක්‌ දඩ වශයෙන් ගෙවීමට, කොපමණ තරග සංඛ්‍යාවක්‌ විනිසුරු කමෙන් ඈතව සිටීමද සිදුවේද යන්න සලකා බැලිය යුතු වෙයි. ඒ ඒ තරමටම ඔවුන් අතින් වැරදි සිදුවන බැවිනි. එවැනි ක්‍රම වේදයක්‌ ජාත්‍යන්තර ක්‍රිකට්‌ තරගවලට ගෙන ආවොත් සිදු වන්නේ කුමක්‌ද...? පිළිතුරු පැහැදිළිය. සිදුවන්නේ තරගයක්‌ විනිශ්චය කොට විනිසුරුවකු උපයා ගන්නා මුදලට අමතරව තවත් අතින් ගාණක්‌ යොදා ඔවුන් කරනා වැරදි වලට දඩ ගෙවීමට සිදුවීමයි.

මෙම කරුණ අපේ විනිසුරුවන් හොඳින් මතකයේ තබා ගත යුතු වෙයි. ඒ ඔවුන් මෙවර තරගාවලියේදී කළ වැරදි වටල කොපමණ මුදලක්‌ තම තරග ගාස්‌තුවෙන් ගෙවිය යුතුද යන්න තමාගේ හෘධ සාක්‍ෂියට කවදා හෝ පිළිතුරු දිය යුතු වන නිසාවෙනි.

-චමිල කරවිට-
උපුටා ගැනීම : දිවයින ක්‍රීඩා සංග්‍රහය
 

8/23/2010

"සෙවණැලි පුහුණුකරු" නැවත ලබාදෙන්නැයි සංගක්‌කාරගෙන් ක්‍රිකට්‌ සභාපතිට ලිපියක්‌


ලෝක කුසලාන දිනා ගැනීම සඳහා වන සූදානමේදී වැඩ තහනමකට ලක්‌ව සිටින ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කණ්‌ඩායමේ "සෙවණැලි පුහුණුකරු" චන්දික හතුරුසිංහ මහතාගේ සේවය තම කණ්‌ඩායමට අත්‍යවශ්‍ය බව සඳහන් කරමින් ක්‍රිකට්‌ නායක කුමාර් සංගක්‌කාර ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය ප්‍රධානීන්ට ලිපියක්‌ යොමු කොට තිබේ.

ශ්‍රී ලංකා නායකයා, වත්මන් සභාපති ඩී. එස්‌. ද සිල්වාට සහ ලේකම් නිශාන්ත රණතුංග යන මහත්වරුන්ට අදාළ ලිපිය ප්‍රධාන වශයෙන් යොමු කොට තිබෙන අතර එහිදී හතුරුසිංහ මහතාගේ සේවයේ ස්‌වභාවය පිළිබඳ දීර්ඝ ලෙස විග්‍රහයක්‌ දක්‌වමින් ඔහුගෙන් කණ්‌ඩායමට ඇති අවශ්‍යතාව පෙන්වා දී තිබේ.

මෙහිදී වැඩි වශයෙන්ම ඔහුගේ සේවය ඉදිරි ලෝක කුසලාන තරගාවලියට වැදගත් වන බැවින් එහිදී කණ්‌ඩායමේ අභිවෘද්ධිය සඳහා හතුරුසිංහ මහතාට තව අවස්‌ථාවක්‌ ලබාදෙන ලෙස සංගක්‌කාර තම ලිපියේ සඳහන් කර තිබේ. අදාළ ලිපියෙන් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, මෙය තමාගේ පෞද්ගලික තීරණයක්‌ නොවන බවත්, ජ්‍යෙෂ්ඨ-නවක ක්‍රීඩකයන් සියල්ල එකතුව ගත් තීරණයක ප්‍රතිඵලයක්‌ වන බවයි.

සිම්බාබ්වේහි පැවැති තුන්කොන් තරගාවලිය අවසනදී ඔස්‌ටේ්‍රලියාවේ පැවැත්වෙන තෙවැනි පෙළ පුහුණු වැඩමුලුවක්‌ සඳහා හතුරුසිංහ මහතාට යැමට නියමිතව තිබුණු අතර එහිදී සිය පවුලේ උදවිය සමග කාලය ගත කිරීම වෙනුවෙන් හෙතෙම තරගාවලිය අතරතුරදී ශ්‍රී ලංකාවට පැමිණියේය. අදාළ පැමිණීම වෙනුවෙන් ක්‍රිකට්‌ සභාපති ඩී. එස්‌. ද සිල්වා මහතාගේ අවසරය ලබා නොදුන් නමුත් එය නොතකා හතුරුසිංහ හඑකා දිවයිනට පැමිණීම මත සෙවනැලි පුහුණුකරු ධුරය ඔහුට අහිමිවිය.

ලෝක කුසලාන තරගාවලියට හොඳින් සූදානම් වීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය හිටපු වේග පන්දු පුහුණුකරු චම්පක රාමනායකව සහ පන්දු රැකීමේ පුහුණුකරු රුවන් කල්පගේට නැවතත් ශ්‍රී ලංකා කණ්‌ඩායමේ පුහුණුකරු තනතුරු ලබාදීමට කටයුතු කටයුතු කර ඇත.

සංගක්‌කාර විසින් යවන ලද ලිපියට දක්‌වන ප්‍රතිචාර කුමක්‌දැයි ශ්‍රී ලංකා ක්‍රිකට්‌ සභාපති ඩී. එස්‌. ද සිල්වා මහතාගෙන් දිවයින ඊයේ (22 වැනිදා) විමසන ලදුව, හතුරුසිංහ කළ වරද පිළිබඳව විනය පරීක්‍ෂණයකින් අනතුරුව අතුරු කමිටුව තීරණයකට පැමිණ තිබෙන හෙයින් ඊට එහා දෙයක්‌ කිරීමට තමාට නොහැකි බව ඒ මහතා පවසා සිටියේය.

චන්දික හතුරුසිංහ මහතා වසර දෙකහමාරක පමණ කාලයක්‌ ශ්‍රී ලංකා "ඒ" කණ්‌ඩායමේ පුහුණුකරු ලෙස සේවය කරමින් සිටියදී ඩී.එස්‌. ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුතු වත්මන් අතුරු කමිටුව පත්වීමෙන් අනතුරුව අදාළ සෙවණැලි පුහුණුකරු තනතුරට හතුරුසිංහ මහතාව පත් කිරීමට ඔවුන් කටයුතු කළහ.

-චමිල කරවිට-
23 වැනි සඳුදා දිවයින ඇසුරෙනි

8/21/2010

කජ්ජ ගසේ තබා පුහුලම කෑමට යාම

ශ්‍රී ලංකාව පෙර තරගය ලාවට ඇනගත්තේය.නමුත්,ප්‍රසාද ලකුණු හුටපටය නිසා වැඩේ දෙල් විය.දැන් මීළග තරගය ලංකා පිළට ජයගත යුතුම වන අතර එය පහසු වන බවක් පෙනෙන්නටද නැත.කෙසේ වුවත් ලංකාවේ ජයග්‍රහණයට හුරේ දැමීමට අපි දත කට මැදගෙන සිටින්නෙමු.
මා අද මේ බ්ලොග් පෝස්ට් එක දමන්නට සිතුවේ ලංකාවේ සමහරක් උදවිය මෑත දින කිහිපයේදී අපේ රටට හා කොල්ලන්ට කරපු අසාධාරණය දැක කටත් අනිකත් වසාගෙන ඉදීම අපහසු වූ බැවිනි.රන්දිව් කරපු දේ හා රන්දිව්ට කරපු දේ ඔබත් මමත් අටුවා ටීකා සහිතව දනිමු.එය පුනපුනා දැක්වීම අපි අපිටම හා රන්දිව්ට කරනා අසාධාරණයකි.සුරාජ් මෙහිදී නිවැරදිකරු විය නොහැක.මන්ද,නිවැරදිකරු යැයි කීමට හෝ ඔහු වැරැද්දක් කර නැත.මාගේ ස්ථාවරය එයයි.(වැරැද්ද කාගෙද? ඩී.කේ. ගේ උපුටාගැනීමටhttp://dil-scoop.blogspot.com/2010/08/blog-post_21.html)
ඉන්දියාව ක්‍රිකට් ක්‍රීඩාවේ මහත්මා ගතිය හදුනාගත් කණ්ඩායමක් නම් මේ කරනා විලාපයන් කනේ ඇබ ගසාගෙන හෝ බලා සිටිය හැක.ෂෙවාග්ගේ මරු උදාහරණ දැක්වීමක් වූ සචින්ගේ ශතකය ලංකාව උදුරා ගැනීමේ සිද්ධියට සංගා උත්තර බැදීය.එයින් දෙයියනේ කියා ඔහු නිහඩ විය.ඔහුගෙන් ලංකාවට විරුද්ධව ට්විටර් අප්ඩේට් එකක්වත් ඉන්පසු පළ වී නැත.මේ හුටපට මැද දැගලූ සමහර ඉන්දියානුවන්ගේ කටවැහුනේ රවීන්ද්‍ර ජඩේජාගේ ෂෙවාග් ඔය අවස්ථාවේදී පන්දුව දැම්මත් මෙලෙස සිදුවිය හැකියි ප්‍රකාශයෙන් පසුවයි.
ලංකාවේ උදවිය මෙවරත් වැඩේ නෑවේය.මීට හොද උදාහරණ ඉහත ලිපියේ ඇත.කෙසේ හෝ අවසානයේ සිදුවූයේ ලංකා කණ්ඩායමේ හා රටේ නාමයේ කලු ඩොටක් ඉතිරිවීමය.
මෙම සිද්ධියේදී සංගා නැගී සිටියද ඔහු අසරණය.ඉන්දියාවට මිස ඔහුගේ උදව්වට කවුරුත් සිටියේ නැත.සංගා පිටියේදී මෙන්ම පිටදීත් තම විමසිල්ල වැඩිකල යුතුය.සිදුවූ කැළල අනුන් විසින් නොව අපි අපිම වසාගත යුතුය.අනුන් කරනා තෙක් සිටීමෙන් පලක් නැත.(මා මෙසේ කීවේ පසුගියදා සංගා, මැකලම් සමග පටලාගත් හුටපටය එතරම් ප්‍රියජනක නොවන නිසායි.)
සියල්ල වෙන්නේ හොදටයි කියා ඉදිරි ලෝක කුසලානයට සූදානම් වීම සිදුවිය යුතුය.එයට පසුබිමක් ලෙස මෙම තරගාවලිය ජය ගැනීම දැක්විය හැක.රන්දිව්, ඔබට සිදුවූ දේ මුරලිට සිදුවු දේවල් හා සැසදීමේදී කෝපි ඇටයක් තරම්ය.සියල්ල ජයගෙන ඉදිරියට යාම ඔබට බාරය.ක්‍රීඩා ලෝලීන්ගෙන් ඔබට සහය.ක්‍රීඩා කාක්කන්ගෙන් ඔබට නිති බාධක.



සටහන ; vudara


පොඩි එකාට ඔරවමු - ඉන්දියාව සනසමු!


රුපියල් කාසි වලට වඩා ඩොලර් වලින් ගණුදෙනු කරන එකම දේශීය ක්‍රීඩාව ක්‍රිකට් හරහා නිර්මාණයවී තිබේ. මෙරට ක්‍රිකට් ක්‍රීඩාව ගැන ක්‍රිකට් ලෝකයාගේ නෙත නිරන්තරයෙන්ම ගැටෙති. එබැවින් ජාත්‍යන්තර ක්‍රිකට් කරලියේ නිතරම නිවැරදි දෙය කිරීම මෙරට ක්‍රිකට් ක්‍රීඩකයාගේ සිට ඒ හා බඳී ඇති සියලුදෙනාගේම උත්සාහය විය යුතුව තිබේ.

ජයග්‍රහණයේදී ප්‍රශංසා ලබන මෙරට ජාතික ක්‍රිකට් කණ්ඩායම පරාජයේදී විවිධ දෝස්මුරයන්ට ලක්වේ. අනෙකුත් ක්‍රීඩාවන්වල පරාජයට වඩා ක්‍රිකට් ක්‍රීඩාවේ පරාජය මහ ඉහළින් කතාකරයි. එහෙයින් මෙරට ක්‍රිකට් සෙල්ලම් කිරීමද ලෙහෙසි පහසු කර්තව්‍යක් නොවෙයි.ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන සෑම ක්‍රීඩකයෙකුම ජාතික සම්පතකි.එය රැකගැනීමට ක්‍රිකට් වලට වග කියන බලධාරීන් බොහෝ කැපවන බවක් පෙනේ. ක්‍රීඩකයා දක්වන රංගනය අනුව බලධාරියාගේ මලු පිරෙන බැවින් ක්‍රීඩකයාට බලධාරියා ගොඩාක් ආදරය කරයි. එවැනි ආදරයක් ඉකුත් ඉන්දියාව සමඟ පැවති තරඟයේදී බලධාරීන් විසින් සුරාජ් රන්දිව්ටද ප්‍රසිද්දියේ කලේ ය.

රන්දිව්ට ක්‍රිකට් ලොකු මහත්වරු කර ආදරය එක් තරඟ තහනමක් පැනවීමයි. අනතුරුව තරඟ මුදලද සියයට සියයක්ම කපාදැමීමයි. රන්දිව් කළ වරද වූයේ නිපන්දුවක් යැවීමයි. ඒ නිපන්දුවක් යැවීමෙන් තරඟයක තහනමක් සහ දඩ මුදලකට යටත්වූ ලොව පළමු ක්‍රීඩකයා රන්දිව් විය හැකි ය.


තරඟයක නීති විරෝදී පන්දුවක් යැවීමේ හැකියාව ඕනෑම පන්දු යවන්නෙකුට තිබේ.එහෙත් ක්‍රිකට් නීතිපොතේ සීමා ඉරෙන් ඔබ්බට පෙර පාදය යොමු කර යවන නිපන්දු ලොව සෑම පන්දු යවන්නෙකුම යවා තිබේ. එහෙත් රන්දිව් යැව් නිපන්දුවේ බර පතලකම වූයේ විරෙන්ද්‍ර ශෙවාග්ට ශතකය අහිමි කිරීමේ චේතනාවෙන් නිපන්දුවක් යැවීමේ චෝදනාවයි. ක්‍රිකට් පොතේ එහෙම නීතියක් නොතිබුණද ශ්‍රීලංකා ක්‍රිකට් මහත්වරු එහෙම නීතියක් නිර්මාණය කිරීමට කටයුතු කළේය. ඉන්දියානු කණ්ඩායම ජයග්‍රහණය සඳහා එක් ලකුණකුත් ශෙවාග්ගේ ශතකයට එක් ලකුණකුත්  තිබියදී රන්දිව් යැවූ නිපන්දුවට ශෙවාග් හයේ පහරක් එල්ල කළ නමුත් හයේ පහර අවලංගු වී නිපන්දුවෙන් ඉන්දියාවට ජය හිමි වෙද්දී ශෙවාග් 99 නැවතී සිටියේ ය.

එම නිපන්දුව හිතාමතා යොමුකළ බවට පුණුරූපණ නැරඹූ ඕනෑම අයකුට සිතාගැනීමට පහසු වනු ඇත. සීමා ඉරට අඩියක් පමන ඉදිරියේන් පාදය තබා රන්දිව් නිපන්දුව යැව්වේ ය. රන්දිව් ක්‍රිකට් මහත්වරුන්ගේ ක්‍රීඩාවක් බව හොඳින්ම දන්නවා ඇත. නමුත් ක්‍රිකට් මහත්තයෙකු වූ පළියට ක්‍රීඩකයෙකු ලකුණු 99ක් ලබා සිටින විට ශතකය ලබා දීමට අවස්ථාව ශිය යුතු යැයි කිසිඳු පොතක සටහන් වී නොමැත.

රන්දිව්ට චෝදනාව එල්ලවූ පන්දුවාරය ආරම්භකරන විට ඉන්දියාවට ලකිණු5කුත් ශෙවාග්ට එක් ලකුනකුත් අවශ්‍යව තිබුණි. එහිදී රන්දිව්ගේ පළමු පන්දුව කඩුළු රකින සංගක්කර අතින් ගිලිහී ලකුණු 4ක් බවට පත්විණි. එය වයිඩ් පන්දුවකි. නමුත් විනිසුරු එය වයිඩ් පන්දුවක් ලෙස සටහන් නොකලේ ශෙවාග්ට ශතකය ලබාදිය යුතු පාරිශුද්ධ චේතනාවෙන් විය යුතු ය.අනතුරුව රන්දිව් යවන ලද දෙවැනි සහ තෙවැනි පන්දුවලට ශෙවාග්ට ලකුණු ලබාගැනීමට නොහැකි විය. රන්දිව්ට දෝස්මුරයත් සමඟ තරඟ තහනම පැනවූ සිව්වැනි පන්දුව නිපන්දුවක් යන බව විනිසුරු කියනවාත් සමඟ ශෙවාග්  6පහරක් එල්ල කළේ ය.

එය නිපන්දුවක් නොවූයේ නම් ශෙවාග් එල්ලකල 6පහරත් සමඟ ඔහු නොදැවී ලකුණු 105ක් ලෙස සටහන් වනු ඇත. තරඟය නිමවීමෙන් පසුව රන්දිව් ශෙවාග්ට නිපන්දුව යැවීම ගැන සමාවෙන්න යැයි පවසා තිබේ. තරඟයේදී ප්‍රතිවාදියා කෙසේ හෝ මෙල්ල කිරීමේ උත්සාහයෙන් පන්දුයැවූ රන්දිව් තරඟයෙන් අනතුරුව මහත්මයෙක් ලෙස ශෙවාග් ගෙන් සමාව අයැද සිටියේ ය. පසුව රන්දිව් නිපන්දුවක් යැවූයේ ඩිල්ෂාන්ගේ පෙරැත්ත කිරීම මත බව අනාවරණය වී තිබේ.

මුරලි ඉකුත් ඉන්දියානු ටෙස්ට් තරඟාවලියේ පළමු තරඟයෙන්ම සමුගත්තේ ය. අවසන් ටෙස්ට් තරඟයට පිවිසෙන විට මුරලිගේ කඩුලු මල්ල 792ක් ලෙස සටහන් විය. මුරලිගේ ඉලක්කය වූයේ අවසන්ටෙස්ට් තරඟයේදී කඩුලු 8ක් දවාගැනීමයි. ඉන්දියානු නායක දෝනි මාධ්‍යයට පැවසූයේ අකමැත්තෙන් හෝ මුරලිගේ කඩුලු 800 සීමාව වළක්වාලීමට ක්‍රීඩකයන් කටයුතුකළ යුතු බවයි. ඉන් ගම්‍ය වන්නේ මුරලි කඩුලු 800 ලබාගන්නවාට දෝනි අකමැත්තක් නොමැති බවයි. නමුත්  තම කණ්ඩායමට එරෙහිව එය ලබාගන්නවාට ඔහු අකමැති බවයි. ලොව ඕනෑම ක්‍රීඩකයකුගේ සැගවිත් තිබෙන සැබෑ මහත්මා ගතිය එය විය යුතු ය.

ඉන්දියාවේ හර්බජාං සිං, ඉෂාන්ට් ෂර්මා සහ ගංගුලි වැනි ක්‍රීඩකයන් බොහෝ අවස්ථාවල ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ මානසිකත්වයට බලපාන කියුම් කියනි දක්නට ලැබේ. එහිදී මහත්වරුන් ලෙස එය ශ්‍රීලංකා ක්‍රීඩකයෝ ඉවසා දරා සිටිති. ඉන්දියානු ක්‍රිකට් බලධාරීහු නිහඬව කල් මරති.

ශෙවාග් 99න් නැවතීමෙන් ලකුණු වැටුනේ ද්‍රීලංකා ක්‍රිකට් ආයතනයේ වගකිවයුතු, බලධාරීන්ටය.  ලකුණු කැපුනේ රට වෙනුවෙන් වැර වීරිය අදින ක්‍රීඩකයෙකුගේ ය. රන්දිව් කළ වැරැද්ද තරඟකාරීත්වය අනුව කළ දෙයක් විය හැකිය. එහෙත් මෙරට ක්‍රිකට් ආයතනයේ බලධාරීන්ගේ තරඟය  ඩොලර් ද.? රන්දිව් හිතාමතා නිපන්දුව යැවූ වරද පිලිගත්තේ නම් ඔහුට දඬුවම් දිය යුත්තේ ශෙවාග් ගේ ශතකය අහිමි කලාට නොව, සිතාමතා ප්‍රතිවාදීන්ට ලකුණු ලබාදීම  ව්නුවෙනි. එය එසේ කළානම් කවුරුත් නාගන්නේ නැත.

ලෝක ක්‍රිකට් අධිරාජය වර්තමානයේ ඉන්දියාව සතුව තිබේ. ඔවුන් ක්‍රිකට් වෙනුවෙන් ලොව වැඩිම මුදලක් වියදම් කරන රට බවට පතව ඇත.එයට ලොල් බඳිමින් ලකුණු දාගැනීමට රන්දිව්ලාගේ නාමය පාවාදිය නොහැකිය. සිද්ධිය වී හමාරය. හෙටදින රන්දිව් පිටියට බසින විට ඉන්දියානු ප්‍රේක්ෂකයෝ ඔහු දිහා වපරැසින් බලන විට වගකිව යුත්තේ රන්දිව් ද? නැතහොත් ඔහුට දඬුවම් දුන් පාලනාධිකරණයද? එය අනාගතයේ මාතෘකාවට  බඳුන් වෙනු ඇත.


                                   [ අසේල විතාන ]
-මෙම ලිපිය උපුටා ගත්තේ දිවයින ඉරිදා සංග්‍රහයෙනි.-



8/17/2010

සංගක්කාරට නැතිවම බැරි මයික්‍රෆෝනය.....


  ඊයේ නිමාවුණු ඉන්දු-ශ්‍රීලංකා එක්දින තරඟයෙන්ම අපේ කතාබහට ප්‍රවිෂ්ට වෙමු.
                                  බොහෝදෙනා අදහන අයුරට, විශ්වාස කරන අන්දමට දඹුල්ලේදී කාසියවාසිය දිනන කණ්ඩායම තරඟය ජයගනී යන උද්ව්ර්‍ත පාඨය ඊයේ තරඟයේදී නම් දක්නට ලැබුනේ නැහැ. කාසියේ වාසිය ජයගත් සංගක්කාර එකහෙලා පැවසූයේ මුලින් පන්දුවට පහරදෙන බවයි. ඒ අනුව පිටියට පිවිසි තරංග පලමු පන්දුවෙන්ම කඩුල්ල පූජා කලේ ය. එම පන්දුව ඉතාමත් හොඳ පතිතයක් සහිතව එල්ලවූ අතර උපුල් තරංගගේ පාද චලනය ඉතාමත් දුර්වල තත්වයක පවතින බව මොනවට ඔප්පු වූයේ ය. ශ්‍රීලංකා කණ්ඩායමට පුහුණුකරුවන් 8ක් හෝ 9ක් සිටියි.. බැටින්ග් කෝච්ලා 2ක් වෙනමම සිටියි. උපුල්ගේ පාද චලනය අයහපත් වූ ප්‍රථම අවස්ථාව මෙය නොවෙයි. ඉතිං බැටින්ග් කෝච්ලා පත්කර තිබෙන්නේ සංචාරයන් කිරීමට පමණක් දැයි විටෙක සිතෙයි.

තරඟයට පෙර මාධ්‍ය හමුවේ උදම් ඇනූ සංගක්කාර තරඟය අවසානයෙදී කියා සිටියේ උදේ කාලයේ පන්දුව දෝලනය වූ බවයි. වැසි සහිත කාලගුනයක් යටතේ නව පන්දුවෙන් දෝලනය අපේක්ෂා වන බව ක්‍රිකට් නරඹා ඇති ඕනෑම පුද්ගලයෙකු දනී. එසේනම් මුල් පන්දු ඕවර 10ක් 12ක් පරීක්ෂාකාරීව සිටීමට ජාත්‍යන්තරතලයේ ක්‍රීඩකයන්ට අමුතුවෙන් කියාදෙන්නට අවශ්‍ය දැයි ගැටළුවක් පැනනගී.. මක්නිසාද යත් ශ්‍රීලංකා කණ්ඩායම මෙවැනි දෝලනවලට හසුවී කඩාහැළුනු අවස්ථා බොහෝමයක් ඇති බැවිනි.

මෑත කාලීනව දකින්නට ඇති ඉතාම සුවිශේෂී ලක්ෂණයක් සංගක්කාර වෙතින් දකින්නට ලැබෙයි. එනම් ඔහුට මයික්‍රෆෝන , මාධ්‍යවේදීන් ,කැමරා හමුවේ අමුතු වශීවීමක් ඇතිබව පෙනෙන්නට වීමයි. මෙය ඔහුගේ වරදක් නොව ශ්‍රීලංකා ක්‍රිකට් ආයතනයේ වරදකි. කන්ඩායමක නායකයා වූකලී ඉතාමත් බැරෑරුම් වගකීමක් දරන අයෙකි. ඔහු සිතිය යුත්තේ ජනමාධ්‍ය ගැන නොව තම කණ්ඩායම කෙසේද හැසිරවිය යුත්තේ කියා යි. නමුත් වෙනත් රටවල් වල දක්නට නොලැබෙන අමුතු අනවශ්‍ය වගකීමක් ක්‍රිකට් ආයතනය විසින් සංගක්කාර පිට පටවා තිබේ.  මෙයට කදිම උදාහරණය ඕස්ට්‍රේලියානු ක්‍රිකට් වෙතින් ලැබෙයි. ඔවුන්ගේ සියලු මාධ්‍ය සාකච්ඡා සිදුකරනේ ජේම්ස් සදර්ලන්ඩ්(මාධ්‍ය කළමණාකරු ) විසිනි. සංගක්කාරගේ චතුර ලෙස ඉංග්‍රීසි බස හැසිරවීම නිසා මෙවැනි තත්වයක් හටගත්තේද යන්න පිලිබඳ සැක හිතෙයි. ක්‍රිකට් ආයතනයේ සිටින අනෙකුත් අයට  ඉංග්‍රීසි කතාකිරීම්ට බැරිකමක් ඇත්දැයි වරෙක සිතෙයි.


කණ්ඩායමක ජයග්‍රහන-පරාජයන්ට සම උරුමයක් නායකයාට මෙන්ම පුහුණුකරුවාටද තිබේ නමුත් ට්‍රෙවර් බේලීස් මහතා මාධ්‍ය හමුවේ අදහස් ප්‍රකාශකිරීමක් දක්නට නැතිතරම්ය. මෙම තත්වය වඩාත් භයානක වන්නේ ලෝකකුසලානය අතලඟ ඇති බැවිනි. ඊලඟට තරඟ කාලසටහන් යොදාගන්නා ආකාරය සහ ක්‍රීඩාංගන තෝරාගනා ආකාරයේ ද කිසිදු විනිවිද භාවයක් පෙනෙන්නට නැත. ඉකුත් සතිඅන්තයේ සෙනසුරාදා සහ ඉරිදා නිවාඩු දිනවලදී කිසිදු තරඟයක් නොපැවැත්විණි. මෙම සියලු ක්‍රියාපටිපාටි සැලසුම් සිදුකරන්නේ ශ්‍රීලංකා ක්‍රිකට් ආයතනය විසිනි.
                      අපේ රටේ ක්‍රිකට් වල අනාගතයේ පැහැදිලි ගමනක් දැනට නම් පෙනෙන්නට නැත. වගකිවයුතු බලධාරීන්ගේ ඇස් කන් ඇරීම , ක්‍රිකට් වලට එදත් අදත් කවදත්  අදරැති අපේ යුතුකමයි. එයට අප පෙළගැසිය යුත්තේ කෙසේද....?

8/16/2010

ඉන්දියාව ඇත්තටම බයවෙලා ද...!!


තුන් කොන් තරඟාවලියේ ඉන්දියාව සහ ශ්‍රීලංකාව අතර තරඟයට ඇත්තේ තවත් හෝරා කිහිපයක් පමණි...!!!!


මේ වන විට දෙපිලම නව සීලන්තය සමඟ තරඟ වැදී අවසන්. එහිදී ඉන්දීය කණ්ඩායම ලකුණු 200ක දැවැන්ත පරාජයක් ලැබූ අතර ශ්‍රීලංකා කණ්ඩායම කඩුලු 3ක විෂිශ්ට ජයක් ලැබීය. 

මේ අතරතුර ඉන්දීය කණ්ඩායමේ යුවරාජ් සිං ඩෙංගු වැලඳීම නිසා තරඟයෙන් ඉවත් කොට තිබේ.. තවත් ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම ආබාධ වලට ලක්ව ඇති බව ඉන්දීය කණ්ඩායමේන් ලැබෙන ආරංචිමාර්ග වලින් දැක්වෙයි. ඒ හේතුවෙන් ඉන්දීය නායක මහේන්ද්‍ර සිං දෝනි මහත් අපහසුතාවයකට පත් වී ඇති බව පසුගියදා ඉන්දීය නිදහස් දින උත්සවය වෙනුවෙන් මාධ්‍ය ඇමතූ දෝනිගේ කතාබහෙන් තහවුරු වෙයි.

                                මෙහිදී දෝනි පවසා සිටියේ තමන්ට ලැබුණු පුහුණු තණ තිලි නුසුදුසු තත්ත්වයේ ඒවා බවයි.. මෙයට පිලිතුරු දුන් ශ්‍රීලංකා තණතිලි භාරව කටයුතු කරන අනුරුද්ද පොලොනෝවිට මහතා පැවසුවේ අවශ්‍ය සියලු තාක්ෂණික පහසුකම් සහ ක්‍රමවත් තණතිලි ලබාදී ඇති බවයි.. 
                                                                                වැඩිදුරටත් අදහස් දැක්වූ දෝනි පවසා සිටියේ රාත්‍රී පින්න නිසා ඇතිවන අපහසුතාවයන් හේතුවෙන් ශ්‍රීලංකාවේදී දිවා රාත්‍රී තරඟ ක්‍රීඩා කිරීමට කැමැත්තක් නොදක්වන බවයි.මෙයට නිසි පිළිතුරු දුන් ශ්‍රීලංකා නායක කුමාර් සංගක්කාර පැවසූයේ විදුලි ආලෝක තත්ත්ව යටතේ ඕනෑම මොහොතක ක්‍රීඩා  කිරීමට දක්ෂ කණ්ඩායමක් මැළිවිය යුතු නැති බවයි....

මෙම ප්‍රකාශ හේතුවෙන් අද දින පැවැත්වීමට නියමිත තරඟයට අමුතු ව්වැදගත්කමක් ලැබී තිබෙයි... එහෙත් මෙම ප්‍රකාශ වලින් වඩාත්ම පිළිබිඹුවන්නේ ඉන්දීය කණ්ඩායම කිසියම් බයකින් පසුවන බව නොවේ ද..!!
එසේනම් අපි බලමු අද තරඟය ජයගන්නේ කවුරුන්ද කියා...!! 

අද තරඟය බොහෝවිට ඉතා උණුවුම් තරඟයක් වනු නිසැකයි.!!

සිංහයන්ට ජය !!!!

8/15/2010

යුවරාජ් සිංට ඩෙංගු ..!!!

ඉන්දීය පිතිකරු යුවරාජ් සිං හට ඩෙංගු රෝගය වැළඳී තිබේ...
මේ දිනවල දඹුල්ලේදී පැවැත්වෙන ඉන්දු-ලංකා-නවසීලන්ත තුන්කොන් තරඟාවලිය අතරතුරදී යුවරාජ්ට ඩෙංගු රෝගය වැලදී තිබෙයි.....
මේ හේතුවෙන් , තරඟාවලියේ ඉතිරි තරඟ වලින් යුවරාජ් ඉවත් කල බව ඉන්දීය ක්‍රිකට් කළමණාකරු ජාත්‍යන්තර මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර තිබේ.......

ඩිල්ස්කූප් අපි යුවරාජ්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු....!!

8/12/2010

ලංකාවේ දිවා රාත්‍රී තරඟ......

ඒ කාලෙ කිව්වෙ "Catches win matches" කියල, ඒත් දැන් කියන්නෙ "Tosses win matches" කියල....

දැන් කට්ට්ය බලනවා ඇති මේ මොකද්ද මේ කියල, ඒත්..  උප මාතෘකාව දැකපු ගමන් ක්‍රිකට් ගැන උනන්දු ඕනම කෙනෙක්ට වැටහෙනව ඇති මොකද්ද මේ කියන්න හදන්නෙ කියල... මේ තත්වය ඉතා දරුණු ලෙස බලපාන්න පටන් ගත්තෙ ඉකුත් වර්ෂ 2,3ක ඉඳල කිව්වොත් වඩාත් නිවැරදියි.....
                                      මේ තත්ත්වය අපට ඉතා පහසුවෙන් දකින්න ලැබෙන්නෙ ඛෙත්තාරාම පිටියෙ සහ දඹුල්ල ජාත්‍යන්තර පිටියෙදියි.... අනෙක් ක්‍රීඩාංගන වල තත්වයන් මෙයින් කෙතරම් අපගමනය වන්නේදැයි කීමට නොහැක, මක් නිසාද යත් ලංකාවෙ දිවා-රාත්‍රී තරඟ දැනට පැවැත්වීමට පහසුකම් ඇත්තේ මෙම ක්‍රීඩාංගන 2හි පමණක් වීම නිසා ය. 
                  රාත්‍රී කාලයේදී මෙම ක්‍රීඩාංගන වලට ඇදවැටෙන පින්න බොහෝ අවස්ථාවලදී ගුප්ත තීරණ ලබා දී ඇත. මෙවැනි තත්වයන් පහුගිය කාලයේදී එකදිගට දකින්නට ලැබුණු අතර ඉකුත් දා නිමාවට පත්වුණු ඉන්දු-නවසීලන්ත තරඟයටත් එය එලෙසම බලපෑවේ ය. රාත්‍රී පින්නෙන් උපරිම ප්‍රයෝජන ගත් ඩැරල් ටෆී ප්‍රමුඛ නවසීලන්ත වේග පන්දු යවන්නන් ඉන්දියානු ඉනිම සුනු විසුනු කරමින් කිසි කෙනෙක් නොසිතූ දැවැන්ත ජයක් වාර්තා කල හ.  

       මීට පෙර ලිපියේදී අපේ තර්ඩ් මෑන් සහෝදරයා උපුටා දක්වමින් දඹුල්ලේ පැවැත්වූ පසුගිය තරඟ පිලිබද දත්ත කිහිපයක් පහත දක්වමි....
  •  මේ 2007 වසරේ සිට දඹුල්ල ක්‍රීඩාංගනයේදී පවත්වනලද තරඟ පිළිබඳ සංඛ්‍යා දත්ත.
    තරඟ = 11
    පළමුව පන්දුවට පහරදුන් කණ්ඩායම = ජය ග්‍රහන 7
    දෙවනුව පන්දුවට පහරදුන් කණ්ඩායම = ජය ග්‍රහන 4 (එක් තරඟයක් බංගලාදේශය හා ඉන්දියාව අතර )
    පිතිකරණ සාමාන්‍යන් -
    පළමුව පන්දුවට පහරදුන් කණ්ඩායම = 29.12
    දෙවනුව පන්දුවට පහරදුන් කණ්ඩායම = 21.70
    පන්දු යැවීමේ සාමාන්‍යන් -
    පළමුව පන්දුවට පහරදුන් කණ්ඩායම = 25.38
    දෙවනුව පන්දුවට පහරදුන් කණ්ඩායම = 33.35

8/11/2010

ඉන්දියාවට නෙලයි !

ශ්‍රී ලංකාව,ඉන්දියාව හා නවසීලන්තය අතර තුන්කොන් තරගාවලිය ඊයේ දඹුල්ලේදී ආරම්භ විය.ඉන්දියාව හා නවසීලන්තය ප්‍රථම තරගයට මුහුණ දුන් අතර නවසීලන්ත නායක රොස් ටේලර් කාසියේ වාසියට හිමිකම් කීය.ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළ ඔහු හා කණ්ඩායම ඉන් පසු මුහුණ දුන්නේ ඉතාමත් අසීරු තත්වයකටයි.ඉන්දියානු වේගපන්දු යවන්නන් වන නේරා හා ප්‍රවීන් කුමාර් කිවියන්ගේ මුල් කඩුලු කිහිපයක් නමා ගත්හ.ලකුණු පුවරුව
මෙයින් පසු එළඹෙන්නේ කතාබහට ලක්විය යුතු නායකත්වයේ ඉනිමයි.අඩු ලකුණු ප්‍රමාණයකට තම පිළේ හොදම හරිය අහිමිව සිටි නායක රොස් ටේලර් දැඩි සංයමයෙන් තම ඉනිම ගොඩනැංවීය.නවසීලන්තයේ ප්‍රවේගකාරී පිතිකරු ස්ටයිරිස් ද ටේලර් සමග සෙමින් ලකුණු ලබාගැනීම ආරම්භ කලද පසුව දුම්මල වරම අතට ගත්තේය.ලකුණු 89ක් ලබා සිටි ඔහු ඕජාගේ පන්දුවකට කොටුවූයේ හදිස්සියටම ගොහින්ය.
ලකුණු 288ක ඉලක්කයක් ලද ඉන්දියානුවන් ෂෙවාග් හා කාර්තික් පිටියට එවූහ.මේ දෙදෙනාම සාමාන්‍යයෙන් මස්කඩ තියරිය භාවිතා කරන්නන්ය.විශේෂයෙන්ම ෂෙවාග්,ඩිල්ෂාන් වාගේම වේගපන්දු යවන්නන් කපාකොටා දමා කිරිටොයියා පන්දුවට බර පන්තියෙන් සළකන්නෝය.ෂෙවාග් දවාගත්තා යනු තරගයෙන් 60% ජය ගැනීමයි.එම වාසනාවටද හිමිකම් කිවූ කිවියන් ඉන්දියානුවන් තම පන්දුයැවීම හමුවේ දණ ගැස්වූහ.පසුගිය නවසීලන්තය හා ‍ලංකාව අතර ප්‍රේමදාසයේදී පැවති එක්දින තරගාවලියේදී ඩිල්ෂාන් ඇතුලු අපේ කොල්ලන්ට කොකා පෙන්වූ කිවියා, ටෆී මෙම තරගයෙන් අපිට නැවතත් රතු එළියක් දල්වා පෙන්වීය.
කොහොමින් කොහොම හෝ නවසීලන්තය තම පූර්ණ කණ්ඩායමත් නොමැතිව ආසියානු කුසලානය දිනාගත් ඉන්දියාව එම බිමේදීම අන්ත පරාජයකට ලක්කළෝය.දැන් අපේ වාරයයි.ශ්‍රී ලංකාව,ඔබේ පිළිතුර කුමක්ද?

සටහන: vudara


8/09/2010

තුන්කොන් සටනට ප්‍රවේශයක්

ඉන්දු-ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලිය කතා කරන්නට යමක් ඉතිරි කර ආරම්භ වී සිතන්නට යමක් ඉතිරි කර අවසන් විය.අවසන් තරගයේදී සිදුවූ අතපසුවීම් දැක ඇති වුණු කළකිරීම අජන්තගේ සාර්ථකත්වය නිසාවෙන් යටපත් වුවද අතට ලැබුණු දේ කටට නොවැටුනාදැයි දෙගිඩියාවක් ඇතිවීම පුදුමයක් නොවේ.කෙසේ වෙතත් ක්‍රීඩාවේ ස්වභාවය එයයි.එය පිළිගැනීම සිතට අපහසු නම් අවාසනාව, නොසැලකිලිමත්කම වැනි වචන භාවිතය මගින් තම සිත සනසා ගැනීම සුදුසුය. (මා භාවිතා කරන ක්‍රමය).කෙසේ හෝ කලකට පසුවවත් වෙලකට බැස්ස එක පිළිපදව අපි සතුටු විය යුත්තෙමු.
2010/08/10 දින ඇරඹෙන තුන් කොන් තරගාවලිය ටිකක් සැර වෙන පාටක් පෙනෙන්නට තිබේ.කණ්ඩායම් තුනම ක්‍රිකට් ලොව කා‍‍ වතුර බිව් උදවියය.නවසීලන්තය අපේ ලංකා කොල්ලන්ට ඊයේ පෙරේදා දවසක සැරටම සලකා ඇත. (Sri Lanka Board President's XI v New Zealand, Tour match, SSC, August 4, 2010).ලකුණු පුවරුව.රොස් ටේලර්ගේ නායකත්වය කෙසේ ශ්‍රී ලංකා කණ්ඩායමට බලපාවීදැයි කීමට තාම කල් වැඩිය.කෙසේ වෙතත් අවසන් ටෙස්ට් තරග ජයග්‍රහණයේ උණුසුම සමග ඉන්දියානුවන් මෙම තරගාවලියට අවතීර්ණ වනු නිසැකය.එහෙත් ටෙස්ට් හා එක්දින යන වෙනස් තත්වයන් පටලවා ගැනීම වරදකි.පෙරදී නවසීලන්තය හා ශ්‍රී ලංකාව අතර තරග කිහිපයම ලංකාව ඇනගත්තතේය.නමුත් අප කණ්ඩායම ශක්තිමත්ය,පරිපූර්ණය.ලොව ශක්තිමත්ම පන්දු බළඇණියට හිමිකම් කියන්නෝය.
මේ කරුණු අනුව මෙම තරගාවලිය උණුසුම් වනු නොඅනුමානය.ඉදින් මේ උණුසුම සමග අපේ කණ්ඩායම කුසලානය ඔසවනු දැකීම සතුටකි.එක්දින ලොව හෙල්ලූ අපේ වීරයන්ට මෙය දෙයක් නොවනු ඇත.නමුත් හොදම දෙය වනු‍යේ මේ කුසලානය මගින් ලෝක කුසලානයටත් පාඩම් එකතුකර ගැනීමයි.ශ්‍රී ලංකාව...ඔබට අපේ සුභ පැතුම් !.

වාර්තාව : vudara



8/07/2010

වසර 16කට පසුව....


ශ්‍රී ලාංකීය කණ්ඩායමක් පී.සරවනමුත්තු ක්‍රීඩාංගනයේදී ටෙස්ට් තරඟයක් අවසාන වරට පරාජය වී තිබුනේ 1994 වර්ෂයේදී ය. එය අලුත් කරමින් අද නිමාවට පත්වූ තරඟ 3කින් සමන්විත මයික්‍රොමැක්ස් ටෙස්ට් තරගාවලියේ අවසන් තරඟය ඉන්දීය පිළ ජයගත්තේ කඩුලු 5ක් අතැතිව ය..  
                                                                         ලකුණු පුවරුව
 අවසන් තරඟයේ 4වැනි දිනයේ අවසාන වන විට තරඟයේ වැඩි වාසි අත්කරගෙන තිබුනේ ශ්‍රී ලංකා පිල යි. ඉන්දීය පිලේ මුල් කඩුළු 3ම ලකුනු 53කට දවාගෙන දසක් බලාපොරොත්තු පොදි බැඳගෙන පිටියට පිවිසි ලංකා කණ්ඩායම සිය බලාපොරොත්තු වැඩි කරගනිමින් රාත්‍රී පිතිකරුවා වූ ශර්මා උදෑසනම ක්‍රීඩාගාරයට හරවා යැවී ය.
නමුත් සචින් තෙන්ඩුල්කාර් ලබාදුන් උඩපන්දුවක් ඩිල්ෂාන් අතින් ගිලිහී යාමත් සමඟම ශ්‍රීලාංකීය බලාපොරොත්තු සුන් කරමින් ලක්ෂ්මන් සමඟ දැවැන්ත සබඳතාවයක් පැවැත් වූ සචින් ලකුනු 54ක් ලබා සිටියදී රන්දිව්ගේ පන්දුවකට ප්‍රසන්න අතට උඩපන්දුවක් ලබා දී දැවී ගියේ ය. ඒ සමඟම නැවතත් තරඟයට අවතීර්ණ වූ ශ්‍රීලංකා කණ්ඩායමට එය දිගටම පවත්වාගෙන යාමට ඉඩක් නොලැබිණි. 

රයිනා ලකුනු නොලබා සිටියදී මාලිංගගේ පන්ශුවකට මහේල අතට ලබාදුන් උඩපන්දුවක් ද ගිලිහිණි.එයින් උපරිම ප්‍රයෝජන නෙලාගත් රයිනා ලක්ෂ්මන් සමඟ නොබැඳුනු සබඳතාවයක් පවත්වාගනිමින් තරඟයේ ජයග්‍රහණය කරා ගෙන ගියේ ය.

ඉණිමේ එකම කඩුලු ලාබියා වූයේ තම 2වන ටෙස්ට් තරඟයට ක්‍රීඩා කල සුරාජ් රන්දිව් ය. ඔහු බිඳවැටුනු කඩුලු5ම දවාගැනීම සුවිශේෂී කඩ ඉමක් විය. තරඟය පුරාවට ශ්‍රීලංකා නායක කුමාර් සංගක්කාර ක්‍රියාකළ අන්දම බොහෝ දෙනාගේ අවදානයට ලක්විණි. එනම් දසක් බලාපොරොත්තු අතැතිව, ලකුණු 255ක්වැනි තරමක් අඩු ලකුනු සංඛ්යාවක ඉලක්කයක් ලබාදී තිබියදී අද දින පිටියට පිවිසි සංගක්කාර දිනය පුරාවට පන්දුයවන්නන් අනුයුක්ත කළ ආකාරය සහ පන්දු රකින්නන් යෙදවූ අන්දම ගැන ක්‍රීඩා විචාරකයන් මෙන්ම ක්‍රීඩා ලෝලීන් ද මදක් අසතුටෙන් සිටි බව කාටත් නොරහසකි.  

අවසන් ඉණිමේ තම අත්දැකීම් උපයෝගී කරගනිමින් විචක්ෂණ ඉණිමක් දියත් කළ වී.වී.එස්.ලක්ෂ්මන් ශතකයක් ලබාගෙන අවසන් තරඟයේ වීරයා සම්මානය ලබාගත් අතර තරඟයේ අලංකාරම ක්‍රීඩකයාට(most stylish player) හිමි යමහා යතුරුපැදිය  අජන්ත මෙන්ඩිස් ලබා ගැනීමට සමත් විය.


තරඟාවලියේ වීරයා සම්මානය සහ තරඟාවලියේ අලංකාරම ක්‍රීඩකයා සම්මානය හිමිකරගත් විරෙන්ද්‍ර ශෙවාග් ෆියැට් මෝටර් රියේ අසිරිය විඳගත් අයුරු ඡායාරූපයේ දිස්වෙ යි.  
    මේ අනුව , තරඟ සමන්විත මයික්‍රොමැක්ස් ටෙස්ට් තරඟාවලිය තරඟ 1 බැගින් ජයගත් දෙපිල සමශූරයන් ලෙස අදාළ කුසලානයට හිමිකම් කියූ හ.  

අද දින අමිහිරි අත්දැකීම අමතක කර , මීලඟ තුන්කොන් තරඟාවලියට සිංහයන්ට ශක්තියක් වෙමු.....!!  ජය ශ්‍රී..!!!

8/06/2010

එවන් ඉණිමක් කවදා දකින්නද නැවතත්.....!!!

වරෙක 87/7ක්ව දිස් වුණ ලකුනු පුවරුව ... ඉණිම අවසාන වූයේ 267ක් වශයෙනි.
මෙය ඇදහිය නොහැකි දෙයකි...!!

                සංගක්කාර,මහේල,ඩිල්ශාන්,මැතිව්ස් වැනි ප්‍රවීණ ක්‍රීඩකයන් ඉන්දීය දඟ පන්දු යවන්නන් හමුවේ අන්ත අසරණ වෙද්දී , තිලාන් සමඟ එක්වූ මාලිංග තරමක උත්සාහයක් දරා ලකුනු පුවරුවේ අංක 3ක සංඛ්ය්‍යාවක් කරා ගෙන ගියේ ය.

             පසුව පිටියට පැමිණි අජන්ත මෙන්ඩිස් කවුරුත් නොසිතූ, නොපිරූ ලෙස තම පිත්ත ක්‍රියාත්මක කරමින් සමරවීර(83)ට අනෙගි සහායක් ලබා දෙමින් ලකුනු 78ක් ලබා ගත්තේ ය . එය ඔහු තම ජීවිත කාලය පුරාවටම ලබාඅගත් වැඩිම ලකුනු සංඛ්‍යාව වීම නිසා ඔහුගේ ප්‍රීතිය ඉහ වහා ගොස් තිබිණ.

ඉතා කලකිරීමෙන් සිරි ශ්‍රීලාංකීය ක්‍රිකට් ලෝලීන් අමන්දානන්දයට පත් කරමින් දියත් කෙරුනු මෙන්ඩිස්-තිලාන් සුසංයෝගය සංගක්කරට ලබාදුන් පන්නරය කිසිදිනක කාහටත් අමතක නොවෙනු ඇත.

   එසේ 267ක් ලෙස ලබාදුන් විස්මයජනක ලකුනුසංඛ්‍යාව හඹායාමට පැමිනි ඉන්දියානුවන්ගෙන් 3දෙනෙකු ක්‍රීඩාගරයට හරවා යැවීම සිදුකලේ රන්දිව් විසිනි....
හෙට තරඟයේ අවසාන දිනය වෙනු ඇත.

සියල්ල සිදුවීමට නියමිතව ඇත්තේ.. තවත් හෝරා කිහිපයකි.. ලංකා ක්‍රිකට් ඉතිහාසයට එක්වීමට ගිය කලු පැල්ලමක් සූක්ෂම ලෙස රන්මල්ලක් කල මෙන්ඩිස් ගෙන් කඩුලු කිහිපයකුත් බලාපොරොත්තු වෙමු....!!!!

ශ්‍රීලංකා කොල්ලෝ වසයි...!!! ජය ශ්‍රී..!!!


5/04/2010

DILSHAN

ඔබත් ලිපිලියන්නෙකු වන්නට කැමතිනම් ඔබේ විද්.ලිපිනය visiondecricket@gmail.com වෙත යොමුකරන්න

DIL SCOOP